ළමා නිවාසයේ පාලක පහර දෙන බව කියමින් දස හැවිරිදි දරුවා කළුතර බස් නැවතුමේ | Gossip lanka news Sinhala News Sinhala Cinema News

ළමා නිවාසයේ පාලක තැන පහර දෙන බව කියා ඉන් පැනවිත් කළුතර බස් නැවතුම්පළේ හඬමින් සිටි බව කියන 10 හැවිරිදි දරුවකු බස් රියැදුරකු විසින් ඊයේ (18) දකුණු කළුතර ‍පොලීසියට භාරදී ඇත. පාසල් නිල ඇඳුමෙන් සැරසී බස් නැවතුම්පළේ හඬමින් සිටි මෙම දරුවා බස් රියැදුරකු වූ කළුතර වි‍ලේගොඩ පදිංචි වඩුගේ තුෂාර සංජීව ප්‍රනාන්දු යන අය විසින් දකුණු කළුතර ‍පොලීසියට භාරදී තිබේ. මෙම දරුවා මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් බිමත්ව පැමිණෙන පියා මවට පහරදී කරදර කරන බැවින් මව එම දරුවාව මග්ගොන ප්‍රදේශයේ ළමා නිවාසයකට භාරදී ඇති බවත් ‍පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. ළමා නිවාසයේ පාලක තැනගේ පහරදීම් ඉවසාගත නොහැකිවූ මොහු ඊයේ (18) උදේ පාසල් යාමට පැමිණි අවස්ථාවේ කොළඹ බලා යන බස් රථයක් යැයි සිතා කළුතර බලා යන බස් රථයකට ගොඩවී ඇති බවත් කළුතර බස් නැවතුම්පළේ හඬමින් සිටියදී රියැදුරකු මොහු ‍පොලීසියට භාරදී ඇති බවත් දකුණු කළුතර ‍පොලීසිය කියයි. කළුතර මූලස්ථාන ‍පොලිස් පරීක්ෂක සම්පත් වෙදගේ මහතාගේ උපදෙස් මත කළුතර ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි මල්කා තුෂාරි සැරයන්වරුන් වන ලියනගේ (26166) සහ ආනන්ද (27186) යන මහත්වරු පරීක්ෂණ මෙහෙයවති.
 
Top