මම දේශපාලනයෙන් විශ‍්‍රාම ගන්නේ නෑ – අගමැති | Gossip lanka news Sinhala News Sinhala Cinema News

තමන් සක‍්‍රිය දේශපාලනයෙන් විශ‍්‍රාම ගැනීමට සූදානමක් නැතැයි අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා පවසයි.
ඒ මහතා මෙසේ පැවසුවේ ගම්පොල දොළුව ප්‍රාදේශීය සභා කමිටු රැස්වීමට අද පෙරවරුවේ සහභාගී වූ අවස්ථාවේය. දේශපාලනයෙන් විශ‍්‍රාම ගැනීමට සුදානම් වන බවට මාධ්‍ය වල පලවී ඇති වාර්තා සම්බන්ධයෙන් ගම්පොළ ආසනයේ ශ්‍රීලනිප ක්‍රියාකාරිකයකු කල විමසීමකදී ඔහු එසේ කියා ඇත.
එම කට කතාව පතුරුවා හරින්නේ ඌව පළාතේ ඇමතිවරයකු විසින් බව එහිදී ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ අගමැතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරියකු සඳහන් කර තිබේ.
දැනට 82 වැනි වියේ පසුවන අග‍්‍රාමාත්‍යවරයා පසුගිය කාලයේ පාර්ලිමේන්තුවෙන්ද නිවාඩු ලබා නේවාසික වෛද්‍ය ප‍්‍රතිකාර ලැබුවේ අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙනි.
 
Top