පන්නල බෝවත්ත සියඹලාගහමුල ප්‍රදේශයේදී ඊයේ (20 දා) උදේ 8.30 ට පමණ "නේවි සුදා" නමින් ප්රකටව සිටි පුද්ගලයකු කඩුවකින් කපා කොටා ඝාතනය කර ඇති බව පන්නල පොලිසිය කියයි.
පන්නල ඔඩිකෙයාමුල්ල ප්‍රදේශයේ පදිංචි ප්‍රියන්ත සුසිල් ප්‍රේමකුමාර හෙවත් නේවි සුදා නමැති 32 හැවිරිදි අය මෙසේ ඝාතනයට ලක්ව ඇති බව පොලිසිය පවසයි.
ඝාතනයට ලක් වූ පුද්ගලයා ප්‍රදේශයේ ජනතාවට හිරිහැර වන අයුරින් ජීවත් වූ අයකු බවත් චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් පැමිණිලි වරෙන්තු ලැබ සිටි අයකු බවත් පරීක්ෂණවලදී අනාවරණය වූ බව ද පොලිසිය පවසයි.
කුලියාපිටිය වැඩබලන මහෙස්ත්‍රාත් කැළුම් හෙට්ටිගේ මහතා ඝාතනය සිදු වූ ස්ථානයට පැමිණ මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකළ අතර ඝාතනය සිදුකළ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පන්නල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජූඩ් පෙරේරා මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක සිල්වා මහතා ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
Home
»
»Unlabelled
» 'නේවි සුදා' මරා දමයි