කුරුණෑගල චූල පත්මේන්ද්‍ර පැහැරගෙන මහමග දමයි | Gossip lanka news Sinhala News Sinhala Cinema News

කුරුණෑගල නව කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති ඩී. ඇම්. අජිත් චූල පත්මේන්ද්‍ර මහතා ඉකුත් 18 දා උදෑසන කුරුණෑගල නව බස්‌ නැවතුම්පළේදී කිසියම් පිරිසක්‌ විසින් පැහැරගෙන ගොස්‌ අත පය බැඳ දමා අඹේපුස්‌ස කුරුණෑගල පාරේ දමාගොස්‌ සිටියදී 20 දා අලුයම වරකාපොල පොලිසියට හමු වී තිබේ.

මෙම පැහැරගැනීමට ලක්‌ වූ පුද්ගලයා කුරුණෑගල බලල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකි. ඔහු මඟ නැඟුම සාකච්ඡාවකට සහභාගිවීම සඳහා නගරයට යැමට සිටියදී තිදෙනකු පැමිණ ඉන් එක්‌ අයකු ආරාධනා පත්‍රය ද පෙන්වා ඔවුන් ද එම සාකච්ඡාවට යන බව පවසමින් සුදු පැහැති වෑන් රථයකට අජිත් නමැති අය නංවාගෙන ඇත. අනතුරුව නාඳුනන පිරිස කිසියම් ප්‍රදේශයක පිහිටි නිවසකට තමන් කැඳවාගෙන ගිය බවත් තමන් නිෂ්පාදනය කරනු ලබන භාණ්‌ඩ වර්ගවල ප්‍රමිතිය පැහැදිලි කරදෙන ලෙස මරණීය තර්ජන කළ බවත් දිසානායක මහතා පොලිසිය හමුවේ කරන ලද පැමිණිල්ලක සඳහන්ව ඇත.

ඔහු නිෂ්පාදනය කරනු ලබන භාණ්‌ඩ වර්ගවල ප්‍රමිතිය පැහැදිලි කිරීමෙන් පසුව ඔහුගේ අතපය බැඳ දමා ඊයේ (20 වැනිදා) අලුයම 6.30 ට පමණ වරකාපොල අඹේපුස්‌ස කුරුණෑගල පාරේ අයිනකට දමා ගොස්‌ ඇත.

මෙසේ පැහැරගැනීමට ලක්‌ වූ දිසානායක මහතා 2008 වර්ෂයේ සිට 2012 වර්ෂය දක්‌වා නව නිපැයුම්කරුවකු වශයෙන් ජනාධිපති සම්මාන හිමිකර ගත් අයකු බව දැනගන්නට ඇත.

පිටස්‌තර පුද්ගලයකු විසින් වරකාපොල පොලිසියට අත්පා බැඳ දමා පාරේ දමා ගොස්‌ අයකු සිටින බව දුරකථනයෙන් දැනුම් දීමෙන් අනතුරුව වහාම ක්‍රියාත්මක වූ වරකාපොල පොලිසියේ නිලධාරීන් එතනට ගොස්‌ මොහු පොලිසියට රැගෙනවිත් තිබේ. ඉන් අනතුරුව වරකාපොල පොලිසිය මගින් වරකාපොල මූලික රෝහලට මොහු යොමුකර වෛද්‍ය වාර්තා ද ලබාගෙන ඇත.

කරුණු කෙසේ වුවද මෙසේ පැහැරගැනීමට ලක්‌ වූ දසනායක මහතා මෙම සිද්ධිය පිළිබඳව මාධ්‍යය හමුවේ කරුණු හෙළිකිරීම ප්‍රතික්‍ෂේප කර සිටියේය.
 
Top