Mahinda Rajapaksa orders to release all Indian fishermen | Gossip lanka news Sinhala News Sinhala Cinema News

 ශ‍්‍රී ලංකා ජනපති සහභාගිත්වය
අවලංගු කිරීමට ඉන්දීය දෙමළ
පක්ෂ කළ ඉල්ලීම භාරතීය
ජනතා පක්ෂය ප‍්‍රතික්ෂේප කරයි
ඉන්දීය නව අගමැතිට වටිනාම තෑග්ග ජනපති මහින්දගෙන්ත්‍ව

නරේන්ද්‍ර මෝඩි මහතාගේ දිවුරුම් දීමේ උත්සවය සඳහා සහභාගි වන ලෙස ශ‍්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කර ඇති ආරාධනය අවලංගු කරන්නැයි එරට දෙමළ පක්ෂ කිහිපයක් කළ ඉල්ලීම තරයේ ප‍්‍රතික්ෂේප කරන බව භාරතීය ජනතා පක්ෂය අවධාරණය කරයි.ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා මේ වෙනුවෙන් සහභාගි වන බවට නිල වශයෙන් දැනුම් දී තිබෙන බවද ඒ මහතා ඇතුළු කලාපීය රාජ්‍ය නායකයන්ට ආරාධනා කිරීම වැදගත් රාජ්‍යතාන්ත‍්‍රික පියවරක් බවද භාරතීය ජනතා පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශිකා නිර්මලා සීතාරාමන් මහත්මිය ප‍්‍රකාශ කරයි.

නවදිල්ලි නුවර දී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව ප‍්‍රකාශකර ඇතැයි වාර්තා වෙයි. එහි දී භාරතීය ජනතා පක්ෂයේ ප‍්‍රතිපත්තිය ද නිල වශයෙන් ප‍්‍රකාශයට පත්කර තිබේ.එහිදී වැඩිදුරටත් අඳහස් දක්වමින් එම ප‍්‍රකාශිකාව සඳහන්කර ඇත්තේ අසල්වැසි රටවල් සමඟ පවත්නා සබඳතා තවදුරටත් ශක්තිමත්කර ගැනීම තම පක්ෂයේ අපේක්ෂාව වී තිබෙන බවත් තමිල්නාඩු දෙමළ දේශාපලන පක්ෂ එම තත්ත්වය හොඳින් අවබෝධ කරගත යුතු බවත් ය.ඉන්දීය නව අගමැති නරේන්ද්‍ර මෝඩි මහතාගේ දිවුරුම් දීමේ අවස්ථාවට සහභාගි වන ලෙස උතුරු පළාත් ප‍්‍රධාන ඇමැති සී.වී විග්නේෂ්වරන් වෙත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ ආරාධනය ප‍්‍රතික්ෂේප කර තිබෙන අතර එය ඉන්දීය දේශපාලන පක්ෂ රැුසක දැඩි කතාබහට ලක්ව තිබෙන බව ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් ප‍්‍රසාද් කාරියවසම් මහතා පෙන්වා දෙයි.

උතුරේ මහ ඇමැතිවරයාගේ තීරණය සම්බන්ධයෙන් කනගාටුව පළකරන මහ කොමසාරිස්වරයා එම තීරණය පිළිබඳ ඉන්දීය දේශපාලඥයන් දැඩි කනස්සල්ලෙන් පසුවන බවද කියාසිටී.මේ අතර නරේන්ද්‍ර මෝඩි මහතාගේ දිවුරුම්දීමට සමගාමීව මෙරට අත්අඩංගුවේ රඳවාගෙන සිටින සියලූ‍ ඉන්දීය ධීවරයින් නිදහස් කරන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නියෝග කර ඇත. ශ‍‍්‍රී ලංකාව මඑ ඉන්දියාව අතර පවතින මිත‍්‍රත්ත්වය තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.

 
Top