Gayesha Speaks About Her Wedding | Gossip lanka news Sinhala News Sinhala Cinema News





ටෙලි නිළි ගයේෂා පෙරේරාගේත් ඇගේ දීර්ඝකාලීන පෙම්වතා හසන්ජිත්ගේත් විවාහය ළගදීම සිදුවන බව ගොසිප් ලංකා පසුගියදා වාර්තා කළා. විවාහයේ සූදානම ගැන අහන්න අපි ගයේෂාට කතා කළා.

හලෝ මේ ගොසිප් ලංකා එකෙන් ගයේෂා දැන් වෙඩින් එක කවද්ද?
අපේ වෙඩින් එක ලබන ජුනි පස්වෙනිදා තමයි තියෙන්නෙ. කොළඹ තැනකදී පොඩියට ගන්නවා. හෝම් කමින් එක තියෙන්නෙ 12 වෙනිදා.

ප‍්‍රමාද වෙලා කසාද බැන්දත් ඔය දෙන්නගේ ආදර සම්බන්ධයට ගොඩක් කල් නේද ? මොකද එහෙම වුනේ   
ඔව්..අවුරුදු හතරක් විතර වෙනවා. අපි ටිකක් කල් හිටියා හරි අවස්ථාව
උදා වෙනකන්. මොකද මගේ රූ රුජින තරග කලා කටයුතු දේශපාලන වැඩ ගොඩක් තිබ්බානේ...අනික අපි දෙන්නට දෙන්නා ගොඩක් අ`දුරගන්න කාලයක්  ඕන නේද. අනික ලෝක ප‍්‍රසිද්ධ නළු නිළියොත්  අවුරුදු නමය දහය අශ‍්‍රය කරලා තමයි බදින්නේ නේද....

ඔයාලා නිර්මාංශික විදිහට උත්සයවය පවත්වන බවත් ආරංචි වුණා?

අනේ ඔව් මම පොඩි කාලේ ඉ`දලා මස් මාළු කන්නෑ ඉතිං මම හිතාගෙන හිටියේ කවදා හරි මම විවාහ වෙන දිනයටත් නිර්මාංශව ඉන්න. ඒක හින්දා ළ`ගම නැයන්ට කියලා පන්සලක

පොඩිවට උත්සවයක් ගන්නවා. දෙවැනි දවසට අපේ හිතවත් කලා කරුවන්ටයි ව්‍යාපාරික අයටයි කියලා පොඞ් පාටියක් ගන්නවා.

ජනාධිපති තුමාටයි නාමල් මන්ත‍්‍රී තුමාටයි ආරාධනා කළා කියලත් වාර්තා පළවුණා?
                  
ඔව් ඔව් ජනාධිපති මන්දිරයටම ගිහිල්ලා ආරාධනා කළා. එයිද දන්නෑ... අපිව වැදගත් නම් එයි නේද...

ඉතින් විවාහයෙන් පස්සේ පදිංචි වෙන්න යන්නෙ කොහෙද?
              
චාරිත‍්‍රානුකූලව ටික දවසක් මහත්තයගේ ගෙදර ඉ`දලා දෙහිවල පැත්තට වෙන්න අපේම තැනක් ගන්නවා තාවකාලිකව හරි.


දැන් ටෙලි නාට්‍යවල එහෙම වැඩිය පේන්නත් නෑ නේද
                  
පසුගිය දවස්වල මම ටිකක් කාර්යය බහුල වුණා දේශපාලන වැඩ හින්දා. ඉස්සරහට  ටෙලි නාට්‍යය හයක් විතර විකාශය වෙන්න තියනවා. තව ආරාධනා කිහිපයකුත් තියෙනවා නාට්‍යය කිහිපයකටම . ඒත් ඉතිං මම තෝරා ගත්ත නාට්‍ය වලට විතරයි යන්නේ.

තෝරගන්න නාට්‍ය කිව්වෙ?
               
ගොඩක් වෙලාවට දින තමයි තෝරගන්න අමාරු වෙලා තියෙන්නෙ. හැම අධ්‍යක්ෂකම මුලින්ම අහන්නේ දින ටික වෙන් කරගන්න පුලූවන්ද කියලා. පස්සේ පිටපත දෙනවා. ඒවගේ නිර්මාණාත්මක චරිතයක් මට කරන්න පුළුවන් නම් මම සහභාගී වෙනවා.


 විවාහයෙන් පස්සේ ර`ගපෑමෙන් ඉවත් වෙනවද?
                
 එහෙම තීරණයක් අරන් නැහැ. මම කලාවට ආදරෙයි. මට පුළුවන් කාලයක් කලාවේ ඉන්නවා. අපි දෙන්නම තීරණය කරලා ඉවරයි ඉස්සරහට මොනවද කරන්නේ කියලා.


ඉස්සරහට ආයෙත් ජන්දේ ඉල්ලනවද?

මගේ දේශපාලනයේ නැවතීමක් නැහැ. මගෙන් වෙන්න  ඕන සමාජ මෙහෙවර මම දිගටම කරගෙන යනවා. ඒ අතරම මම දේශපාලනය  ඉගෙන ගන්නවා. මම විශ්වාස කරනවා මාත් එක්ක පිරිසක් ඉන්නවා කියලා.  ඉතිං ලබා ගන්න දේශපාලන දැනුම හා අත් දැකීම් වලින් දුක් විදින කාන්තාවන්ට සමාජ මෙහෙවරක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉන්දියාවෙත් ළ`ගදි අවුරුදු විසි හයෙන් ඇමති කෙනෙක් වුණ කාන්තාවකුත් ඉන්නවා. ඒ වගේ මමත් දේශපාලනයෙන් ඉදිරියට එනවා.
 
Top