CID Probes Powerful Minister for Col. 7 House Grab English Edition | Gossip lanka news Sinhala News Sinhala Cinema News


කොළඹ 7 අනුන්ගේ නිවෙසට ඔප්පු හදපු
ප‍්‍රබල ඇමතිවරයා කවුද?

කොළඹ හතේ කුරුඳුවත්ත හේවා ඇවනිව් හි පිහිටි දෙමළ ජාතිකයකුට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා සුවිසල් නිවසක් සඳහා ව්‍යාජ ඔප්පු සකස් කර එය තමන් සන්තක කර ගත් බව කියන රජයේ ප‍්‍රබලම ඇමැතිවරයකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇතැයි අද දිවයින හා දි අයිලන්ඞ් පුවත්පත් වාර්තා කර තිබෙනවා.
එම පුවත්පත්වල නීතිමය කරුණු මත මෙම ප‍්‍රබල ඇමතිවරයාගේ නම හෙළි කර නැති අතර බැලූබැල්මට මේ කියා ඇත්තේ මුඛරි කතා නිසා නිතර කතාවෙන අකුරු දෙකකින් ප‍්‍රසිද්ධ ඇමතිවරයෙකු ගැන යයි අනුමාන කළ හැකිය.
පුවත්පතේ වැඩිදුරටත් සඳහන් වන ආකාරයට උසස් අධ්‍යාපන ආයතන
වෙත මෙම සුවිසල් නිවස පවරා ගන්නා මුවාවෙන් ඊට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර ඇති බව කියන අදාළ ඇමැතිවරයා දැන් එය තමන් සන්තක කර ගෙන ඇති බව වාර්තා කර තිබෙනවා.

මෙම සුවිසල් නිවස අයත්ව තිබී ඇත්තේ කුරුඳුවත්තේ පදිංචිව සිටි නඩරාජා නමැති ධනවත් දෙමළ ජාතිකයකුටය. මීට කලකට උඩදී එම දෙමළ ජාතිකයා මියගොස් ඇත. පසුව මෙම නිවසේ අයිතිය පැවරී ඇත්තේ දැනට ජැමෙයිකාවේ වාසය කරන ශ‍්‍රී ලාංකිකයකු වන කථිකාචාර්යවරයකුට ය.

අදාළ නිවස උසස් අධ්‍යාපන ආයතනයකට පවරා ගන්නා මුවාවෙන් ඇමැතිවරයා සතු කර ගෙන ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (සීඅයිඞී එකට* පැමිණිල්ලක් ලැබී ඇත්තේ මීට දින කීපයකට උඩදීය.

මෙම සුවිසල් නිවසේ තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා භාණ්ඩ තොගයක් ද මේ වන විට අදාළ ඇමැතිවරයා සහ ඔහුගේ ගෝල බාලයන් විසින් හොර රහසේම රැුගෙන ගොස් ඇති බව ද වාර්තා වෙයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වාගෙන යයි.

-දිවයින පුවත් වාර්තාව -හේමන්ත රන්දුණු
 
Top