Children in Nilwala River Rescued by Army | Gossip lanka news Sinhala News Sinhala Cinema News

දරුවන් ග`ගට වීසි කර ඇත්තේ අනියම් ඇසුරක් ගැන පවුල් ආරවුලකට

 දෙහැවිරිදි හා සිවුහැවිරිදි දියණියන් දෙදෙනකු නිල්වලා ග`ගට විසිකර පළාගිය පාපතර පියාගේ සිද්ධිය අනියම් සම්බන්ධතාවක් මත ඇතිවූ පවුල් ආරවුලක ප‍්‍රතිඵලයක් බව මේ වනවිට සිදු කර ඇති පරීක්ෂණ වලදී අනාවරණය වෙනවා.

සැකකාර පියා ඔහුගේ බිරිඳගේ නැ`ගනිය සමග අනියම් සම්බන්ධතාවක් පවත්වන බව කියමින් මෙම පවුලේ නිතර ආරවුල් ඇති වී තිබුණා. බේබදු සැමියෙකු බව කියන ඔහු බිරියටත් සම්බන්ධතා ඇතැයි කියමින් රණ්ඩු සරුවල් කර තිබුණා.
පෙරේදා රාත‍්‍රියේ ද මෙම නිවසේ ගැටුමක් හටගෙන ඇති බවත් සැකකරු තම බිරිඳට අමානුෂික ලෙස පහරදී තිබූ බවත් පරීක්ෂණ වලදී හෙළිවී තිබෙනවා.
මාතර මහානාම පාලම අසලින් මෙසේ ග`ගට විසිකර ඇත්තේ මාතර රත්මලේ ප‍්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු දෙකක් වයසැති ගිහංදිකා කාවින්දි සහ අවුරුදු හතරක් වයසැති චතුනිකා දිනේෂි නමැති ¥වරුන්ය.
නිල්වලා ගෙ`ග් දියේ ගිලෙමින් සිටි මේ දරු දෙදෙනාගේ ජීවිත බේරා ගැනීමට ඒ ආසන්නයේ පිහිටි මාතර තුන්වැනි ගැමුණු හේවා බළකායේ සෙබළු පිරිසක් සමත් වුණා.
දරුවන් දෙදෙනා ප‍්‍රතිකාර සඳහා මාතර මහ
රෝහලට ඇතුළත් කොට ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවුවත්, ඔවුන් දැඩි කම්පන තත්ත්වයකින් පසුවන බව පොලිසිය කියයි. මාතර මහ රෝහලේ ප‍්‍රතිකාර ලබන දරුවන් දෙදෙනාට මාතර රෝහලේ කාර්ය මණ්ඩලය ආහාරපාන ලබා දෙමින් සෙනෙහසින් ප‍්‍රතිකාර කටයුතු සිදු කරන ආකාරය එහි ගිය මාධ්‍යවේදීන්ට දැක ගැනීමට හැකි වුණා.
දිවි බේරා ගත් දරුවන් දෙදෙනා පවසන අන්දමට පවුල් ආරවුලක් මත මේ සිද්ධිය සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වනවා.
මෙම පවුලේ 12 හැවිරිදි තවත් වැඩිමහල් දරුවෙකුද සිටිනවා. ග`ගට විසිකර තිබුනේ 4 හැවිරිදි හා 2 හැවිරිදි වියේ දැරියන්ය.
මේ සිද්ධිය සිදුවන විට මේ පවුලේ වැඩිමහල් පිරිමි දරුවා දික්වැල්ල උතුර මහා විද්‍යාලයේ අධ්‍යාපනය කටයුතු සඳහා ගොස් සිටියා.
මේ දරුවන්ගේ පියා එම ග`ගටම පැන දිවිනසා ගත්තේද නැතහොත් ඔහු දරුවන් ග`ගට දමා පලා ගොස් ඇත්ද යන්න පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන අතර සාක්ෂි මගින් කියැවුනේ ඔහු මාතර නගරය දෙසට යනු දුටු අය සිටින බවයි.
මේ දරුවන් දෙදෙනාගේ මව වන කංකානම්ගේ චමිලා කුමාරි (32* නමැත්තිය මේ වනවිට පොලිස් අත්ඩංගුවට පත්ව සිටිනවා.
සැමියා ඇය සමග නිතර නිතර නැගණියගේ සම්බන්ධය පවසමින් රණ්ඩු වන නිසා ඇය ඒ පිළිබඳ පසුගිය 21 වැනිදා දික්වැල්ල පොලිසියට පැමිණිල්ලක් කළ බව කිව්වා. එම පැමිණිල්ල විභාගයට ගැනීම අපේ‍්‍රල් 27 වැනිදාට නියමිතව තිබූ බැවින් තම සැමියා මේ දරුවන් දෙදෙනා පුංචි අම්මාගේ නිවෙසේ නතරකොට පොලිසියට පැමිණෙන බව පවසා මේ දරුවන් දෙදෙනා සමග නිවෙසින් බැහැරව ගොස් ඇත.
මෙම සිද්ධිය සිදුව ඇත්තේ එම අවස්ථාවේය. දරුවන් නතර කොට ඔහු පොලිසි ඒවි යයි සිතා බිරිය ඔහු එනතුරු සවස්වනතුරු පොලිසිය අසළ සිටි බවත් සිද්ධවූ අනතුර ඇයට පොලිසිය පැමිණ දැන්වූ බවත් වාර්තා වුණා.
දියණියන් විසි කළ පියා වන චන්දන සමන් කුමාර දික්වැල්ල ප‍්‍රදේශයේ කරණවෑමියකු ලෙස සේවය කරන අයකු බව ‍පොලිසිය කියයි.
තමා වෙනත් පිරිමියකු සමග සම්බන්ධයක් පවත්වන බවට සැමියා නිරතුරු රණ්ඩු කරන බවත්, එය ඉවසාගත නොහැකිව දික්වැල්ල ‍පොලිසියට ඉකුත් 21 දා පැමිණිලි කළ
බවත්, එම පැමිණිල්ල විභාග කිරීමට අද (24* පැමිණෙන ලෙසට ‍පොලිසිය දන්වා තිබූ බව දැරියන් දෙදෙනාගේ මව මාතර ‍පොලිසියට කියා සිටියා.
මගේ සැමියා ශාස්ත‍්‍රයක් අහන්න ගිය වෙලාවේ කියලා මම වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. ඊට පස්සේ නිතර මට ගහන්න බණින්න කරදර කරන්න පටන් ගත්තා යැයි දැරියන් දෙදෙනාගේ මව වන චමිලා කුමාරි (32* කියා සිටියාය. ඇය මෙසේද පැවසුවා.
අපිට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. ලොකු දරුවාට අවුරුදු 11යි. දික්වැල්ල විජිත විද්‍යාලයේ 7ශේණියේ දරුවා ඉගෙන ගන්නවා. වැඩිමල් දියණිය චතුරිකා දිනේෂි පෙර පාසලකට යනවා. කුඩා දරුවාට වයස අවුරුදු 2යි. විහන්සි සවින්දි ඇය ගෙදර ඉන්නේ.
මගේ සැමියා දික්වැල්‍ලේ සැලූන් එකක වැඩ කළේ. ඔහු මත්පැන් පානයට ඇබ්බැහි වූවෙක්. නිතර මත්පැන් පානය ගෙදර රණ්ඩු වෙනවා. මේ අතරේ ඔහු කිව්වා ශාස්ත‍්‍රයක් අහන්න ගිය වෙලාවේ කිව්වලූ මම වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. මම මොන තරම් කිව්වත් නැතැයි කියලා ඔහු පිළිගත්තේ නෑ. මට නිතර ගහන්න බණින්න කරදර කරන්න පටන් ගත්තා.
දරුවන්ගේ පියා වෘත්තියෙන් කරණවෑමියෙකි. සැකකරු මාතර රත්මලේ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහුගේ බිරිඳගේ නැගනිය එම නිවසේ නතර වීමට පටන්ගෙන ඇත්තේ මීට ටික කලකට උඩදීය. විවිධ පුද්ගලයන් සමග සම්බන්ධතා පවත්වන බව කියමින් සැකකරු බිරිඳ සමග ආරවුල් ඇතිකර ගනිද්දී නැගණියගේ සම්බන්ධතා කියා සැමියාටත් ඇය සමග සම්බන්ධයක් ඇති බව බිරිය තර්ක කර තිබුණා.ආරවුල් දුරදිග ගොස් ඇත්තේ මේ නිසාය.
දරුවන් දෙදෙනා නිල්වලා ග`ගට දැමූ සැකකාර පියා සොයා පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇත.
සි`ගිති දියණියන් දෙදෙනා නිල්වලා ගෙ`ග් ගසාගෙන යද්දී දිවි නොතකා ග`ගට පැන පිහිනා ගිය හමුදා නිලධාරීන් සිව්දෙනා මාතර ගැමුණු හේවා කඳවුරේ රාජකාරි කරමින් සිටි ලාන්ස් කෝප‍්‍රල් මානගේ, සාමාන්‍ය සෙබළ කේ. පුෂ්පකුමාර, ඒ. ද සිල්වා සහ කේ. එල්. සී. මධුසංක යන අයයි.
 
Top