ගැළපෙන කෙනා මුණගැහෙන කල් මගේ විවාහය ප‍්‍රමාදයි | Gossip lanka news Sinhala News Sinhala Cinema News



ශලනි තාරකා

මේ දිනවල විකාශය වන පුංචි වලව්වේ විහාරාගේ චරිතය හා සඳපානාගල හි නෙලූම් ගේ චරිතයට පණ පොවමින් කාගෙත් සිත්වල ලැගුම් ගෙන සිටින මේ තාරකාව ඔබ අප කවුරුත් හොඳින් දන්නා හඳුනන ශලනි තාරකා ය.

- ශලනි, මොනවද මේ දවස්වල අලූත් තොරතුරු?

මේ දවස් වල නම් පුංචි වලව්ව ටෙලි නාට්‍යයේ ෂූටින් කරගෙන යනවා.

- විවිධ චරිත ඔස්සේ ඔබ මේ දිනවල දකින්න ලැබෙනවා. ඉන් ඔබේ සිත් ගත් චරිතයක් තියෙනවාද?

හඳපානාගල ටෙලි නාට්‍යයේ නෙලූම් ගේ චරිතයට මම ටිකක් කැමැතියි. නමුත් මේ දවස් වල ගොඩක් ප‍්‍රතිචාර ලැබෙන්නේ පුංචි වලව්වේ විහාරාට.

- විහාරාව ඔබ දකින්නේ කොහොමද?

ඇය මම දකින විදිහට නම් මාන්නෙන් ඉදිමෙච්ච වලව් පැලැන්තියේ පවුලක ඉපදුණු නමුත් පවුලේ තිබෙන අ`ගහි`ගකම් නිසා එය පිටට නොපෙන්වා ජිවිතය ගැටගහ ගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න උත්සාහ කරන තරුණියක්.

- එක දිගට ඔබේ රංගනය දැකීමෙන් පේ‍්‍රක්ෂකයාට ඔබව එපා වෙයි කියලා හිතෙන්නේ නැද්ද?

ඒක මට විතරක් නෙමෙයි  ඕනෑම නළු නිළියෙකුට පොදු දෙයක්. සිනමාවේ හෝ පුංචි තිරයේ එක දිගට බැබළෙන්න පුළුවන් යම්කිසි කාල සීමාවක් තියෙනවා. ඒ කාලෙන් පස්සේ රැුෙක්‍ෂනවා නම් රැුෙක්‍ෂන්නේ ඔවුන්ගේ දක්ෂතාව මතයි. තමන්ගේ දක්ෂතා සහ හැකියාව පෙන්වන්න පුළුවන් නිර්මාණ අතරින් ආවොත් ඒ කෙනාව හැමදාම මතක තියෙයි. නමුත් තව කෙනෙක් එතැනට එද්දී කලින් කෙනාගේ ජනප‍්‍රියත්වය ටික ටික හෝ සම්පුර්ණයෙන් නැති වෙලා යන්න පුළුවන්. දක්ෂතාව තියෙනවනම් ඉදිරියේදී රැුෙක්‍ෂන්න පුළුවන්.

- මෙගා ටෙලිනාට්‍යවල නැවත ර`ගනොපාන බව කියපු ශලනි ආයෙත් මෙගාවලට සම්බන්ධ වෙලානේ?

මම කිව්වේ කොටස් සියයට වැඩි මෙගා ටෙලිනාට්‍ය වලට මම සම්බන්ධ වෙන්නේ නැහැ කියලයි.

- ක්ෂේත‍්‍රයේ ශලනිට හොඳ යාළුවො ඉන්නවා කියන්නේ ඇත්තද?

ක්ෂේත‍්‍රයේ හැමෝම යාළුයි. මම දැනුවත්ව නම් මට තරහකාරයෝ නැහැ. සමහර විට මගේ මුහුණට හොඳට හිනා වෙලා මාත් එක්ක තරහ අය නම් ඇති. නමුත් ක්ෂේත‍්‍රයේ හැමෝම සාමාන්‍ය විදිහට සුහදව ආශ‍්‍රය කරනවා.

- ඔබ රංගන ශිල්පිනියක් විදිහට සාර්ථක වුණාට නිවේදිකාවක් විදිහට නම් අසාර්ථකයි නේද?

නිවේදිකාවක් නොවන නිසා නිවේදිකාවක් විදිහට මට සාර්ථක වෙන්න විදිහක් නැහැනේ.

නමුත් ඔබ නිවේදිකාවක් විදිහට එක්තරා වැඩසටහනක් මෙහෙයවනවා?

ඒ වැඩසටහන ඉදිරිපත් කිරීමේදි එය ඉදිරිපත් කිරීමක් මිස එය නිවේදන කටයුත්තක් විදිහට මම කිසිම වෙලාවක ගන්නේ නැහැ. මම වැඩසටහනක් ඉදිරිපත් කරන කෙනෙක් මිසක් කිසිම චැනල් එකක නිවේදිකාවක් නෙමෙයි. නමුත් යම්කිසි පේ‍්‍රක්ෂක පිරිසකගෙන් ඒ වැඩසටහන වෙනුවෙන් ලැබෙන ප‍්‍රතිචාර මට හොඳටම ඇති. මම වෘත්තීමය නිවේදිකාවක් නොවෙන නිසා නිවේදිකාවක් ලෙස සාර්ථක වීමේ වුවමනාවක් මට නැහැ.

- තමන්ගේම ව්‍යාපාරයක් ඇරඹීමේ අදහසට මොකද වුණේ?

මේ ක්ෂේත‍්‍රයට එන්න කලින් ඉඳන්ම මට වුවමනාවක් තිබුණා මගේම කියලා ව්‍යාපාරයක් අරඹන්න. කොහොමටත් ඔ-ිස් එකකට කොටු වෙලා පුටුවක් උඩ ඉඳගෙන කරන ජොබ් එකකට මගේ කැමැත්තක් තිබුණේම නැහැ. පොඩි කාලේ ඉඳන්ම වුවමනාව වුණේ ව්‍යාපාරික කතක් වෙන්න. ඒ නිසා ඉදිරියේදී අනිවාර්යයෙන්ම එවැනි දේකට යොමු වෙයි. ක්ෂේත‍්‍රයට එද්දිම මගේ තීරණය වුණේ වෘත්තිමය නිළියක් වශයෙන් හැමදාම රැුෙක්‍ෂන්නේ නැහැ කියලයි. ඒ නිසා අනිවාර්යයෙන්ම ව්‍යාපාරයක් ආරම්භ කරයි. හැබැයි ඒ හෙටද අනිද්දද කියලා නම් කියන්න බැහැ.

- ජනප‍්‍රිය වෙන්න වෙන්න ඔබ ආඩම්බරයි කියන්නේ ඇත්තද?

මාව හොඳටම දන්න කට්ටිය මේ කාරණය හොඳට දන්න නිසා උත්තර දීලා වැඩක් නැහැ. ඒ විදිහට කවුරු හරි හිතනවා නම් ඒ අයගේ මානසිකත්වය මට වෙනස් කරන්න බැහැ.

- හිතේ ඉන්න කෙනා නොලැබුණොත් විවාහ වෙන්නේ නැහැයිලූ නේද?

ඔව් අනිවාර්යයෙන්ම. විවාහ වෙලා දික්කසාද වෙන්න මට වුවමනාවක් නැහැ. මට ගැළපෙන මා එක්ක ජීවත්වෙන්න පුළුවන් සහ මට අවංකව ඉන්න කෙනෙක් හම්බෙන තාක්කල් මගේ විවාහය ප‍්‍රමාද වෙයි.

- ඒ කියන්නේ හිතේ ඉන්න කෙනා තාම මුණගැහිලා නැහැ?

තාම හම්බවුණේ නැහැ.

ටානියා මෝසස්

ඡුායාරූප - ඉන්දික මල්ලවාරච්චි




 
Top