sinhala hot gossip news gossip 9 lanka news, sinhala hot gossip , sri lanka gossip e gossip news 9
පබා දැන් ගැබිණියක්
නිළියක් හා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක් වන උපේක්ෂා ස්වර්ණමාලි (පබා* ගැබ්ගෙන ඇති බවට මේදිනවල ක්ෂේත‍්‍රයේ රාවයක් පැතිර ගොස් තිබේ. අප මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී උපේක්ෂා ගැබ්ගෙන ඇත්තේ කැලූම් පාලිත මහීරත්නගේ වැඩක් නිසා බව හෙළිකර ගැනීමට හැකි විය.
කෙසේවුවද උපේක්ෂා මෙසේ ගැබ්ගෙන ඇත්තේ ඇත්තටම නොවන බවත්, එය කැලූම්ගේ අලූත්ම ටෙලිය වන ‘‘ස්නේහා‘‘ හි චරිත රංගනය වෙනුවෙන් කරන රංගනයක් බවද හෙළිවිය.
ඇය මෙසේ දිර්ඝ ටෙලියකට එක්වන දෙවැනි අවස්ථාව මෙය වේ. එහි පබා ස්නේහා වෙද්දී උද්ධික පේ‍්‍රමරත්න ආදිත්‍ය ලෙස චරිත මවති. පියවරු දෙදෙනෙකු වසර විස්සකට පෙර සිය දියණිය හා පුතා විවාහ කිරීමට ගිවිස ගැනීමේ සිද්ධියකින් 20 වසරකට පසුව සිදුවන සිද්ධි දාමයක් අලලා මේ ටෙලිය නිර්මාණය කර ඇත.
අසංක සායක්කාර විසින් මෙහි පිටපත ලියා තිබේ. ටෙලියේ සංගීතය සුරේෂ් මාලියද්ද විසින් සිදුකර ඇති අතර ටෙලියේ අධ්‍යක්ෂ කැලූම් පාලිත මහීරත්න ලියූ ගීතයක් මෙහි තේමා ගීය ලෙස යොදාගෙන ඇත. අමල් පෙරේරා විසින් මේ ගීතය ගායනා කරනු ලබයි.
ශ‍්‍රීමාල් වෙඩිසිංහ, අන්ජුලා රාජපක්ෂ, වීණා ජයකොඩි, සම්පත් තෙන්නකොන්, ගීතා කාන්ති ජයකොඩි, ශිරෝෂි රොමේෂිකා, ඉෂාන් මෙන්ඩිස් හා චන්දික නානයක්කාර මෙහි චරිත මවන සෙසු නළු නිළියෝ වෙති. මේ ටෙලිය සතියේ දින පහේම රාත‍්‍රී 7.30 ට හිරු ටීවී ඔස්සේ විකාශය වේ.
