sinhala hot gossip news gossip 9 lanka news, sinhala hot gossip , sri lanka gossip e gossip news 9
ලංඩන් පෙන්නා උතුරේ කත කෝටි එකහමාරක් ගරලා
ලංඩනයේ රැුකියා සඳහා යවනවා කියා පුද්ගලයින් 17 දෙනෙකුගෙන් රුපියල් එක්කෝටි 58 ලක්ෂයක් වංචා කළ මවක හා දියණියක යාපනය පොලීසිය විසින් අද :20* අත්අඩංගුවට ගෙන තිබේපේදුරුතුඩුව ප‍්‍රදේශයේ පදිංචි වයස්ගත කාන්තාවක් සම්බන්ධ කරගනිමින් මෙම සිද්ධියේ ප‍්‍රධාන සැකකාරිය මෙම මූල්‍ය වංචාව සිදුකර ඇති බව ප‍්‍රශ්න කිරීමේදී හෙළිව ඇත
පේදුරුතුඩුවේ පදිංචි වයස්ගත කත දරුවන් සිව්දෙනෙකු රැුක බලාගනිමින් සිට ඇති අතර එම දරුවන් බලා ගැනීමට වෙහෙසිය යුතු නැතැයි පවසා ඔවුන් ආරක්ෂිතව ලංඩනයට යැවිය හැකි බව සැකකාරිය පවසා තිබේ
ඇය එසේ පවසා ඇත්තේ තමන් ඉකුත් උතුරු පළාත් සභාවට තරඟ කළ අපේක්ෂිකාවක් බවද කියමිනි
ඒ අනූව ඇය තවත් කිහිප දෙනෙකු සමග අදාළ වයස්ගත කාන්තාවගේ නිවසටම ගොස් මේ බව පවසා තිබේ
අනතුරුව මේ ගැන දිගින් දිගටම පවසා වයස්ගත කතගේ විශ්වාසය දිනා ගැනීමෙන් පසුව සැකකාරිය වැඩිදුරටත් අදාළ එම කාන්තාවට පවසා ඇත්තේ ලංඩනයේ රැුකියා සඳහා පිටත්කර යැවීමට වැඩිහිටි පුද්ගලයින් අවශ්‍ය බැවින් තමාට සොයාදෙන ලෙසයි
ඒ අනූව වයස්ගත කාන්තාව එය විශ්වාසයේ තබාගෙන සොයාදුන් පවුල් 6ක පුද්ගලයින් 17 දෙනෙකුගෙන් කෝටි එකහමාරකට අධික මුදලක් වංචනික ලෙස ලබාගෙන ඇත
ලංඩන් ගමන පමාදවන බැවින් මුදල් දුන් පුද්ගලයින් සැකකාරියගේ නිවස ද වටලා ඇති අතර අනතුරුව පොලීසිය මැදිහත්වී ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවරගෙන තිබේ
ප‍්‍රශ්න කිරීමෙන් පසු සැකකාරියගේ දියණිය මුදාහැර ඇත
