හදිසි හෘදයාබාධයෙන් මියගිය ගම්පහ ව්‍යාපාරිකයා | Gossip lanka news Sinhala News Sinhala Cinema News

ලංකාව පරදිනවට 40000 ක් ඔට්ටු ඇල්ලු කුමාර
2011 දී ලංකාව දිනාවි යයි කියලා
ලක්ෂ එකහමාරක් පැරදිලා



විස්සයි 20 ලෝක කුසලානය ශ්‍රී ලංකාව ජයගත්දාට පසුදා ඇසුණ කණගාටුදායි ආරංචියක් වූයේ ගම්පහ ප්‍රදේශයේ සුළු පළතුරු ව්‍යාපාරිකයෙකු ලංකාව පරදින බවට රේස් ඔට්ටුවක් තබා එයින් පරාජයවී හදිසි හෘදයාබාධයකින් මරු දුටු පුවතයි.
මෙසේ මියගියේ 52 හැවිරිදි වියේ පසුවූ සන්දගම් පිච්චෙයි කුමාර් නමැති ද්‍රවිඩ ජාතිකයෙකි.


ඔහු 2011 වසරේ ලෝක කුසලානය ලංකාව දිනන බවට ඔට්ටු අල්ලා ඉන්දියාව දිනූ නිසා ලක්ෂ එකහමාරක් පරාදවූ පුද්ගලයෙකි.


එදායින් පසු කිසි දිනෙක ලංකාව දිනන බවට ඔහු ඔට්ටු ඇල්ලූවේ නැති බව ඔහුගේ දෙවන බිරිය පැවසුවා.රේස් බයි රේස් සඳහා ඇබ්බැහිවී සිටි ඔහු මෙවර ලංකාව පරාජය කොට ඉන්දියාව දිනන බවට රුපියල් 40000 කට ඔට්ටු ඇල්ලු අතර තරගයේ වීරයා වනු ඇත්තේ මහේල බවට තවත් ඔට්ටුවක්ද අල්ලා තිබුණා.
නමුත් ඒ අපූරු රාත්‍රියේදී ඔහු ඔට්ටු දෙකම පරාජයවීමත් සමග හීන් දාඩිය දැම්මා.
ඉතාමත් සුළු මට්ටමේ පළතුරු ව්‍යාපාරයක් කරගෙන ජීවත්වූ ඔහුට මෙම මුදල පරාජයවීම දරාගත නොහැකි ගණනක් වූ අතර ඔහු සිතා සිටියේ ඔට්ටුව දිනා තවත් දියුණු වන්නටය. අනපේකෂිත පරාජය නිසා ඔහු තරග ප්‍රතිඵල නරඹමින් සිටි රේස් බයි රේස් ආයතනයේදීම සිහි මුර්ජාවී මේසයක් මත ඔලූව ඔබා සිටියදී නිවසට ආ පණිවිඩයකින් පසු ඔහුගේ බිරිය පැමිණ ඔහු රෝහලට ගෙනගියත් ඔහු ඒ වනවිටත් හෘදයාබාධය නිසා මියගොස් සිටියා.


ඔහුගේ බිරිය සාක්කි දෙමින් පැවැසුවේ මීට පෙර ඔහුට රෝගයක් නොතිබුණු බවයි. ඔහු මෙම රේස් ඔට්ටුව ගැන අසීමිත බලාපොරොත්තු තබා සිටි බවද ඇය කියා සිටියා.


හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් මිය ගිය අයගේ දෙවැනි බිරිඳ වන කේ. ඒ. එස්. නිරෝෂනී කස්තුරිආරච්චි (අවු 28) මහත්මිය කියා සිටියේ ඇය මියගිය අයගේ දෙවැනි බිරිය බවත් මින් පෙර ද්‍රවිඩ කාන්තාවක හා ඔහු විවාහවී දරුවෙකු සිටින බවත් එම දරුවා රැකබලාගත්තේද තමන් බවත්ය.
ඇය වැඩිදුරටත් මෙසේ කිව්වා.zමා සහ මියගිය කුමාර් අංක 30 ජාඇල පාර, ගම්පහ යන ලිපිනයේ පලතුරු කඩයක් පවත්වාගෙන යමින් සිටිනවා. කුමාර්ගේ නීත්‍යානුකුල බිරිඳ ලෙච්චමි එයාටත් අපිට හැකි අයුරින් උපකාර කරනවා.


එයා 2011 දිත් ලෝක කුසලානෙට ලංකාව දිනයි කියලා ඔට්ටු ඇල්ලූවා. ඒකෙන් ලක්ෂ එකහමාරක් පැරදුණා. ඒක ලේසි වුනේ නෑ. එදා කලකිරුණාම එයා කිව්වා ආයෙ කවදාවත් ලංකාවට ඔට්ටු අල්ලන් නෑ කියලා.


ඉන්දියාවේ ක්‍රිකට් ටීම් එක ගැන සැමියා ලොකු බලාපොරොත්තුවක් තබා තිබුණා. ඒ නිසාම රේස් බයි එකේ ඉන්දීය ටීම් එක දිනන බවට තුණ්ඩුවක් දමා තිබුණා. ඒ බව මා දන්නවා. එයා මහේල මෑන් ඔෆ් ද මැච් වෙනව කියලත් ඔට්ටු දැම්මා.ශ්‍රී ලංකාව ලෝක කුසලානය දිනා ගැනීමෙන් පස්සෙ එයා රේස් බුකියේදී හිස පහත් කරගෙන සිටින බවට අයෙක් මට ඇවිත් කිව්වා. මම එතනට ගිහින් කුමාර්ට කතා කළත් ඔහු කතා කළේ නැහැ. ත්‍රීවීල් එකක දාගෙන ගම්පහ මහ රෝහලට රැගෙන ගියා. ඒ යනවිට කතා කළේ නැහැ. රෝහලට රැගෙන ගියාට පසු වෛද්‍යවරු කිව්වා පරික්ෂා කර කුමාර් මිය ගොස් ඇතැයි කියා. කුමාර්ට කවුරුත් තරහාකාරයෝ හිටියේ නැහැ. අහිංසක ඔහු මිය යන්න ඇත්තෙ හාට් ඇටෑක් එකකින් තමා.
ගම්පහ මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සම්පත් ජයවර්ධන මහතා මියගිය අයගේ මරණය සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මරණයට හේතුව හෘදයාබාධයක් බවට නිගමනය කර තිබිණි.
 
Top