නිවසට එල්ල වූ ප‍්‍රහාරය ගැන යුවරාජ්ගේ පියා කතා කරයි | Gossip lanka news Sinhala News Sinhala Cinema News

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය පරාජය වීමත් සමග යුවරාජ් සිංගේ චන්දිගාර් හි පිහිටි නිවසට ගල්මුල් ප‍්‍රහාර එල්ල වී තිබෙනවා. එ් බව සැලවීමත් සමග පොලීසිය පැමිණ කුපිත වී සිටි කී‍්‍රඩා ලෝලීන් එම ස්ථානයෙන් විසුරුවා හැර තිබෙනවා.

මේ පිළිබඳව අදහස් දැක්වූ යුවරාජ් සිං ගේ පියා යෝරාජ් සිං පවසා ඇත්තේ ශී‍්‍ර ලංකාව හමුවේ ඉන්දියාව ලද පරාජයේ වගකීම

සිය පුත‍්‍රයාගේ උරහිස් මත පමණක් පැටවීම සාධාරණ නොවන බවයි.

එන්.ඞී.ටී.වී. ප‍්‍රවෘත්ති සේවයට අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා තිබුණේ සිය පුත‍්‍රයා මෙන්ම ඉන්දීය කණ්ඩායමේ සෙසු කී‍්‍රඩකයන්ද එම පරාජයට වගකිව යුතු බවයි. ශී‍්‍ර ලංකාවේ පන්දුයැවීම හමුවේ විරාත් කෝලි පවා අවසන් පන්දුවාර කිහිපයේදී දැඩි පීඩනයකට ලක් වූ බවද ඔහු සිහිපත් කරනවා.
 
Top