තුවාලකරුවන් ගැන නොබලපු බොහෝ අය ජංගම දුරකථනවලින් සිද්ධිය වීඩියෝ කළා | Gossip lanka news Sinhala News Sinhala Cinema News

අනතුරට පත්වූ දුම්රියේ වෛද්‍ය අනුරුද්ධ පාදෙනියත් යයි

පොතුහැරදී අනතුරට පත්වූ දුම්රියේ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතාද ගමන් කරමින් සිට ඇත.

අනතුරින් ඔහුට තුවාල සිදුවී නැති අතර එම සිද්ධිය මෙසේ  විස්‌තර කළේය.

"අනතුර සිදුවූ සැණින් තුවාලකරුවන් රෝහල්ගත කරන්න ගමේ අය කටයුතු කළා. නමුත් තවත් පිරිසක්‌ ඔවුන් අත රැඳි ජංගම දුරකථනවල ඇති කැමරාවලින් සිද්ධිය වීඩියෝ කරනවා දුටුවා. පුදුම මිනිස්‌සු මෙවැනි අනතුරක්‌ සිදු වූ වෙලාවක කළ යුතු දේ නොකර වීඩියෝ කිරීම මොනතරම් අකාරුණිකද?

සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍ය පාදෙනිය මහතා මෙසේද කියා සිටියේය.


මම රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨයේ වැඩබලන පීඨාධිපති ලෙස සේවය කිරීමට යනවා. ඊයේ පාන්දර මමත්, ගයාන් ඒකනායක මහතාත් මෙම දුම්රියේ ගමන් කළා.

පොතුහැරදී එකපාරටම දුම්රිය මැදිරි දෙකක්‌ විශාල ශබ්ද නගිමින් උඩට විසිවුණා. අපිවත් විසිවෙලා වගේ ගියා. ඒත් අපි දෙදෙනාට කිසිම තුවාලයක්‌ වුණේ නැහැ.

මේ දුම්රිය අනතුරෙන් මගීන් බොහෝ දෙනකු තැන තැන වැටී සිටි අතර ඔවුන් නැගිටීමට උත්සාහ දැරුවා. බොහෝ දෙනකු තුවාලකරුවන් ඉවතට ගැනීමට උත්සාහ නොකර ඔවුන්ගේ ජංගම කැමරාවලින් එම දර්ශන ඡායාරූප ගැනීමට උත්සාහ දැරුවා. ඒත් ගමේ අහල පහල මිනිස්‌සු තුවාලකරුවන් රෝහල්වලට රැගෙන යන්නට උත්සාහ දැරුවා.
 
Top