මහජනතාවගේ ඊපීඑෆ් මුදලින් ටැබ්ලට් පරිගණක 400 ක් ගෙන්නලා | Gossip lanka news Sinhala News Sinhala Cinema News

සේවක අර්ථසාධක අරමුදල (ඊපීඑෆ්) ගැන පුද්ගලික අංශයේ රැකියාවල නියුතු සේවකයින් අතිමහත් බලාපොරොත්තු තබා ඇත. කවදා හෝ රැකියාවෙන් විශ්‍රාම යන දාට විශ්‍රාම වැටුප වෙනුවට ලැඛෙන්නට නියමිත ඊපීඑෆ් මුදල ගැන ඔවුන් නිතරම සිහින මවන්නේ මාස් පතා තම වැටුපෙන් කපන මුදලට අනාගතයේ සාධාරණයක් හිමිවනු ඇතැයි යන අපේක්ෂාවෙනි.
නමුත් මේ විශාල අරමුදල ගැන දැන් අහන්නට ලැඛෙන්නේ
සුබාරංචි නොවේ.

ඊපීඑෆ් අරමුදල පෞද්ගලික ආයතන 58ක කරන ලද ආයෝජනවලින් 2011 වසරේ එම අරමුදල ලබා ඇති පාඩුව බිලියන 11.7ක් බව

විගණකාධිපති එච්.ඒ.එස්. සමරවීර මහතා විසින් නිකුත් කරන ලද එම අරමුදලේ විගණන වාර්තාවක් හෙළි කර සිටියේ මෑතකය.

එම අරමුදලේ සාමාජිකයන් වන මිලියන 2.5ක සේවකයින්හට ලැඛෙන ප්‍රතිලාභ 2010 වසරට සාපේක්ෂව 2011 වසරේ සියයට 01කින් පහළයාමට මෙය හේතු වී ඇති බව පැවසුණා.
2010 වසරේ ගුවන්යානා සමාගමක කොටස් 1,863,676ක් මිලදී ගැනීම සඳහා කරන ලද රුපියල් මිලියන 500ක මුදලින් මේ දක්වා කිසිදු මුදලක් අයතර නැතැයිද 2007දී විදුලිබල සමාගමක ආයෝජනය කරන ලද මුදල්වලින්ද, 2011 වසරේ පාඩු ලබන මූල්‍ය සමාගමක කරන ලද ආයෝජනවලින්ද සේවක අර්ථසාධක අරමුදලට බලවත් ලෙස පාඩු සිදුවී ඇතැයි වාර්තා වුණා.

මෙසේ තිබියදී ඊ-රාජ්‍ය සේවයේ වැඩවලට යයි කියමින් පසුගියදා සේවක අර්ථසාධක අරමුදලින් රුපියල් මිලියන 40 ක් වැයකර ටැබ්ලට් පරිගණක 400 ක් මිලට ගෙන ඇතැයිද වාර්තා වුණා. මෙම මිලට ගැනීම රජයේ මිලට ගැනීම් පටිපාටියෙන් බැහැරව සිදු කරන ලද්දක් බවට වෘත්තීය සමිති දැන් චෝදනා කරනවා.

කම්කරු දෙපාර්තමේන්තුවේ හා කම්කරු අමාත්‍යංශයේ නිලධාරීන් මෙම මිලට ගැනීමට සම්බන්ධව සිටින අතර කිසිදු තාක්ෂණික උපදේශනයක් හෝ මෙය පරිහරණය සම්බන්ධ ජගත් කම්කරු සංවිධානය සැපයූ උපදෙසක් නැතිව මේවා ගෙන්වා දැනට ගාල්කර තිඛෙන බවත් තවත් මාස 3 කින් පමණ එම තොගයේ වගකීම් කල් ඉකුත්වනු ඇති බවත් වාර්තා වනවා.
 
Top