සිංහල හින්දු අළුත් අවුරුදු චාරිත්‍ර 2014 | Gossip lanka news Sinhala News Sinhala Cinema News

නව සඳ බැලීම
අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා අප්‍රේල් මස 04 වන සිකුරාදා දින ද, අභිනව සූර්ය වර්ෂය සඳහා මැයි මස 01 වන බ්‍රහස්පතින්දා දින ද නව සඳ බැලීම මැනවි.

පරණ අවුරුද්ද සඳහා ස්නානය
අප්‍රේල් මස 12 වන සෙනසුරාදා දින නුගපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.

අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 14 වන සඳුදා පූර්ව භාග 07.37 ට අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය
අප්‍රේල් මස 14 වන සඳුදා පූර්ව භාග 01.13 (අප්‍රේල් මස 14 වන සඳුදා ට එළිවන පාන්දර) සිට අප්‍රේල් මස 14 වන සඳුදා අපර භාග 02.01 දක්වා පූණ්‍ය කාලය බැවින්, අප්‍රේල් මස 14 වන සඳුදා පූර්ව භාග 01.13 ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද , පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම්, පූර්ව භාග 07.37 සිට අපර භාග 02.01 දක්වා පහත දැක්වෙන අයුරු වැඩඇල්ලිම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී අවුරුදු චාරිත්‍ර විධි ඉටුකිරිම ද මැනවි.

ආහාර පිසීම
අප්‍රේල් මස 14 වන සඳුදා පුර්ව භාග 10.17 ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා දී කිරි සහ උක් හකුරු මිශ්‍ර කිරිබතක් ද කැවිලි වර්ගයක්ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩඇල්ලීම, ගනුදෙනු කිරිම හා ආහාර අනුභවය
අප්‍රේල් මස 14 වන සඳුදා පූර්ව භාග 11.05 ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියළු වැඩ අල්ලා, ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

හිසතෙල් ගෑම
අප්‍රේල් මස 16 වන බදාදා පූර්ව භාග 11.16 ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි දකුණු දිශාව බලා හිසට කොහොඹ පත් ද , පයට කොළොන් පත් ද තබා තෙල් සහ කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ද ගා ස්නානය කිරිම මැනවි.

රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම
අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.16 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී තල මිශ්‍ර කිරිබතක් සහ හකුරු අනුභව කර බටහිර දිශාව බලා රැකිරක්ෂා සඳහා පිටත්ව යෑම මැනවි.

සැ.යු. ඉහත නැකැත් වේලාවන් දැනට සම්මත ඔර්ලෝසු වේලාවෙන් සකස් කර ඇත්තේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතිව සිංහල අලුත් අවුරුදු නැකැත් කමිටුව විසිනි. මෙම වේලාවන් ශ්‍රී ලංකාවේ සියලු ප්‍රදේශවලට නොවෙනස්ව භාවිත කළ හැක.
 
Top