මහේල, සංගා 20-20න් සමුගැනීම නිශාන්ත රණතුංග-ඇෂ්ලිද සිල්වා කුමන්ත‍්‍රණයක් [Video] | Gossip lanka news Sinhala News Sinhala Cinema News

විස්සයි විස්ස ලෝක කුසලානය වැනි විශේෂ තරගාවලියකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තමන් මානසිකව ඇඳ දැමීම ගැන කනගාටු වන බව බව ශ්‍රී ලංකා ක්‍රිකට් පිළි හිටපු නායකයන් දෙදෙනකු වන මහේල ජයවර්ධන සහ කුමාර් සංග්කකාර කටුනායක ගුවන් තොටුපොළේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී පැවසීය.

එම මාධ්‍ය සාකච්ඡාවේ දී මහේල ජයවර්ධන මෙසේ ද කීවේය.


ඇත්තම කතා කරමු නේද? අවාසනාවකට මටයි සංගටයි අපේ කළමණාකාරතුමා ඒ වන විට මධ්‍යයට කතා කිරීම තහනම් කර තිබුණා. ඒ නිසා ඒ පිළිබඳව මාධ්‍යයට කියන්න අවස්ථාවක් ලැබුණේ නෑ. නමුත් මම හිතනවා එම තහනම කාලෝචිත දෙයක් කියලා. එතුමාට ඕනෑවෙලා තිබුණා අපේ අවධානය තරගාවලියට යොමු කරන්න

ලෝක කුසලානයට ලංකාවෙන් යද්දී අපි රාත්‍රී 1.00 ටත් දැනගෙන හිටියේ නෑ කණ්ඩායම් හැටියට යනවා ද කියලවත්. අපට අවස්ථාවක් නෑ ඒක මාධ්‍යයට කියන්න. නමුත් අපි බංගලිදේශයට ගියාට පස්සේ අපෙන් ඇහුවා ප්‍රශ්නයක්, මෙය අවසාන ලෝක කුසලාන ද කියා. ඉතින් මට අවුරුදු 37 ක් වෙනවා. මම බැලූවා මට තව ලෝක කුසලානයක් ක්‍රීඩා කරන්න බෑ, මා කිව්වා මේ මගේ අවසන් ලෝක කුසලාන කියලා. මම එච්චරයි කිව්වේ. නැතුව මාධ්‍ය කැඳවලාවත්, මාධ්‍යවලින්
මුදල් අරගෙන කියපු දෙයකුත් නොවෙයි. අහපු ප්‍රශ්නයකට එක පිළිතුක් දුන්නා.

සොයන්නේ බලන්නේ නැතුව ඒ පිළිබඳව නගපු චොද්නාවට ගොඩක් කණගාටු වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක නිලධාරියාත්, ලේකම්තුමාත් මාධ්‍යයට ගිහිල්ලා අපි ගැන විවේචනය කිරීම පිළිබඳ ගොඩක් කණගාටු වෙනවා. වගකීමක් තියෙන නිලධාරීන් නම් අපෙන් අහන්න ඕනෑ එවැනි ප්‍රකාශයක් කළාද, නැද්ද කියා. අපි මීට පෙරත් මාධ්‍යවලට කියලා තිබුණා අපේ අවසන් ලෝක කුසලානය මෙය බව.

විස්සයි විස්ස ජාත්‍යන්තර තරගවලින් සමුගන්නා බවට මම අද ලියුමක් ගෙනත් තියෙනවා. අද මම එය බාර දෙනවා. නමුත් ගොඩක් කණගාටුවට පත්වෙනවා මෙවැනි තරගාවලියටකට පෙර අපිව එවැනි මානසිකත්වයට පත්කිරීම ගැන.

කුමාර් සංගක්කාර මෙසේ ද පැවසීය.

මට කියන්න තියෙන්නෙත් මහේල කියපු දෙයමයි. මොකද මමත් පුවත්පතක් නගපු ප්‍රශ්නයකටයි කිවේවේ මේ මගේ අවසාන විස්සයි විස්ස ලෝක කුසලාන කියලා. එතනින් එහාට මා හෝ මහේල හෝ අහපු ප්‍රශ්නවලට උත්තර දුන්නා මිසක් එතනින් ඔබ්බට ගිහින් නෑ. මහේල කිපු කතාවට මම එකග වෙනවා.

අපිට අවශ්‍ය වුණා එක පුද්ගලයකු සමග පමණක් සාකාච්ඡා කරන්න, ඒ තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය. ඒ සාකච්ඡාවේදී තමයි එතුමාටත් අපි දෙදෙනාටත් තේරුණේ මෙතන මොකක්ද වෙලා තියෙන්නේ කියලා. අවාසානවකට ඒකට වකියන්න ඕනෑ අප දෙදෙනා නොවෙයි. 


 
 
Top