කැස්බෑවේ කඩ කඩන සොරා: CCTV කැමරාවට හසුවෙයි | Gossip lanka news Sinhala News Sinhala Cinema News

කැස්බෑව ප්‍රදේශයේ භාණ්ඩ අලෙවි සල්වලට ඇතුළු වී සොරා ගන්නා පුද්ගලයෙකු පිළිබඳ තොරතුරු CCTV තාක්ෂණය ඔස්සේ පිළියන්දල පොලීසියට ලැබී තිබේ.

එම පුද්ගලයා අදාළ අලෙවි සලට ඇතුළු වී ඇත්තේ, ඊයේ අලුයම් කාලයේදී ය.

අදාළ CCTV දර්ශනවල සොරාගේ මුහුණ හොඳින් දර්ශනය වන අතර එම කරුණු ඔස්සේ ඔහු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් දියත් කර ඇත.

මෙම අලෙවි සලෙන් ඔහු සොරා‍ගෙන ඇත්තේ, ජංගම දුරකතන පෙර ගෙවුම් කාඩ් තොගයකි. එම වීඩියෝව පහතින්



 
Top