දැරියගේ පතුල් ගිනියම් යකඩයකින් පිළිස්සු තිරිසන් ගුරුතුමා | Gossip lanka news Sinhala News Sinhala Cinema News


හොරොව්පතාන ප්‍රදේශයේ පාසල් උප ගුරුවරයකුගේ නිවසේ වැඩට ගිය පාසල් සිසුවියකගේ යටිපතුල් රත් වු යකඩයකින් පුළුස්සා දැමීම නිසා දැරිය අසරණ වී සිටි.

හොරොව්පතාන මොරකෑව සුව උදාන ගම්මානයේ ඒ රංජනී කුමාරී (17) එම සිසුවියයි.


සිසුවිය අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමෙන් පසුව ඇයගේ විදුහලේම ඉංග්‍රිසි විෂය ඉගැන්වු ගුරුවරයකුගේ නිවසට කැඳවාගෙන ගොස් ඇත්තේ ඔහු දරුවා බලා ගැනීමට යැයි පවසමිනි. ඇයට ඒ සඳහා දිනකට රුපියල් 500 බැගින් ද දෙන බව පවසා ඇත.

ටික දවසකින් දරුවා බලා ගැනීම අතහැර සිය නිවසට ආ සිසුවියට ගුරුවරයාගේ බිරිය තර්ජනය කරමින් පවසා ඇත්තේ දින තුනක් ඇතුළත කෙසේ හෝ ඇය නිවසට ගෙන්වා ගන්නා බවයි.

ගුරුවරයා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ද කරන අයෙකියි ද කියති.

දැරියගේ මව පැවසුයේ දින තුනක් යද්දී දැරියට රෝගයක් වැළදුණු බවයි.පසුව ඇප නුලක් දමා ගැනීමට එම ගුරුවරයාගේ නිවසට ගිය පසු අයට යකෙකු වැසී ඇති බව පවසමින් යකා එළවා දමන බව පවසා පැමිණ සිටි පිරිස ඉවත් කර යකඩ බටයක් රත්පැහැවන තුරු රත් කර සිය දියණියගේ යටි පතුල් පුළුස්සා ඇත.


සිසුවියගේ සහෝදරයා වන ඒ විජය කුමාර එම සිද්ධිය ඇසින් දුටුවෙකි. පසුව සිසුවිය හොරොව්පතාන රෝහලට ද ඇතුළු කැර අනුරාධපුර රෝහලට ඇතුළු කිරීමෙන් පසුව මානසික රෝගියකු සේ සලකා මානසික රෝගීන් සිටින වාට්ටුවකට ඇතුලත් කැරීමට සැරසෙද්දී ඇගේ මව්පියන් ඇය රෝහලෙන් රැගෙන ගොස් මිහින්තලේ සීප්පුකුලම ප්‍රදේශයේ ඥාතී නිවසකට තබාගෙන සිටී.


හොරොව්පතාන පොලීසියෙන් මේ පිළිබඳව විමසීමේදී කියා සිටියේ සිද්ධියට අදාල ගුරුවරයා නියෝජ්‍ය පොලිස්පතිවරයකු මාර්ගයෙන් පොලිසියට භාර වී අධිකරණයට ඉදිරිපත් කිරීමේ අනතුරුව ඇප ලබා දී ඇති බවයි. 

 
Top