ලිංගික යෝජනා ගෙනා චිත‍්‍රපට අධ්‍යක්ෂකට නිළියගෙන් කණේ පාරක් | Gossip lanka news Sinhala News Sinhala Cinema News

ලංකාවේ මේ දිනවල ඇතැම් ටෙලි නිළියන් සිනමා නිළියන් කියා සිටින්නේ රංගනයට පිවිසීමට නම් අධ්‍යක්ෂකවරුන්ට ලිංගික අල්ලස් දෙන්නට ඕනෑ බවයි. රගපෑම් අතර සිදුකරන අතවරයන් ගැනද වාර්තාවනවා. එවැනි අවස්ථා උදාවූ බොහෝ දෙනා කට පියා සිටින අතර අතැම් අය ආත්ම ගරුත්වයද නොතකා මේ ගැන මාධ්‍යයට හෙළිකරන්නට ගියද ඔප්පු කරන්නට බැරිව එම කතා යට ගැසෙනවා.නමුත් මෙවැනි අසත් පුරුෂයින්ට එරෙහිව සිදු කරන ලද අපූරු වැඩක් ගැන ඉන්දියාවෙන් වාර්තා වනවා.

‘ජොලි එල්එල්බී’ ඇතුළු හින්දි චිත‍්‍රපට ගණනාවක් අධ්‍යක්ෂණය කළ සුභාෂ් කපූර් මේ ආකාරයේ අතවරයක් සිදු කරන්නට ගොස්

දැන් අකරතැබ්බයකට පත්ව සිටිනවා.
බොලිවුඞ් නිළියක වන ගීතිකා ත්‍යාගි රංගනයේ යෙදෙන අතර ඔහු ලිංගික අතවරයන් සිදුකරන්නට ගිය අවස්ථාවේ ඇය එයට අකමැත්ත පළකර චිත‍්‍රපටයෙන් ඉවත්ව තිබුණා.

නමුත් ඇය පැත්තකට ගියේ නැත. ඇය ඔහුත් ඔහුගේ බිරියත් සිටින චිත‍්‍රපට රූගතකරන ස්ථානයකට තම පෙම්වතාද සමග කඩාවැදී මේ ප‍්‍රශ්නය ගැන ප‍්‍රසිද්ධියේ කරුණු විමසුවා. එම අවස්ථාව රහසිගතව පටිගත කරන්නටද ඇය කෙනෙකු යොදවා තිබුණා. තම භාර්යාව හමුවේ මේ ගැන කථාකරද්දී අධ්‍යක්ෂවරයා ලජ්ජාවට පත්වුණ අතර නිළිය කථාබහ අතරතුර අධ්‍යක්ෂකගේ කණට ගසන්නටද ගියා. එවිට ඔහු තවත් අවමානයට පත්වුණා.


සුභාෂ් කපූර් ඇයට ලිංගික යෝජනාවක් කළ බව එම අවස්ථාවේ ලජ්ජාවෙන් ඇඹරෙමින් පිළිගෙන තිබුණා.
තවත් අයට මෙවැනි දේ නොකරන්නට නිළිය මෙම වීඩියෝ ක්ලිප් එක දැන් අන්තර්ජාලයේ යූ ටියුබ් ඔස්සේ ප‍්‍රසිද්ධ කර තිබෙනවා. පහත පළවන්නේ එම වීඩියෝවයි. එහි අධ්‍යක්ෂ කපූර්ට ඇය කණේ පහර ගසන ආකාරය දැක්වෙන අතර කපූර්ගේ බිරිය ඩිම්පල් කාර්බන්දාද සිටිනවා. 


 
Top