නාමයෝජනා නොලැබුනත් ඉටුකල යුතු ගයේෂාගේ පොරොන්දුව | Gossip lanka news Sinhala News Sinhala Cinema News

එලඹෙන පළාත් සභා මැතිවරණයේදී දෙහිවල ප්‍රදේශයෙන් තරඟ කිරීමට සූදානමින් සිටි ගයේෂා පෙරේරා හට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා නොදීමට සන්ධානයේ නාම යෝජනා මණ්ඩලය විසින් තීරණය කර ඇතැයි අප විසින් මෙයට පෙර ලිපියක් මගින් හෙළි කරන ලදී.

තමාට නාම යෝජනා නොලැබුනත් සන්ධානය වෙනුවෙන් කැප වන්නේ කෙසේදැයි යන්න ඇය පැහැදිලිකොට සිටියේ දෙරණ වාදපිටිය වැඩසටහනට පසුගියදා සහභාගී වෙමිනි.
එහිදී ඇය ප්‍රකාශ කොට සිටියේ

දෙහිවල ගෙයක් ගෙයක් පාසා ගොස් සන්ධානයට ජන්දය ලබා දෙන ලෙස මෙන් ඉල්ලා සිටින බවකි.

මේ වෙලාවේ මං ප්‍රකාශයක් කරනවා..මට මේ වෙලාවේ නොමිනේෂන් හම්බුනත් නැතත්..මං ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙක්..මම මගේ ප්‍රතිපත්ති කඩන්නේ නැහැ..

මට නොමිනේෂන් ලැබුනේ නැතත් මං මෙවර පළාත් සභාවේ ගෙයක් ගෙයක් ගානේ සෑම පළාතකටම ගිහිල්ලා..කරන්න පුළුවන් උපරිමේ ,මගේ පක්ෂේ ජයග්‍රහණය කරන්න....කරවන්න..

එක්සත් ජනතා නිදහස් සන්ධානය නොගත් පුදුම ජන්ද සංඛ්‍යාවකින් දිනවන්න මං මගේ දායකත්වය ලබාදෙනවා..

 
Top