අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රධාන පරිපාලන ගොඩනැඟිල්ලේ කාන්තා වැසිකිළියක සී. සී. ටී. වී. කැමරාවක් සවිකිරීමේ චෝදනාව මත පොලිසියෙන් අත්අඩංගුවට ගත් එම රෝහලේ සීමාවාසික වෛද්‍යවරයා
මෙම මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් රුවන්දිකා මාරසිංහ මහත්මිය නියෝග කළාය.
තමන් මෙම කැමරාව වැසිකිලියේ සවිකළ බවත්, වසර දහයකට වැඩි කාලයක් පටන් තමන් කිසියම් මානසික රෝගයකට ගොදුරු වී සිටින බව හැගෙන බවත් යැයි කියමින්
මෙම වෛද්‍යවරයා දීර්ඝ පාපොච්චාරණයක් සිදු කර තිබේ.
මෙම වෛද්‍යවරයා සීමාවාසික පුහුණුව යටතේ සේවය කරයි. එම පුහුණුව තවත් සති තුනකින් අවසන් වීමට නියමිතය. බැංගලෝරයේ රජිව් ගාන්ධි විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා ඇති මොහු 30 හැවිරිදි විවාහකයෙකි. එක් දරු පියෙකි.
2012 වසරේ දී මැලේසියාවේ කළ සංචාරයක දී මෙම කුඩා කැමරාව මොහු විසින් මිල දී ගෙන තිබේ. අනුරාධපුර රෝහලේ ආපන ශාලාවේ පිහිටි වැසිකිලියේ ද මෙම කැමරාව සවිකර තිබූ බව වෛද්‍යවරයා පවසා ඇත. අදාළ දර්ශන රූගත වූ චිපය ගලවා ගෙන ගොස් තමන්ගේ මොනිටරයට හෝ ජංගම දුරකතනයට එය ඇතුල් කර වීඩියෝව නරඹන බවත් පවසා තිබේ.
සිද්ධිය වූ දිනයේ ලිපිකාරිනියක් වැසිකිලියට ඇතුළු වී තදින් දොර වසා ඇත. එම අවස්ථාවේ දී දොරේ අලවා තිබූ කුඩා ‘හැඟරයක්’ වැනි යමක් බිම වැටී තිබේ. එය අතට ගත් කළ ඒ පිටුපසින් කුඩා ආලෝකයක් විහිදෙනු දකින්නට ලැබී ඇත
මෙම මෙවලම කුමක්දැයි නොදත් ලිපිකාරිනිය එය ප්‍රධාන ලිපිකරු අතට පත් කර ඇති අතර මෙය කකඔඪ කැමරාවක් බව හඳුනා ගන්නට හැකි වී තිබේ. ලිපිකාරිනියට මෙය හමු වූ අන්දම පිළිබඳ සැක කළ ප්‍රධාන ලිපිකරු සිද්ධිය ගැන අනුරාධපුර මූලස්ථාන පොලිසියට දැනුම් දී තිබේ. ඒ ඉකුත් 20 වැනිදා ය. ඉන් අනතුරුව පොලිස් පරික්ෂණ ආරම්භ වී තිබේ.
රෝහලේ වැසිකිලියක කැමරාවක් සවිකර තිබීමේ සිද්ධිය අනුරාධපුර ශික්ෂණ රෝහලේ සියලුම කාර්ය මණ්ඩල අතරේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කරවන්නට සමත් විය.
මෙම සිද්ධියට විරෝධය පළ කරමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු අනෙකුත් කාර්ය මණ්ඩල සඳුදා (30) සහ අඟහරුවාදා (31) වැඩ වර්ජන ක්‍රියාත්මක කළහ. පොලිස් අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා අධිකරණය හමුවට පමුණුවීමට නියමිත ය.
sinhala hot gossip news gossip 9 lanka news, sinhala hot gossip , sri lanka gossip e gossip news 9
ජනපති මහින්ද වසර 18ක් රාජ්‍ය පාලනය කරනවා
රජවරුන් 198කගේ තොරතුරු චිත්ත ශක්තියෙන් කියූ නව හැවිරිදි දිනෙත් මෙත්මල් කියයි
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වසර 18ක් රාජ්‍ය පාලනය කරන බව 9 හැවිරිදි පාසල් සිසුවකු සිය චිත්ත ශක්තියෙන් ප්‍රකාශ කරයි. මේ අනාවැකිය පළකරනුයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය දිවුලන්කඩවල මධ්‍ය මහා විද්‍යාලයේ 5 වසරට සමත්ව සිටින දිනෙත් මෙත්මල් බණ්ඩාර (9) සිසුවා විසිනි.
මෙතෙක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය කරන ලද රජවරුන් 198 දෙනෙකුගේ නම් හා
රාජ්‍ය පාලන කාලසීමාවන් නිවැරැදිව ප්‍රකාශ කිරීමේ හැකියාව මෙත්මල් බණ්ඩාරට තිබේ.
සිංහල රාජාවලියේ නම් ගම් හා කාලසීමාවන් පිළිබඳව මෙත්මල් බණ්ඩාර සමඟ පැවැති රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී මෙම තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි විය. රෝහණ බණ්ඩාර හා තිලංකා ස්වර්ණපාලි යුවළගේ වැඩිමහල් දරුවා වන මෙත්මල්ට කුඩා කල පටන්ම පෙර රජදරුවන්ගේ හා මෙරට සිංහල වීරවරයන්ගේ නම් ගම් හෙළි කිරීමේ ශක්තිය තිබූ බව පැවසේ. සිංහලයේ අන්තිම රජු ශ්‍රී වික්‍රම රාජසිංහ පාලන සමයෙන් පසු වසර 18 ක්ම මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාව පාලනය කරන බව ද මෙත්මල් පැවැසීය.

උරේෂා තම පුතු ගැන කියන කතා
ප්‍රකට ගායිකා උරේෂා රවිහාරි සිය පුතු ගැන දියණිය පුවත්පතට අදහස් දක්වමින් පවසා ඇත්තේ තමන් මෙන් අනාගතයේදී තම පුතු ගායන කුසලතාවන් පෙන්වනු ඇතැයි යන්න විශ්වාස කරන බවත් දැනට මාස 11 ක් වන ඔහු සිංදු වලට තාල අල්ලන්නට පටන්ගත්තේ තම කුස තුළ සිටින කාලයේ පටන්ම බවත්ය.
ඇත්තටම අම්ම කෙනෙක් විදියට මම ලබපු හොඳම අත්දැකීම මගේ පුතා මගේ කුස තුළ ඉද්දි චලනය වීමයි.
ඒක හරිම ආශ්වාදනීය අත්දැකීමක්.මට හොඳට මතකයි පුතා ලැඛෙන්න පෙර
අවසන් වරට මං සහභාගී වූ සංගීත ප්‍රසංගය පැවැත්වුනේ මහනුවර ප්‍රදේශයේ. මං සමනල් හැඟුමන් ගීතය තමයි එදා වේදිකාවෙ ගායනා කරකර හිටියෙ. එදා එයා මට ගීතය කියන්න දුන්නෙ පුදුම සහයෝගයක්.එයත් කුසේ ඉඳලා ඒකෙ තාලයට පැද්දෙන්න පටන් ගත්තා. පුතා කවදාවත් නැති විදියට ඒ ගීතය එදා වින්ද බව මට හොඳටම විශ්වාසයි.
අදටත් මං එයා නළවන්නෙ නිදි කරවන්නේ මං මගේ ගීත ගායනා කරන ගමන්. සසේන් ප්රවිවේක් නමැති ඔහුට දැන් මාස 11 ක්.ගීත වලට හොඳට ඇහුම් කන් දෙනවා. කවදා හරි එයා සංගීතය ප්‍රියකරන කෙනෙක් බව නම් විශ්වාසයි.
ඡායාරූපය-චන්දු බන්දුල
රූමතියගෙන් ලිංගික අල්ලස් ගන්නට යද්දී කොටු වූ පොලිස් ලොක්කාගේ කථාව
සෑම පොලීසියකම තත්ත්වය එය නොවූවත් සමහර පොලිස් ස්ථානවලට යන ඇහැට කනට පෙනෙන කාන්තාවන්ට විවිධ අකරතැබ්බවලට මුහුණ දෙන්නට සිදුවන බවට කොතෙකුත් කතන්දර අහන්නට ලැබේ. මෙවැනි පොලීසියකට ගිය විට එකී කාන්තාවට ලැඛෙන සැලකිලි මතෙකැයි කිව නොහැකි තරම්ය.
සමහර පොලිස් නිලධාරීන් සීනි බෝතලයට ඇදෙන ඇඹලයින් මෙන් එකී කාන්තාවන් වෙත ඇදී යන්නේ මිස්, නෝනා, නංගි ආදී වශයෙන් අමතමින් කාන්තාව සමග සුහදවී ඇය පොලීසියට පැමිණි කාරණාවද විමසා, ප්‍රමාදයකින් තොරව එයද ඉටුකර දෙමිනි.
සමහර අවස්ථාවල අවසානයේදී සිදුවන්නේ පොලිස් නිලධාරියා තම ජංගම දුරකථන අංකය පවා ඇය අත තැබිමය. බැරි වෙලාවත් එකී කාන්තාව
එම ජංගම දුරකථනයට ඇමතුමක් ගත හොත් ඉන් එහාට ඇය වැටෙන්නේ අලි අමාරුවකය. සමහර අවස්ථාවල එකී පොලිස් නිලධාරියා එම බල ප්‍රදේශයේ සේවය කරන තාක් කල් ඇයට ඔහුගේ ලිංගික වහලියක් බවට පත්වීමට පවා සිදුවිය හැකිය.
පොලිස් මූලස්ථානයේ තොරතුරුවලට අනුව මෙරට ඇති පොලිස් ස්ථාන සංඛ්‍යාව 400කට වැඩිය. ඒ සෑම පොලීසියකම පාහේ අඩුම තරමින් එවන් අසික්කිත එක් පොලිස් නිලධාරියෙකු වත් සිටින බව පැවසේ. ඊට අමතරව පොලිස් අධිකාරී කාර්යාලවලද, නියෝජ්‍ය පොලිස්පති කාර්යාලවලද මෙවන් අධමයන් නැතුවාම නොවේ. ඒ අය තම ගොදුරු බවට පත්කරගන්නේ තම දුක කියාගෙන පොලීසිවලට හෝ පොලිස් කාර්යාලවලට එන අහිංසක කාන්තාවන්ය. නැතිනම් හුදෙකලා වූ කාන්තාවන්ය.
පොලීසියට එරෙහිව යාමෙන් පලක් නොමැති බවට ඇති පුහු මතයක් හේතුවෙන් පොලිස් ගැටවලට හසුවී පොලිස් නිලධාරීන්ගේ ලිංගික වහලුන් බවට පත්ව සිටින බොහෝ කාන්තාවන් ඊට එරෙහිව හඬක් නගන්නේ නැත. සියල්ල ඉවසාගෙන සිටින්නේ තම පවුල් සංස්ථාව පවා බිඳ වට්ටවාගෙනය.
එය එසේ වුවත් මහව රැකෝගම ප්‍රදේශයේ පදිංචි තිස් පස් වියැති කාන්තාවක් මෙවන් අධම පොලිස් නිලධාරියකුගේ ලිංගික වහලියක බවට පත්නොවී ඊට එරෙහිව නැගී සිටියාය. ඒ මෙරට ඉතිහාසයේ පළමු වරට ලිංගික අල්ලසක් ලබාගන්නා අවස්ථාවේදීම අල්ලස් කොමිසමට පොලිස් නිලධාරියෙකු කොටු කර දෙමිනි.
එම නිලධාරියා මහව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාය. පොලිස් පරීක්ෂකවරයෙකු වන ඔහු ලිංගික අල්ලස් ලබාගැනීමට සූදානම් වූයේ එම කාන්තාව කුරුණෑගල වැව රවුමේ පිහිටි තානායම් කාමරයකට ඉකුත් 26දා ගෙන්වාගෙනය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගත්තේ තානායම් කාමරයේදී ඇය සමග යහන්ගත වන්නට සූදානම් වෙද්දීය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් එම ස්ථානයට කඩාවදින්නේ ඔවුන්ට ඇති දිවැස් බලයකින් නොව ඇය කල්තියා ඒ බව අල්ලස් කොමිසමට කළ පැමිණිල්ලකට අනුවය.
ඇහැට කනට පෙනෙන එක් දරු මවක් වන ඇය තෙවරක්ම විවාහවී සිටින්නියකි.
පළමු සැමියා හමුදා සෙබළෙකි. ඔහු මියගොසිනි. දෙවැනි සැමියා ඇය අතහැර ගොස්ය. දැන් ඇය ජීවත්වන්නේ තෙවැනි සැමියා සමගය. ඔහු රක්ෂාව කරන්නේ පොළොන්නරුවේය. ඔහු මහවට එන්නේ ඉඳහිටය. ඒ ඔහුට වැඩ රාජකාරි අධික නිසාය.
පොලිස් තොරතුරු අනාවරණය කරන ආකාරයට අනුව මෙම කාන්තාව මුල්වරට මහව පොලීසියට එන්නේ සිය 13 හැවිරිදි දියණියට පහරදීම සම්බන්ධයෙන් සැකකාරියක් ලෙසිනි. ඇගේ පළමු විවාහක සැමියාට දාව උපන් එම දැරියට පහරදීම ගැන ඇයට එරෙහිව පොලීසි යන්නේ දැරියගේ කිරි අම්මාය. ඒ ඉකුත් අගෝස්තු
13 වෙනිදාය.
දැන් එම පැමිණිල්ල විභාග වෙන්නේ මහව මහේස්ත්‍රාත් අධිකරණයේය. දැරිය මේ වනවිට සිටින්නේ පරිවාස භාරයේය.
දැරිය සම්බන්ධයෙන් ඇයට එරෙහිව මහව පොලීසියේ ලියැවුණු එම පැමිණල්ලත් සමග ඇගේ ඥාතීන් ද ඇයට එරෙහිව පැමිණිලි රාශියක්ම නොවැම්බර්, දෙසැම්බර් මාසවල මහව පොලීසියට ගෙන ආවෝය. ඒ බහින්බස්වීම් ආදිය ගැනය. අවසන් පැමිණිල්ල ලියැවෙන්නේ ඉකුත් 22 වෙනිදාය. ඒ සියලු පැමිණිලි සුළු සිද්ධීන් අරභයා වූ බැවින් ඒවා විභාග කරනුයේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාය. ඔහුට විභාග කළ නොහැකි වූ පැමිණිලි විසඳන්නේ මහව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව මහතාය. ඔහුටත් විභාග කර සමථයකට පත්කළ නොහැකි පැමිණිලි විභාග කෙරෙන්නේ සමථ මණ්ඩලයේය.
මේ කුමන මොහොතකවත් පොලීසියේ අපරාධ අංශය සමග ඇය මුසු නොවුණාය. අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ කිසිදු මැදිහත්වීමක් ද සිදුනොවුණේය.
එහෙත් ඇහැට කනට පෙනෙන තැනැත්තියක් වූ ඇයට අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඒ වන විටත් කිට්ටු කර සිටියේ ඇයට එරෙහිව ඇති පැමිණිලි විභාගයේදී ඇයට උදව් කරන මුවාවෙනි. ඒ ඇගේ ජංගම දුරකථන අංකයද ලබාගෙනය.
පරීක්ෂණවලින් හෙළිවී ඇති ආකාරයට අනුව, ඉඳහිට ඇයට ඇමතුම් දෙමින් ඇයට එරෙහිව ඇති පැමිණිලිවල තොරතුරු කතාබහ කළ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇයව ඔහුගේ ලිංගික වහලියක් කර ගැනීමට අවශ්‍ය මූලික පියවර ගනු ලබන්නේ අනතුරුවය. ඒ එස්.එම්.එස්. පණිවුඩ මගින් ආදරබර ප්‍රකාශ ඇය වෙත යොමු කරමිනි.
අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා මේ එන පොට හොඳ නැති බව දැන සිටියත් ඔහුට එරෙහිව යන්නට තරම් ශක්තියක් ඇයට නොතිබුණාය. ඒ ගැන සිතාම ඇය මානසික රෝගියෙකු බවටද පත්වෙමින් සිටියාය.
ඇය දිනක් පෞද්ගලික මානසික වෛද්‍යවරයෙකු මුණගැසීමට යන්නේ ඊට ප්‍රතිකාර ලබාගැනීමටය. ඇය මානසිකව කඩා වැටී ඇත්තේ ඇයි දැයි එහිදී හඳුනාගන්නා වෛද්‍යවරයා පොලිස් පරීක්ෂකවරයාගෙන් නිදහස් වෙන්නට කළ යුත්තේ කුමක් දැයි ඇයට උපදෙස් දෙන්නටද අමතක නොකළේය. ඒ අල්ලස් කොමිසමේ දුරකථන අංක පවා ඇය අත තබමිනි.
අල්ලස් කොමිසමට ඇය යන්නේ ඒ අනුවය. ඇගෙන් ලිංගික අල්ලස් ලබාගැනීමට සූදානම් වූ අවස්ථාවේදීම ඔහු අත්අඩංගුවට පත්වන්නේද ඒ අනුවය.
අල්ලස් කොමිෂන් සභාවේ විමර්ශන අංශය මේ වන විට ලිංගික අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම පොලිස් නිලධාරියාට පෙර එසේ අත්අඩංගුවට ගනු ලැබුවේ කොට්ටාව ආනන්ද විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයෙකි. ඒ 2014 වසරේ
පළමු වසරට ළමයෙකු ඇතුළු කරන්නට එම ළමයාගේ මවගෙන් ලිංගික අල්ලසක් ගන්නට ගිය අවස්ථාවේදීය. ළමයෙකු පාසලකට ඇතුළත් කරන්නට ලිංගික අල්ලස් ලබාගැනීමට සූදානම් වූ අවස්ථාවකදී විදුහල්පතිවරයෙක් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට පත්වන පළමු අවස්ථාව එයය. ඒ ඉකුත් සැප්තැම්බරයේ සිදුවුණු වැටලීමකි.
අල්ලස් කොමිසමේ අතීත වාර්තා පිරික්සීමේදී පෙනී යන්නේ අල්ලස් කොමිසමට මුල්ම ලිංගික අල්ලස් පැමිණිල්ල ලැබි ඇත්තේ ප්‍රේමදාස පාලන සමයේදී බවය. ඒ නිවාස සංවර්ධන අධිකාරියේ සේවය කළ නිලධාරියෙකුට එරෙහිවය. නිලධාරිනියකට ස්ථාන මාරුවක් ලබාදීමට ඔහු එම අල්ලස ඉල්ලා තිබුණි.
ඊට පසු නැවතත් ලිංගික අල්ලස් සම්බන්ධයෙන් රජයේ නිලධාරියෙකු කොටුවනුයේ බදුල්ලේදීය. ඔහු ග්‍රාමසේවා නිලධාරියෙකි. දුප්පත් ගැමි කාන්තාවකට ආහාර මුද්දර කාඩ්පතක් ලබාගැනීමට නිර්දේශයක් ඉදිරිපත් කිරීමට එම ලිංගික අල්ලස ලබාගැනීමට සූදානම් වූ අවස්ථාවේදී ඔහු කොටුවී ඇත.
ඊට පසුව ලිංගික අල්ලස් පැමිණිල්ලක් අල්ලස් කොමිසමට ලැඛෙන්නේ වසර 18කට පසුවය. ඒ 2007 වසරේ සැප්තැම්බර් 02 දාය.
වැල්ලවාය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයේ සේවයේ නිතරව සිටි තිස් එක් වියැති උපස්ථායිකාවකගේ ස්ථාන මාරුවක් සකසාදීමට වැල්ලවාය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයේ ප්‍රධාන කළමනාකරු එම ලිංගික අල්ලස ඇගෙන් ඉල්ලා තිබිණ. බුත්තල පිහිටි හෝටල් කාමරයකට ඇයව කැඳවා තිබුණු අතර ඔහු එහිදී අත්අඩංගුවට පත්වන්නේ ලිංගික අල්ලස ලබාගැනීමට සූදානම් වූ මොහොතේය. කොට්ටාව ආනන්ද විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයා කොටුවන්නේ ඊට වසර හයකට පසුවය. මහව පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් කොමිසමට කොටුවූ අලුත්ම ගොදුරය.
අල්ලස් කොමිසම සඳහන් කරනුයේ ලිංගික අල්ලස සමාජයේ පිළිකාවක් සේ පැතිර ඇති බැවින් ඒවා මර්දනය කිරීමට නම්, ලැජ්ජාව බිය හේතුකොට ගෙන ඒවා ඉවසාගෙන නොසිට අල්ලස් කොමිසමට පැමිණිලි කරන ලෙසය. ඒ තුළින් කාන්තාවට රැකවරණයක් මෙන්ම ආරක්ෂාවක්ද ලැඛෙන බව අල්ලස් කොමිසමේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
ගයාන් කුමාර වීරසිංහ

ජනපති යාල බලන්න ගිහින්
නත්තල් දිනය යෙදුණ පසුගිය 25 වනදා ජනපති මහින්ද රාජපක්ෂ සිය පවුල සමග ගත කර ඇත්තේ යාල සංචාරක කලාපයේය.
යාල අභය භූමියේ බූතව බංගලාවේ නැවතී සිට ජනපතිවරයාත් ශිරන්ති ආර්යාවත් දරු තිදෙනාත් මේ දිනය සැහැල්ලූවෙන් ගත කළ බව වාර්තා වුණා.
අලින් මුවන් වළසුන් මෙන්ම කලාතුරකින් දකින්නට ලැඛෙන දිවියන්ද මෙම සංචාරයේදී
ජනපති පවුලේ අයට දැකගන්නට ලැබුණ බව වාර්තා වුණා.
දින දෙකක් යාල නැවතී සිටි ජනපතිවරයා ඡායාරූප ගන්නා අවස්ථාවේ හා ලබාගත් ඡායාරූපය කිහිපයක් මෙහි දැක්වෙයි

දරු තිදෙනා ගෙයි දමා දෙමාපියෝ පලා ගිහින්
මීටියාගොඩ කිරිමැටිය ප්‍රදේශයේ නිවසක ලාබාල ගැහැණු දරුවන් තිදෙනෙකු තනිකර දමා දෙමාපියන් පලාගොස් ඇතැයි වාර්තා වේ.වයස අවුරුදු 07,05,සහ එකහමාරේ පසුවන මෙම දරු තිදෙනා දින කිහිපයක් නිවස තුල තනිව වසනු දුටු අසල්වාසීන් සෙනසුරාදා(28)119 හරහා පොලිසියට මේබව දැනුම් දී තිබේ.
මීටියාගොඩ පොලිසිය එම ස්ථානයට පැමිණ දරුවන් පොලිසියට කැඳවාගෙන ගොස් ඇති අතර
දින ගනනක් නිරාහාරව සිටි දරුවන්ට පොලිසිය විසින් කෑම ලබා දුනි.අනතුරුව පොලිසිය එම දරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටී.
ඡායාරූප ලක්බිම

බොරු රඟපෑම් වලට මිනිස්සු රැවටෙනවා - නදීශා කියයි
නළු නිළියෝ දේශපාලනය කරන එක විලාසිතාවක් වෙලා කියලයි සමහරු කියන්නේ. ඒ කතාව ආපහු පසුගිය සතියේ අලුත් වුණා. ඒ නදීෂා හේමමාලිත් දේශපාලනයට පිවිසීමෙන්. ඇය දකුණු පළාතෙන් ලබන පළාත් සභා මැතිවරණයට තරගකරන්න සූදානමින් ඉන්නේ. දැන් ඉතිං ඇය ඉස්සර වගෙ නෙමෙයි. ටිකක් කාර්යබහුලයි. ඒ දේශපාලනය කරන ගමන් කලාවටත් දායක වෙන හින්දා. කොහොමින් කොහොමින් හරි ඒ කාර්යබහුලත්වය මැද්දේ නදීෂා දේශපාලනයට පිවිසි හේතුව ගැන පුවත්පතකට පවසා තිබෙන්නේ මෙන්න මේ විදිහට.
නදීෂා රඟපෑම එපාවෙලාවත්ද?
රඟපෑම කීයටවත් එපාවෙලා නැහැ. එහෙම එපාවෙන්නෙත් නැහැ.
ඇයි මේ දේශපාලනයට එන්න හිතුවේ ?
ජනතා සේවකයෙක් වෙන්න ඕනෑ හින්දා. මම නායකයෙක් කියලා හිතන්නේ හොඳ සේවකයෙකුට. එහෙම හොඳ සේවකයෙක් වෙන්න නම් ජනතාවට සේවය කළ යුතුයි. මටත් ඕනෑ ජනතාවට හොඳ සේවයක් කරන්න.
ඔබට ඒ පිළිබඳව දැනුමක් තියෙනවාද?
දේශපාලනය පිළිබඳ පොතෙන් ඉගෙන ගන්නත් පුළුවන්. හැබැයි පොතේ දේශපාලනය සහ සැබෑ දේශපාලනය අතර ලොකු වෙනසක් තියෙනවා. මම දකින විදිහට සැබෑ දේශපාලනය පන්ති කාමරයක් ඇතුලේ ඉඳන් ඉගෙන ගන්න බැහැ. ඒ පිළිබඳව හොඳ අවබෝධයක් ඇතිව වැඩකිරීම තුළින් පළපුරුද්දක් ලබාගෙන ඉගෙන ගත යුතුයි. මම තවමත් කනිෂ්ඨ දේශපාලනඥයෙක්. මගේ දැනුම මගේ ගමනක් එක්ක ක්‍රමානුකූලව ලබාගන්නවා. මම පරිණත දේශපාලන දැනුම ලබාගන්න දන්නවා. මට හිතෙන විදිහට නම් පොතේ දේශපාලනයට වඩා සැබෑ දේශපාලනය කියන්නේ ලැබෙන අත්දැකීම් එක්ක ඉදිරියට යැමයි.
මේක හොඳට හිතලා මතලා ගත්තු තීරණයක්ද?
සියයට සියයක්ම. පැහැදිලිවම හොඳට හිතලා මතලා ගත්තු තීරණයක්.
සමහරු ඔබ ගත්තු තීරණයට බනිනවා?
එක එක්කෙනාට එක එක මත ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් මට වැදගත්වෙන්නේ මම දරණ මතයයි. මම හරි වෙලාවේදී හරි විදිහට ගත්තු තීරණයක්. ඔය බනින කට්ටියට මට කියන්න තියෙන්නේ හොඳින් බලන් ඉන්න කියලා විතරයි. මොකද මගේ ගමන ඉස්සරහට තීරණය වෙන්නේ මම කරන කියන දේවල් අනුවයි. ඒ හින්දා මම හරියාකාරව මේ අභියෝගය ජයගන්නවා. ඒ අයට කාලයත් එක්ක ඉවසාගෙන බලාගෙන ඉන්න වෙනවා.
තවත් සමහරු අහනවා රඟපෑවට ජනතාවට සේවය කරන්න පුළුවන්ද කියලත් ?
ඒක ඇත්තමට සංකීර්ණ ප්‍රශ්නයක්. ලෝකයේ හොඳ නළු නිළියෝ හොඳ නායකයෝ වෙලා ඉන්න පුළුවන්. ඒ වගේම ලෝකයේ හොඳ නළු නිළියෝ ජනප්‍රිය නායකයෝ වෙලා තියෙනවා. ඒ වගේම දේශපාලනයට ඇවිත් සාර්ථක වෙලා තියෙනවා වගේම අසාර්ථක වෙලාත් තියෙනවා.
නිළියෝ දේශපාලනය කිරීම දැන් හරියට විලාසිතාවක් වෙලා?
ඊට වඩා ලොකුම දේ තමයි දේශපාලනය කරන්න එන අය බොරු රඟපෑම් කරන එක. ඒ හින්දා මිනිස්සු ගොඩක් වෙලාවට රැවටෙනවා.
නදීෂාත් මේ කරන්නේ තවත් රඟපෑමක්ද?
කොහෙත්ම නැහැ. මේක මගේ තවත් රඟපෑමක් නෙමෙයි.
ඔබ මොනවාද ජනතාවට කරන්න හිතාගෙන ඉන්නේ ?
මම ඉදිරියේදී ජනතාව වෙනුවෙන් උපරිම සේවයක් කරන්න බලාපොරොත්තු වෙනවා. එය නොපැකිළිව කරන්න සූදානම්.
කලාවෙන් ඈත්වෙන්නද සූදානම ?
කොහෙත්ම නැහැ. කලාවත් සේවයක්නේ.
අම්බලන්ගොඩින් නේද තරග කරනවා කියන්නේ ?
අම්බලන්ගොඩ ඉන්න අපේ සංවිධායකතුමා සමග ගාලු දිස්ත්‍රික් ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් සේවය කරන්න සූදානම්.
ඔබට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයිද?
අනිවාර්යයෙන්ම. මට දිනන්න පුළුවන්.
අනර්කලී, ගීතා ගාල්ලෙන් තරගකරනවා. සටනක් දෙන්න පුළුවන් වෙයිද?
මගේ සටන පුද්ගලයන්ට විරුද්ධව නොමෙයි. මේ ක්‍රමයට මම විරුද්ධවයි.
නදීෂාත් අන්තිමේ පිල මාරු කරයිද?
මොනවද මේ අහන්නේ. ඇත්තටම ඊළඟට එන ආණ්ඩුව යූඇන්පී එකනේ. කිසිම දවසක මගේ පක්ෂය මාරුවෙන්නේ නැහැ.
කලාවෙන් ගොඩනගා ගත් ප්‍රතිරූපයට හානියක් වෙයිද?
මම එහෙම නොවෙන්න වගබලාගන්නවා. ඒ වගේම මගේ ප්‍රතිරූපයට හානියක් නොවෙන විදිහට වැඩකරන්න සූදානම්.
අම්බලන්ගොඩ මිනිස්සුන්ට කොළඹ ඉඳන් සේවය කරන්න පුළුවන්ද?
කොහෙත්ම බැහැ. මම අනිවාර්යයෙන්ම අම්බලන්ගොඩට යනවා.
එහෙනම් ඉස්සරහට නදීෂාව හම්බවෙන්න පුළුවන් අම්බලන්ගොඩදීද?
බොහෝ වේලාවට එහෙම වෙයි. මගේ ජනතාව ඉන්නේ අම්බලන්ගොඩ. ඉදිරියේදී මාවත් එහෙදී තමයි මුණගැසෙන්න වෙන්නේ.
නදීෂාට කවුද මේ ආරාධනාව කළේ ?
පක්ෂයේ ඉන්න ඉහළම කිහිපදෙනෙක් ආරාධනාවක් කළා.
ඔබ මොකද ඒ වෙලාවේ කිව්වේ ?
මම හොඳට හිතලා මතලා පක්ෂයේ සාමාජිකත්වය ලබාගත්තා.
තනතුරකුත් ලැබුණා කියන්නේ ?
තරුණ හා කලා කටයුතු පිළිබඳ සම්බන්ධිකාරක ධුරයකුත් ලැබුණා.
ඇත්තද හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා කළ ආරාධනාවක් කියන්නේ ?
ඇත්තටම එයත් ආරාධනාවක් කළා තමයි.

''ඔය කතාව පට්ට පල් බොරුවක්'' -නිල්මිණි
තමා දේශපාලනයට එක්වන බවට පලවී ඇති මාධ්‍ය වාර්තා කිසිඳු පදනමකින් තොර මුළුමනින්ම අසත්‍ය වාර්තා බව ජනප්‍රිය නිළියක වන නිල්මිණි තෙන්නකෝන් මහත්මිය පවසන්නීය.
''ඔය කතාව පට්ට පල් බොරුවක්. මට කියන්න තියෙන්නෙ මම ඔය කියන විදියට දේශපාලනයට පිවිසෙන්නේ නැහැ කියන එකයි. මට ඇත්තටම එහෙම වුවමනාවක් නැහැ. ඕක කවුරු, මොන හේතුවක් හින්දා හදපු කතාවක්ද කියන්න මම දන්නේ නැහැ.
මෑතක මම දේශපාලන තේමාවක් රැගත් ටෙලි නාට්‍යයක රඟපෑවා. ඒකේ දේශපාලන චරිතයක් තමයි මම කළේ. ඉතින් ඒ ගැන පුවත්පතක මාධ්‍යවේදියෙක් මා එක්ක සාකච්ඡාවක් පවත්වපු අවස්ථාවක
මා පළ කළ අදහසක් වැරදි විදිහට තේරුම් අරගෙන වෙන්න ඇති ඔය ආරංචිය පැතිරුණේ...'' යැයි ඇය 'ලක්බිම' පුවත්පතට පවසා ඇත.
'' සැබෑ ජීවිතයේදී මට දේශපාලනයට පිවිසෙන්න, මන්ත්‍රී ධුරයක් දරන්න මේ වෙද්දී නම් කිසිම වුවමනාවක් නැහැ. අනික මම දැන් තියෙන ගහ මරාගන්නා දේශපාලනයට කැමතිත් නැහැ. සමහර විට ඔබ විශ්වාස කරන එකකුත් නැහැ, මෙතෙක් කාලෙකට මම ඡන්ද පොළකට ගිහින් මගේ ඡන්දය පාවිච්චි කරලාවත් නැහැ. මගේ අයියා මොරටුව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක්. නමුත් එයා වෙනුවෙන්වත් මම ඡන්දය පාවිච්චි කරලා නැහැ. ඒක අපේ ගෙදර අයත් දන්නවා.'' යයි පවසන නිල්මිණි, ඇයට දේශපාලනය එපා වීමට බලපෑ අතීත සිදුවීම් මෙසේ විග්රහකර ඇත.
'' දේශපාලනයට කැමති නැත්තේ ඇයි කියලා කියන්න මගේ පුංචි කාලෙට යන්න සිද්ධ වෙනවා. මගේ තාත්තා පියදාස තෙන්නකෝන් කොළඹ වගේම මොරටුව ප්‍රදේශයේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයෙක්. ඔහු වැඩ කළේ බණ්ඩාරනායක මැතිනිය සමගයි. ඒ වගේම තාත්තා ඒ දවස්වල වැඩිපුර හිටියෙත් හොරගොල්ල වලව්වේ. දේශපාලන වැඩ කටයුතු නිසා ඔහු හුඟක් කාර්යබහුල ජීවිතයක් ගෙව්වෙ.
කොහොම හරි මේ දේශපාලන වැඩ නිසා අපි හුඟක් දේශපාලන පළිගැනීම්වලට ලක්වුණා. මගේ අයියාව අල්ලගෙන ගිහින් බූස්ස කඳවුරේ රඳවගෙන හිටියා. අපේ ගෙවල් ගිනි තිබ්බා. අපේ අම්මයි තාත්තයි අපිට කන්න බොන්න දුන්නෙ පොඩි ව්‍යාපාරයක් කරල. මේ ව්‍යාපාරික ස්ථාන පවා ගිනිබත් කළා. අපේ ගෙවල්වලට විරුද්ධ පක්ෂවල අය පහර දෙනකොට පුංචි අපි ඇඳවල් යට, පුටු යට හැංගුණා. අපි බයේ ගැහි ගැහී හිටපු වාර අනන්තයි. හැම ඡන්දයක් වෙලාවෙම අපි ඉන්නේ පරාණ බයෙන්.
අපේ ගෙදර ඒ දවස්වල දේශපාලන රැස්වීම් පවා පවත්වනවා. සී.වී ගුණරත්න ඇමැතිතුමා අපේ පවුලත් එක්ක හුඟක් කිට්ටුයි. මට මතකයි, බොහෝ වෙලාවට බණ්ඩාරනායක මැතිනිය එන රැස්වීම්වලදී එතුමියව මල් කළඹ දීලා පිළිගන්නෙත් මම නැත්තං නංගි. දේශපාලනඥයන් රැස්වීම්වල කතා කරන හැටි බලාගෙන ඉඳලා අපිත් වහල උඩට නැගලා ඒ දවස්වල කතා පවත්වනවා.
ඒත් පසු කාලයේ ගෙවල් ගිනි තියලා, දේපළ නැති වෙලා, දුක් විඳින්න වුණාට පස්සෙ මේ හැම දෙයක්ම අපට එපා වුණා. තාත්තාත් හිත් අමාරුවෙන් මියගියාට පස්සේ දේශපාලනය මට තිත්තම වුණා. අයියා දිගටම දේශපාලනය කළාට මම ඒ පැත්තටවත් ගියේ නැහැ. ඉතින් දේශපාලනය නිසා මේ තරම් දුක් ගැහැට විඳපු මම අරමුණකින් තොරව හිටි හැටියේ ආපහු දේශපාලනයට එන්න හදයි කියල ඔබ හිතනවද?
මම නිදහසේ ජීවත් වෙන්න කැමති කෙනෙක්. ඔය බොඩිගාඩ්ලා පිරිවරාගෙන, මිනිස්සුන්ට පේන්න අමුතුම විදිහේ මානසික තත්ත්වයක් මවාගෙන ජීවත් වෙන්න මට ඕන නෑ. මම නිදහසේ කඩේ පොලේ ගිහින් දෙල්, කොස් ටිකක් සල්ලිවලට අරන් වාහනේට නැගලා යන සාමාන්‍ය ගෑනියක්. ඒ ජීවිතේ මට හොඳයි. එතන සල්ලි දීලා ගන්න බැරි විදියේ සැහැල්ලුවක්, ආත්ම තෘප්තියක් තියෙනවා. ''

ගැබිණි මව්වරුන්ගේ පැතුම් ඉටුකරන වසු පැටවෙක්
අවුරුදු 3 ක් වයසැති කකුල් 5 ක වසු පැටියෙක් ඉන්දියාවේ රායිපූර් නගරයේ සිටියි. ගැබිණි මවක් වසු පැටියාගේ පස්වන කුරය අල්ලා පුතෙක් බිහි වේවායි ප්‍රාර්ථනාවක් කළහොත් ඇයට පුතෙකු බිහිවෙතියි කියති.
මෙතෙක් පැමිණි මව්වරුන් සෑම දෙනකුම පුතුන් බිහි කළ බව කියති. දියණියන් 4 දෙනෙක් සිටින මවක් නිවුන් පුතුන් දෙදෙනෙකු බිහි කළාලු.
දස ලක්ෂයකට එකකු පමණක් උපත ලබන වස්සන් ඉතා වාසනාවන්ත බව අයිතිකරු රාජ් ප්‍රතාප් පවසයි.
මේ වන විට ඉන්දියාවේ ඉතා ජනපි‍්‍රය චරිතයක් බවට පත් වී ඇති
මෙම වසු පැටියා ඇල්ලීමට පැමිණෙන සෑම මවකගෙන්ම රුපියල් 1000 ක පමණ මුදලක් අය කරීමට ඔහු වගබලා ගනී.
රාජු නම් තුන් හැවිරිදි වස්සා දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක් වන මෙය කෙදිනක හෝ ලෝ වටා ගැබිණි මව්වරුන්ගේ පැතුම් ඉටු කිරීමට තමන් කටයුතු කරන බවත් ප්‍රතාප් සඳහන් කියයි.

ගීතා කුමාරසිංහ ආතල් ගන්න හැටි
මිනිස්සුන්ගේ දුක අහන එකත් මට ආතල්
මං ඉස්සර රුපියල් 50,000 හේ සාරි ඇන්දා. දැන් අඳින්නේ රුපියල් 2,000 එව්වා
මගේ විවාහ ජිවිතයේ අඳුරු පැති රාශියක් තියෙනවා
මට දෙවැනි පුරවැසිකම තියෙනෙන් ස්විට්සර්ලන්තයේ
‘යන්ග්’ අතිරේකයේ ‘ආතල් ගන්න හැටි’ ලෙස පලවන ලිපියට පසුගියදා අදහස් දක්වා තිබුනේ ගීතා කුමාරසිංහයි. මෙම ලිපියේ ඇති විශේෂත්වය වන්නේ මෙහි අසනා සෑම ප්‍රශ්නයකටම ‘ ආතල් ’ යන වචනය අඩංගු වීමයිග ගීතා කුමාරසිංහ මෙම ප්‍රශ්න වලට පිළිතුරු දුන්නේ පහත පරිදියි.
ගීතා අක්කට ජිවිතේ ආතල්ද ?
එක එක්කෙනා ආතල් ගන්න එක එක ක්‍රම තියෙනවනේ. මම ඉතින් ආතල් ගන්නේ ගෙවල්වල යන එකෙන්ල මිනිසුන්ගේ දුක අහන එකෙන් තමයි. ඒ වගේම තමයි, මිනිස්සු වෙනුවෙන් වැඩ කලාම පුදුමාකාර ආතල් එකක් දැනෙන්නේ. ඒ ඇරෙන්න වෙන ආතල් එකක් නෑ.
ඒ කියන්නේ පොදු ආතල් හැර පෞද්ගලික ආතල් එකක් නෑ?
නැහැ. මෙහෙමයි, මම හැමදාම දුවට කතා කරනවා. ඊමේල් කරනවා. ස්කයිප් කරනවා. මේ දැන් මගේ මහත්තයාත් ඇවිත් ගියා. එයා එක්ක කතා කරනවා. ඒ විදියට වැඩ ටික වෙනවා. මං හිතන්නේ දේශපාලනේ හින්දා පෞද්ගලික ආතල් කඩා ගන්න ඕනි නෑ.
දේශපාලනය නිසා කළා ජිවිතයෙන් ඈත්වීම ගැන හිතද්දී ආතල් කැඩෙන්නේ නැද්ද?
රංගනයෙන් එහෙම නැත්තම් කලාවෙන් මාව ඈත් කරලා දාන්න කාටවත්ම බැහැ. මං රංගන ශිල්පියෙක් විදියට අදටත් මේ රටේ රසිකයන් තුල ජිවත් වනවා. මම ඒ කාලේ විශාල වශයෙන් මුදල් වියදම් කළාග රුපියල් 45,000 හේ 50,000 හේ සාරි ඇන්දා. මාසෙකට සැරයක් රුපලාවන්‍ය සත්කාර කළා. ඒත් දේශපාලනයට ආවට පස්සේ මම එව්වා නතර කළා. ඒ වියදම් කරපු මුදල් මම අද මිනිස්සුන්ට වියදම් කරනවා. මම අද ජිවත් වෙන්නේ බොහොම සාමන්‍යය විදියට. රුපියල් 2,000 සාරියක් අරං මම අද අඳිනවා. ඒ නිසා මේ හැම දේම මට ලොකු ආතල් එකක්.
රංගන ජීවිතය තුල සිදුවුණු ආතල්ම සිදුවීම මොකක්ද?
ගොඩක් එව්වා තියෙනවාම් දවසක් මම කුඩලූඔය රූගත කිරීමකට ගියා. එතකොට අපිට ඉතිං මොබයිල් ෆෝන්ස් නැහැනේ. අපි නතර උනේ වතු අධිකාරිවරයකුගේ බංගලාවක. ප්‍රධාන නළු නිළියෝ කිහිප දෙනෙක් තමයි එහෙ නතර වෙලා හිටියේ.
මම වොෂ් එකක් ගන්න බාත් රූම් ඒකට ගියාම බාත් ටබ් එකේ ලොකු පිඹුරෙක් හිටියා. මම හිතුවේ ටයර් එකක් කියලා. බලද්දී ඒ පිඹුරෙක්. මම බයවෙලා කෑගහව්වා. පස්සේ තමයි දැනගත්තේ ඒ පිඹුරා ගෙදර ඇති කරන එකෙක් කියලා.
ගීතා අක්කගේ ස්වාමිපුරුෂයා ‘ක්‍රිස්’ විදේශිකයෙක්. ඇයි විදේශිකයෙක් බැන්දේ?
මගේ ජිවිතයේ ගොඩක් දේවල් උනේ හරිම දෛවෝපගත විදියට. මගේ විවාහ ජිවිතයේ කාටවත්ම නොපෙනෙන අඳුරු පැති රාශියක් තියෙනවා. ඒවා මට රටට කියන්න ඕනි නෑ.
’ක්‍රිස්’ ගේ විලාසිතාගාරයේ නිරූපන ශිල්පිනියක් විදියට මම ෆොටෝ ෂුට් එකකට ගිය වෙලාවේ තමයි එයා මාව දැකල විවහා යෝජනාව ගෙනාවේ. මම එදා එයාට ගොඩක් කැමති උනා. ඉතිං අපි විවහා උනා. දැන් එයාගේ ව්‍යාපාර පිටරටවලත් තියෙනවා. එයා ගොඩක් වෙලාවට ඉන්නේ විදේශගත වෙලා. අපි ගතින් ඈත් වෙලා. සිතින් නම් එහෙම නෑ. සමහරු ඒ ගැන ආරංචි පැතිරුවා අපි දෙන්නා දික්කසාද වෙලා කියලා. ඒක බොරුවක්. මට හැමදේම ලැබුනේ එයා හින්දා. මට දැන් මේ ගෙදර දොර අරිනවා වගේම ස්විට්සර්ලන්තයේ මට තියෙන ගෙදර දොර අරගෙන එහෙට ගිහිං ජිවත් වෙන්න පුළුවන්. මට එහෙ දෙවැනි පුරවැසිකම තියෙනවා. ඒත් මම මෙහෙ දාලා යන්නේ නැහැ.

රන් පෙන්ඩන්ට් පෙට්ටිය සොරා ගත් කතුන් දෙදෙනා CCTV කැමරාවෙන් මාට්ටු
මොරටුව ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවි සලකට පැමිණි කාන්තාවන් දෙදෙනකු තම සිගිති දියණිය යොදවමින් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වටිනාකමකින් යුත් රන් පෙන්ඩන්ට් සහිත පෙට්ටියක් සොරා ගන්නා ආකාරය එම වෙළෙඳසලේ සී.සී.ටී.වී. කැමරා ආශ්රයෙන් අනාවරණය වූ බව එම වෙළෙඳසල හිමියෝ කියති.
පසුගිය 23දා සිගිති දියණිය සමග වෙළෙඳසලට පැමිණ ඇති මොවුන් අත තවත් කුඩා අත දරුවකු ද සිට ඇති අතර
රන් භාණ්ඩ පරීක්ෂා කර මිලදී නොගෙන පිටව ගොස් ඇති බවද කියති.
දිනය අවසානයේදී වෙළෙඳසල වසා තොග ගණනය කිරීමේදී රන් භාණ්ඩ පෙට්ටියක අඩුවක් ඇති බව පෙනී ගොස් ඇති නිසා වෙළෙඳසල් හිමියන් ආරක්ෂක කැමරා පටිගත වීම් නිරීක්ෂණය කිරීමේදී මේ පිළිබඳව අනාවරණය කරගෙන ඇත.
ඡායාරූප අනුග්‍රහය ලංකාදීප

මම ආවේ 'සිස්ටම් එක චේන්ජ්' කරන්න -නදීෂා
තමා දේශපාලනයට පිවිසියේ, පවතින සිස්ටම් එක වෙනස් කිරීමේ අරමුණට සහාය දීම සඳහා බව කලා ශිල්පිනි නදීෂා හේමමාලි පවසන්නීය.
'' පවතින සිස්ටම් එක වෙනස් කිරීමේ දී ඒකාධිපති බලතල සහිත ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඉන් මූලික තැනක් ගන්නවා. මම මගේ පෞද්ගලික දේශපාලන ආකල්ප සහ ප්‍රතිපත්ති සමග ගැලපෙන දේශපාලන ප්‍රතිපත්ති තිබෙන එජාපය තොරාගත්තෙ ඒ නිසා.'' යයි ඇය සඳහන් කරන්නීය.
''අපි හැම වෘත්තියකටම ගරු කරන්න ඕනෙ. දේශපාලනය කියන්නේ ඇත්තටම අවංකවම කරනවනම් ශ්‍රේෂ්ඨ සේවාවක්. නමුත් අද අපි ජීවත්වන්නේ පෝස්ට් මොඩන් සොසයිටි එකක. ජනප්‍රිය සංස්කාතියට තමා මේ රටේ ජනතාවගෙ වැඩි කැමැත්තක් තිබෙන්නෙ. මෙවන් පසුබිමක ප්‍රසිද්ධ චරිත වලට ජනතාව කැමතියි. ඒක එක වෙලාවකට වැරදියි කියලා හිතනවා. මොකද මිනිස්සු බාහිර ප‍්‍රතිරුපයන්ට තමා කැමති,
අභ්‍යන්තර හරයට නෙමේ . ඉතින් එතෙන්දි අපිට වගකීමක් තිබෙනවා, හරයක් එකතු කරන්න . එහෙම නැතිවුනොත් බාහිර සාධකයන් ඉස්මතුවෙලා හරයන් නැතිවෙයි.
දේශපාලන විද්‍යාවත් කලාවත් දෙකම අධ්‍යනය කිරීම ඉතාම වැදගත් වෙන්නේ මෙන්න මේ කියන මනෝ මූලික කාරණා නිසා. අපිට නැත්තෙ මේ අධ්‍යනය. මම කලාවට ආපු මුල්කාලයේදීත් හිතපු දෙයක් සහ ප්‍රකාශ කරපු දෙයක් තමා රංගනයට ආවත් අපිට අධ්‍යනයක් හැදැරීමක් තිබෙන්න ඕනෙ කියලා....''
තමාට සන්ධානයට එක්වන්නැයි ආණ්ඩුවේ ඉහලම පුද්ගලයින් ගෙන් මේවනවිටත් ආරාධනා ලැබෙන බව පවසන ඇය, එහෙත් තමා එම යෝජනා වැඩිව ප්‍රතික්ෂේප කලේ ප්‍රතිපත්ති දේශපාලනය මත පිහිටා බව අවධාරණය කර සිටියි.
තමා දකුණේ කුල ජන්ද පදනම මෙන්ම, පොදු ජන්ද පදනම ගැනත් පොදු ජනතාව ගැනත් විශ්වාසය තබා ඇති කෙනෙකු බවත්, ඒ නිසා තමා කෙරෙහි විශ්වාසය තබන්නයි ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කෙහෙළිය වගකීමක් ඇති ඇමතියෙක් නොවේ - අරුන්දික ප්‍රනාන්දු
"හොර අරක්කු, කුඩුවලට සම්බන්ධ අය ඕන තරම් මේ ආණ්ඩුවේ ඉන්නවා..." යැයි පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෙන්නප්පුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු මේ බව පවසා ඇත්තේ දිනපතා පුවත්පතක් සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
එහිදී මන්ත්‍රීවරයා අවධාරණයන් ප්‍රකාශ කළ කරුනු මෙසේ උපුටා දක්වමු.
"අපි කියන්නෙ මේ එතනෝල් ඉන්දියාවෙන් ගෙන්නන්න ඕනා නැහැ. ලංකාවෙ අතිරික්ත හාල්, බඩඉරිඟු වලින් එතනෝල් නිෂ්පාදනය කරන්න පුළුවන්. එතකොට
පිටරටට දැවැන්ත මුදලක් දෙන්න ඕන නැහැ.
එතනෝල් සිදුවීමට ආණ්ඩුවේ දේශපාලඥයෝ දෙදෙනෙක් සම්බන්ධ බවට කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අරුන්දික මහතා පවසන්නේ "කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිතුමාගේ ජනමාධ්‍ය සම්බන්ධ අයවැයේදී එතුමා උත්තර දුන්න හැටි මං දැක්කා. ඒ වගේ කෙනෙක්ගෙන් ඊට වැඩිය උත්තරයක් බලාපොරොත්තු වෙන්න බැහැ. රංජන් මන්ත්‍රීතුමා සහ ඔහු අතර ඇතිවුණ සංවාදය බලන් ඉඳලා පාර්ලිමේන්තුවේදී අපිටම ලැජ්ජා හිතුනා. මීට වඩා වගකීමකින් කතා කරන ජනමාධ්‍ය අමාත්‍යවරයෙක් අපේ රටට අවශ්‍යයි.
කෙහෙළිය වගකීමක් ඇති ඇමතියෙක් නොවේ
ජනමාධ්‍ය ඇමතිතුමා මේ වෙලාවේ අගමැතිතුමා වෙනුවෙන් කතා කරන්නේ නැහැ. මනාප ගොඩ බදාගන්න පුළුවන් නිසා. මොකද ජනමාධ්‍ය ඇමතිතුමත් නුවර. සමහරුන්ට ඕන මේ අගමැතිතුමා ඉවත් කරන්න.
හොර අරක්කු, කුඩුවලට සම්බන්ධ අය මේ ආණ්ඩුවෙත් ඕන තරම් ඉන්නවා. එයාලට කිසි කතාවක් නැහැ. අපේ සුළු සිද්ධියක් අල්ලගෙන අපිට ලේබල් ගහන්න හදනවා.
දැන් මේ චෝදනාවෙන් නිදහස් වෙන්න මොකද දරන්නේ?
දෙයියන්ට කියනවා. දෙවනුවට නීතියෙ පිහිට පතනවා. තුන්වෙනුව ජනාධිපතිතුමා ගැන උපරිම විශ්වාසය තියනවා."

බැංකු පුතා ලේලිය සමග එක්ව අම්මාව පිළිකන්නට දාලා
නැන්දම්මා නිවසේ පිළිකන්නට දමා කන්න බොන්න නොදී පහර දෙමින් වද හිංසා කල ලේලියක පිළියන්දල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සිද්ධියක් ඊයේ වාර්තා වුණා.
පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ පදිංචිව සිටි ඒ.ජී. ලීලාවතී නමැති 83 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාව කාලයක සිටම මේ ආකාරයට හිරිහැරයන්ට ලක්වන බව අසල්වාසීන් දැන සිටි අතර ‘‘මාව මරන්න එපා මට ගහන්න එපා.“ යයි වෙන කවරදාවත් නැති විදිහට ඊයේ උදේ ඇයට පහරදෙනු ඇසී ඒ ගැන පොලිසියට දැනුම්දීමට ඔවුන් ක්‍රියාකර තිබුණා.
ඒ අනුව පොලිසිය එම දෙමහල් නිවස වටළා පරීක්ෂා කිරීමේදී නිවසේ කාමර ගණනාවක් තිබුණත් නැන්දම්මා ඒ කිසිවක නොසිටි අයුරුත්
නිවසේ පිළිකන්නට වෙන්නට බ්ලොක්ගල් වලින් තාවකාලිකව හැදූ මඩුවක තැබූ ඇඳක ඇය කුසගින්නේ වැතිර සිටි අයුරුත් දැකගන්නට ලැබී තිඛෙනවා.
අධික ලෙස බඩගින්නේ සිටි ඇයට පොලිසිය මැදිහත්වී ආහාර ලබාදුන් අතර ඇයට වදහිංසා පැමිණවූ ලේලිය අත්අඩංගුවට ගන්නට පොලිසිය ක්‍රියා කළා. වයෝවෘද්ධ මවගේ පුතණුවන් විශ්‍රාමික බැංකු නිලධාරියෙකු වූ අතර දෙමහල් සුඛෝපභෝගී නිවසේ ඔහුත් බිරියත් දරු දෙදෙනාත් ජීවත්ව සිට ඇත.
සැමියාගේ මව රුස්සන්නේ නැතිවූ බැවින් ඇයව පැත්තකට තල්ලූකරන්නට ලේලිය ක්‍රියාකර ඇත්තේ දිගු කලකට පෙරයි.
ශාරීරිකව දුර්වල ඇයට ඇවිදින්නටද අපහසුය.ඇය වැස්සට අව්වට පීඩා විඳිමින් මේ මඩුවේ කල්ගත කර තිබුණ අතර නිසි වේලාවට ආහාර පානද ලබාදී නැත. බඩගින්නට කෑගසන අවස්ථාවල අසල්වාසී කාරුණිකයින් තාප්පය උඩින් හොරෙන් කෑම ලබාදී ඇති අවස්ථාද වාර්තාවී තිබුණා. පොලිසිය නිවස වටළන අවස්ථාවේදී ඇය සිටි මඩුවේ ඇයට ජලය ලබාදී තිබුණ ප්ලාස්ටික් බෝතල් හමුව තිබුණා.
ඒවා සෙවල බැඳී අපිරිසිඳු ආකාරයට තිබුණ හැටි දැක පොලිස් නිලධාරීන් විස්මයට පත්වූයේ සතෙකුටවත් මේ ආකාරයට සලකන්නේ නැති බව කතාබහ කරමිනි. වයෝවෘද්ධ මව පොලිස් ප්‍රශ්න කිරීම්වලදී කියා ඇත්තේ මීට දින කිහිපයකට පෙර ඇයට ලේලිය ගඩොල් බාගයකින් පහරදුන් බවකි.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ලේලිය 52 හැවිරිදි වියේ පසුවන්නියකි. ඇයව අද කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතය.
මෙම වැටලීම සිදුකරන්නට පොලිසිය ඉදිරිපත්වූ අවස්ථාවේ අසල්වාසීන් විශාල පිරිසක්ද මේ නිවස අසලට පැමිණ සිටි අතර ඔවුන් සියල්ල පොලිසියට සිය ස්තූතිය පළකර තිබුණා.
දෙමාපියන්ට නොසලකන පුතුන් ලේලියන් ගැන අද කාලයේ විවිධ කතා අසන්නට ලැඛෙනවා. මේ සිද්ධිය අන්අයට දැනගන්නට ලැබුනේ පොලිසිය මැදිහත්වීම නිසාය.
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ

ශෙෂාද්‍රි යුගදිවියට
චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු හා නිෂ්පාදකයකු වන දිනේෂ් ප්‍රියසාද්ගේ දියණියන් තිදෙනාගේ මද්දුමයා වන ශෙෂාද්‍රි ප්‍රියසාද් අද (26) පෙරවරුවේ යුගදිවියට ඇතුළත් විය.
ඇගේ විවාහය සිදුවූයේ කොළඹ ගංගාරාම විහාරස්ථාන සීමාමාලකයේදීය.
ශෙෂාද්‍රිගේ අතගන්නේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ
සේවය කරනු ලබන රන්ජන් සිල්වා මහතාගේ පුතෙක්ය.
මනමාලයා තානාපති කාර්යාලයකට සම්බන්ධ රැකියාවක නිරතව සිටින බවද පැවසේ.
මේ යුවලගේ දෙවැනි ගමන යෙදී ඇත්තේ ජනවාරි 05 වැනිදාට වන අතර එදින කොළඹ කින්ග්ස්බරි හෝටලයේ දී උත්සවයක් පැවැත්වෙන බවත් වාර්තා වේ.
දිනේෂ් ප්‍රියසාද්ගේ වැඩිමහල් දියණිය වන දිනක්ෂි තවම විවාහවී නොමැත.

මට මේ ග්‍රහලෝකෙ ගෙයක් නෑ.. කසාඳ බැන්දෙ නැති නිසා බැදීම් නෑ
තමන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස හිමිවන කුඩා නිල නිවස හැර වෙනත් කිසිදු නිවසක් මේ ග්‍රහලෝකය තුල නැතැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පවසයි.
‘මට ඉතුරුවක් නෑ. මට මේ ග්‍රහ ලෝකෙ ගෙයක් නෑ. මම ඉන්නෙ රජය මන්ත්‍රීවරුන්ට දෙන 10/12 ගෙදරක. සුපිරි නළුවා කියලා මට සමහරු කිවුවට මට ඇත්තටම ගෙයක් නෑ.
අඩුම තරමේ මට ලියපු ගේත්
මම මාස 06න් විකිණුවා අම්මලා බනිද්දී.
මම කසාද බැඳලා නෑ. දරුමල්ලෝ නෑ. ඒ නිසා බැඳීම් නෑ. ඒ නිසා කාලය ඉතුරුයි’ යයිද අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේය.

නදීෂා නෙවෙයි ජුලියා රොබර්ට්ස් දැම්මත් දිනන්නේ මමයි- ගීතා
නදීෂා හේමමාලි නෙවෙයි සුපිරි හොලිවු නිළි ජුලියා රොබර්ට්ස් ගෙනත් දැම්මත් තමන් දිනන බව දකුණු පලාත් සභාවේ මහ ඇමති ධූරය සඳහා තරඟවැදීමට නියමිත ගීතා කුමාරසිංහ පවසනවා.
පෙරේදා රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් තමන්ට විරුද්ධව ආරම්භ කල උපවාසය ගැනද සඳහන් කල ඇය පවසා සිටියේ කුණුහරප තමන් ඉගෙන ගත්තේ දේශපාලඥයන්ගෙන්ම බවයි.
එමෙන්ම තමා අසහ්‍ය චිත්‍රපටයක රඟපෑ දර්ශන
එක් අයෙකු ලඟ තිබෙන බව පැවසීමෙන් මහත් කම්පනයට පත් වූ බවද පවසා සිටියා.
"අනර්කලී ආකර්ෂා මංත්‍රීතුමිය කාලයක් ඉන්නවා. එතුමියගෙන් කාටවත් කරදරයක් නෑ. එතුමියට ප්‍රතිපාදන ලැබුණා නම් එතුමිය ඒවා වියදම් කළේ ගාල්ලේ ජනතාවටයි.
නදීෂා ඉල්ලන්නේ එක්සත් ජාතික පක්ෂයෙන්. එතකොට අඩුවෙන්නේ ඒ පක්ෂයේ ජන්ද. අපිට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. කොහොමත් අපේ පාක්ෂිකයින් නදීෂා හේමමාලි නෙවෙයි ජුලියා රොබර්ට් ගෙනත් දැම්මත් ජන්දේ දෙන්නේ අපිට.
බෙන්තර ඇල්පිටිය හැම බිම් අඟලකටම මම ඇවිදගන යනවා, කාරෙකින් ගිහිල්ලා ඇවිදගන යන්නේ. මම ඒ පලාත අඳුරගත්තා. පලාතේ තියන ප්‍රශ්න අඳුරගත්තා. පලාතේ භූගෝලීය පිහිටීම දන්නවා. සමහර වෙලාවට මට හිතෙනවා මේ මිනිස්සු මගෙන් ඉල්ලන දේවල් මම කොහොමද දෙන්නේ කියලා.
හුඟාක් අර කුණුහරප කියන ඒවා මේ ගොල්ලන්ගෙන්ම තමයි මම ඉගන ගත්තේ. චිත්‍රපට ලෝකයේ අපේ කට්ටිය ඒවා කවදාවත් කතා කළේ නෑ. දේශපාලඥ්යෝ නිතරම කුණුහරප කියනවා, කෑගහනවා. ඉස්සර මුල් දවස් වල මම බය වුණා. පස්සේ ටික ටික මමත් ඒව ඉගනගත්තා.
උපවාසේ දවසේ ඒගොල්ලෝ කෑම කෑවා. එක්කනෙක් ෆෝන් එකකින් වීඩියෝ කරපු එකක් තියනවා බිතර පාං ගෙනල්ලා කාලා මෙට්‍රස් දාගන නිදාගන ඉන්නවා. මම නම් මාරාන්තික උපවාසයක් කළොත් ඇත්තටම මැරෙනකල්ම කරනවා.
මම දෙබස් කව කව ඉද්දී එක්තරා නළුවෙක් මට කිව්වා ඉතාම රහසක් කියන්න තියනවා මම දැක්කා ඔයාගේ නරක චිත්‍රපටයක් තියනවා කියලා. මට ඒ වෙලේ ඉඳන් වැඩ කරගන්න බැරි වුණා. මම එයාට වැඳ වැටුණා අනේ මට ඒක පෙන්නන්න කියලා කිව්වා.
ඒයා ඒක පෙන්නන්නම් කිව්වා හැබැයි කවුරුත් ගෙදර නැති වෙලාවක අරන් එන්නම් කියලා. පෙන්නද්දී වෙන අනං මනං තියන ජරා එකක්. එතනදී යම් කිසි ප්‍රශ්නෙකට මම මූන පෑවා."

නිවාඩු කාලයේත් දරුවන්ට උගන්වන විදුහල්පති හාමුදුරුවෝ !
මාස තුනකට වරක්, මාසයක පමණ නිවාඩුවක් ලබා දෙන්නේ, පාසල් අධ්‍යාපනයෙන් හා පොත්පත්වලින් මඳකට මිදී, එක්කෝ වන්දනා ගමනක් හෝ විනෝද ගමනක්, එහෙමත් නැත්නම් නෑදෑයින්ගේ ගෙවල්වල විනෝදයෙන් සැහැල්ලුවෙන් දරුවන්ට එම කාලය ගත කිරීමට ය.
ඒ අයුරු විනෝදයෙන් සැහැල්ලුවෙන් ගත කිරීමට තිබෙන දෙසැම්බර් නිවාඩුවේ ගුරුවරුන් කැඳවා ගෙන දිනපතා පාසලක මෙන් දරුවන්ට පංති පවත්වන අයුරු මාලබේ තලාහේන මහා විද්‍යාලයට ගොඩවුණු අපට දැක ගැනීමට ලැබිණ.
පාසල් නිල ඇඳුම් හැඳගත් ගැහැනු දරුවන් හා පිරිමි දරුවන්ද පංති කිහිපයක ඉගෙන ගන්නා අයුරු මෙහිදී දක්නට ලැබිණ. විදුහල්පති ස්වාමීන් වහන්සේ වැඩ වසන තලංගම උතුර ශ්‍රී සාලවනෝද්යාරාම විහාරස්ථානයේ සැහැල්ලූ ඇඳුම් හැඳගත්
(පාසල් නිල ඇඳුම නොව) තවත් දරුවන් පිරිසක් වට කරගත් ස්වාමීන් වහන්සේලා කිහිප නමක් නාමාෂ්ට ශතකය, සුභාෂිතය, වදන් කවි පොත, ගණ දෙවි හෑල්ල යන කවි පොත් වනපොත් කරවන අයුරුද, පන්සල් මළුවේ වැලි මත ඇඟිල්ලෙන් අකුරු කරන දරුවන්ද මෙසේ දැක ගැනීමට ලැබිණ. මෙම දර්ශනය ලියුම්කරුගේ සිතට නැංවූයේa ජාතක කතාවල එන දිසාපාමොක් ගුරු ගෙදරක සිත්තමක්ය.
වර්ෂයක මුල හා මැද ලබා දෙන නිවාඩුවට වඩා දෙසැම්බර් මාසයේ ලබා දෙන නිවාඩුව දරුවන්ට අතිශය වැදගත් වන්නේ, ඉහළ පංතියකට සමත්වීමේ ප්‍රීතිය පිළිබඳ මානසිකFවය නිසා පරණ පොත මනසින් දුරු කොට අලුත් පොත්වල නැවුම් සුවඳ විඳගනිමින් නව වසරේ අලුත් පංතියේ පුටුවක වාඩිවීමට ය. එවන්වූ හැඟීමෙන් පසුවන දරුවන්ට සිදුවී ඇත්තේ ඉකුත් පාඩම්වල නැවත යෙදීමේ නීරස අත්දැකීමට යොමුවීමට ය.
නුතන දිසාපාමොක් ගුරු ගෙදරක් බවට, තලාහේන මහා විද්‍යාලය පත්කර ගැනීමේ කතාන්දරයේ සුළමුළ විදුහල්පති කුමාරිගම ගුණසිරි ස්වාමීන් වහන්සේ ‘දිවයින’ට පැවැසුවේ මෙසේය. මුලින්ම මේ කාරණය කියන්න ඕනේ. මෙම පාසලට තේරිලා ඉන්නේ වඩා වැඩි පහසුකම් තිබෙන අවට විද්‍යාලවලට දමා ගන්න නොහැකිවූ එසේම කිසිවක් කරකියා ගන්න නොහැකි අහිංසක දෙමාපියන්ගේ දරුවන්. මෙහි ඉගෙන ගන්න දරුවන් දෙසිය හතළිස්නම දෙනාගෙන් බොහොමයක පවුල්වල අම්මලා රට ගිහිල්ලා. ආච්චිලාගේ රැකවරණය යටතේ තමයි මේ දරුවන් වැඩි දෙනෙක් නිවෙස්වල ගත කරන්නේ. නිවෙස්වල පවත්නාවූ මෙම වාතාවරණය නිසා මෙහි අධ්‍යාපනය ලබන දරුවන් බොහෝ දෙනකුගේ ඉගෙනුම් ක්‍රියාවලිය ඉතාමත්ම පහත් මට්ටමකයි පවතින්නේ.
විදුහල්පති ධුරයේ වැඩ භාර ගැනීමෙන් පස්සේ මෙම තත්ත්වය අවබෝධ කර ගත් මම, විදුහලේ ගුරු මණ්ඩලය හා එක්ව පසු ගිය වසර දෙකක කාලය තුළ දරුවන්ගේ වාර විභාගවල ප්‍රතිඵල ඉහළ නැංවීමේ ව්‍යාපෘති කිහිපයක්ම සිදු කළා. මෙහිදී අපට පෙනී ගිය කාරණාවක් තමයි මෙම පාසලේ ඉගෙනුම ලබන්නාවූ බොහොමයක් දරුවන්ට තමන්ගේ නිවෙස්වල ඉගෙනුම් පරිසරයක් නැති බව. නිවසේ ඉගෙනුම් පරිසරයක් නොතිබීම දරුවන්ගේ අධ්‍යාපනික තත්ත්වයට බෙහෝදුරට බලපා තිබෙනවා. මේ නිසා පංතියේ කියා දෙන පාඩම ඊළඟ දවසේදී දරුවන්ට අමතකයි. එසේම, මෙම නිවාඩු මාසයේ ගෙදර සිටින විට දරුවන්ට පාඩම් මුළුමණින්ම අමතක වෙනවා. මේ නිසා ගුරුමණ්ඩලය කල්පනා කළා මුළු නිවාඩු මාසයේම දුර්වල දරුවන් ඒ ඒ පන්ති වශයෙන් පාසලට කැඳවා ගනිමින් අමතර පංති පැවැත්වීමට. මෙහිදී දරුවන්ට විෂය නිර්දේශයට අදාල පාඩම් පැවැත්වීම වෙනුවට, පාඩම කියවලා ඒ අයුරු කියවන පාඩම තමන්ම ධාරණය කර ගන්නා ආකාරය කියා දෙනවා. පාඩමක් කියවන්නේ කොහොමද, පාඩමේ අන්තර්ගතය තෝරා ගන්නේ කෙසේද, පාඩමට අදාලව දැන ගත යුතු මූලික කරුණු කාරණා මොනවාද යන්න දරුවන්ට හුරුකර වීමයි මෙම අමතර පංති පැවැත්වීමේදී ගුරුවරු සිදුකරන්නේ. හයේ ඉඳලා එකොළහ වසර දක්වා දරුවන් සියලු දෙනාටම, ගණිත පාඩමේ දෙවරක් ඉඳලා පහළොස්වන චක්කරේ දක්වා හොඳට පාඩම් කරවා තිබෙනවා. පසුගිය වාර විභාගයේ ලකුණු අඩු දරුවන්ගේ සියලුම ප්‍රශ්න පත්රවලට නැවත පිළිතුරුපොත් බලා ගෙන ලියෙව්වා. ඒ වගේම නිවසේදී පැවැරුම් කර ගෙන එන්න කියලා දෙනවා. ඒවා කර ගෙන නො පැමිණි දරුවන් ලවා පාසලේදී පැවරුම් කරවනවා. මෙම අමතර පංතිවලට කැඳවා නොගන්නා තරමක් දක්ෂ දරුවන්ට තම නිවසේදී කර ගැනීමට පැවැරුම් වැඩ දෙනවා.
පාසල් නිවාඩු කාලයේදී මෙම විදුහලට පැමිණ මෙකී කාර්ය සාර්ථක කර ගැනීමට උපදෙස් ලබා දෙන්නේ කොළඔ අශෝක විද්‍යාලයේ විදුහල්පති ලෙස කටයුතු කරන කපිතන් වයි. යසරත්න මහතායි. කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ විදුහල්පති වශයෙන් කටයුතු කරන අවධියේ එම විදුහලේ 2013 පහ වසර ශිෂ්‍යFවය සඳහා පෙනී සිටි සිසු දරුවන් උදෙසා පිළියෙළ කළ පැවැරුම් සියල්ලක්ම මෙම විදුහලටද ලබා දෙමින් මෙහි දරුවන්ගේ පහ වසර ශිෂ්‍යFව ප්‍රතිඵල ඉහළ නැංවීමට අතහිත ලබාදුන් ඔහු සඳහන් කරන්නේ මෙවැන්නකි. ගු=ණසිරි ස්වාමීන් වහන්සේ මෙම පාසලේ විදුහල්පති ධුරයේ වැඩ භාරගත් දිනයේa සිට උන්වහන්සේ අවබෝධ කර ගත් කාරණයක් තමයි වාර පරීක්ෂණවලදී ප්‍රතිථල අනුව මෙහි දරුවන්ගේ මූලික සාධන මට්ටම්වල ගැටලු තියෙන බව. එකේ සිට පහ වසර දක්වා ඉගෙන ගන්නාවූ දරුවන්ගේ මූලික ගණිත ගැටලු තියෙනවා. එසේම කියවීම, ලිවීම, සවන්දීම හා කථනය යනුවෙන් වූ චතුර්විධ භාෂා කුසලතාවල ගැටලු තියෙනවා. මෙන්න මේ ගැටලුවල දත්ත අර ගෙන ස්වාමීන් වහන්සේ විශ්ලේෂණයක් කළා. එහිදී උන්වහන්සේ ගුරු මණ්ඩලය සමඟ සාකච්ඡා කර තීරණයට එළඹුණා නිවාඩු මාසයේදී දරුවන්ගේ මෙම අඩුපාඩු සම්පූර්ණ කරන්න. මෙම වැඩපිළිවෙළේ එක් අවස්ථාවක් තමයි, එකේ සිට පහ වසර දක්වා අධ්‍යාපනය ලබන්නාවූ දරුවන් එකසියඑක් දෙනකුගෙන් භාෂාමය කුසලතාවල හා මූලික ගණිත ගැටලුවල සාධන මට්ටම් නැති දරුවන් විසි දෙදෙනා පන්සලට කැඳවා ගෙන පන්සල් අධ්‍යපනය ලබා දීමට පියවර ගැනීම.
දරුවන්ට ලබාදෙන පන්සල් අධ්‍යාපනය පිළිබඳව විදුහල්පති ගුණසිරි ස්වාමීන් වහන්සේ විස්තර කළේ මෙසේ ය. පිරිවෙනේ සහ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන පන්සලේ පොඩි ස්වාමීන් වහන්සේලා හතර නමක් ලවා මේ දරුවන්ට සතියේ හැමදාක ම උදේ අටේ සිට සවස දෙක දක්වා පන්සල් හෝඩිය, නම් පොත, සකස්කඩය, මඟුල් ලකුණ, වදන් කවි පොත,ගණ දෙවි හෑල්ල වැනි පොත්වල කවි කට පාඩම් කරවනවා. දැන් දරුවන්ට මේවායේ කවි කටපාඩමෙන් පවා කියන්න පුලුවන්.
චතුර්විධ කුසලතාවේ භාෂාමය කුසලතාව වර්ධනය කර ගන්න හොඳම උපක්‍රමය තමයි සකස්කඩය, වදන් හෑල්ල කියවා දරුවන්ගේ කට හුරු කරවීම. මෙසේ කියන්නේ විදුහල්පති වයි. යසරත්න මහතා ය. මෙහි තවත් කාරණාවක් තමයි වැලිපිල්ලේ ඇඟිල්ලෙන් අකුරු ලියා දරුවන්ගේ අත හුරු කරවීම. මෙම දරුවන්ට දිවා ආහාරය පවා ලබා දෙන්නේ පන්සලෙන්.මෙම වැඩ සටහන සඳහා පන්සලට නොපැමිණෙන දරුවන්ට පැවැරුම් අභ්‍යාස තමන්ගේ නිවෙස්වල සිටම කරගන්න අවකාශය සලස්වා තිබෙනවා. දරුවන් එම අභ්‍යාසවල නිරත වනවාද කියා ස්වාමීන් වහන්සේ එම දරුවන්ගේ නිවාස වලට ගිහින් තොරතුරු විමසා බලනවා. ඒ වගේම පාසලට, පන්සලට නොපැමිණෙන දරුවන් ගැනත් උන්වහන්සේ සොයා බලනවා.
එතකොට හාමුදුරුවනේ හය වසරේ සිට එකොළහ වසර දක්වා සියලූම දරුවන් දින පහේම පාසලට ඇවිත් මෙම වැඩ සටහනට සහභාගී වෙනවාද? යනුවෙන් නැගූ පැනයට උන්වහන්සේ පිළිතුරු දුන්නේ මෙසේ ය. ප්‍රාථමික පංතිවල දරුවන් විසිදෙදෙනා දින පහහේම කැඳවා ගන්නවා. ඉහළ පංතිවල දරුවන්ගෙන් හය හත වසරේ අය එක දවසක්, අට නවය තවත් දවසක් යන ආකාරයට පංති දෙක දෙක බැගින් පංති මට්ටමින් තමයි හය වසරින් ඉහළ දරුවන් මෙම වැඩ සටහනට සහභාගී කරවා ගන්නේ. ඒ වගේම පාසලේ සිටින ගුරුවරුන් විසිඑක් දෙනාගෙන් දිනකට තිදෙනා බැගින් මෙම වැඩ සටහනට ගුරුවරුන් සහභාගී වන්නේ සතියකට දින දෙකක් පමණයි. නිවාසවල පවතින පවුල් ප්‍රශ්න නිසා මේ දරුවන්ට අම්මා තාත්තාගේ සෙනෙහස පවා ලබා දෙන්නේ මේ ගුරුවරු. මෙම විදුහලේ පරිත්‍යාග ශීලීන්ගේ උපකාරයෙන් පුටු හතළිහක කාමරයක පවත්වා ගෙන යන මල්ටිමීඩියා බහුමාධ්‍ය ඒකකය මගින් මෙම විදුහලේ දරුවන්ට අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ අධ්‍යාපනය ලබා දීමට පවා අවශ්‍ය පහසුකම් සලසා දී තිබෙනවා. ඒ අනුව පරිගණකය පරිහරණය කිරීමේ දැනුම මෙහි ඉගෙනීම ලබන හැම දරුවකුටම ලබාදී තියෙනවා.
ඒ විතරක් නොවෙයි සමහර දරුවන්ට කෑම බීම හා අනෙකුත් අඩුපාඩු පවා ගුණසිරි ස්වාමීන් වහන්සේ සපුරන්නේa විහාරස්ථානයට ලැබෙන දානයෙන් හා පිරිකරවලින්. දරුවෙක් අසනීප වුණාම රෝහලට පවා රැගෙන යන්නේ උන්වහන්සේගේ වාහනයෙන්. විදුහලට අවශ්‍ය භෞතික සම්පත් පළාත් අමාත්‍යාංශයෙන් මෙන්ම දානපතියන් ගෙන් ලබාගෙන විදුහලේ අඩුපාඩු හුඟාක් දුරට සම්පූර්ණ කර ගැනීමට උන්වහන්සේ කටයුතු කරන බව මෙහිදී යසරත්න මහතා සඳහන් කරයි.
මෙම පාසලේ ගුරුවරුන් විසිඑක් දෙනාගෙන් එදින පැමිණ සිටි මෙත්තා ද සිල්වා (විද්‍යා විෂය), මල්ලිකා පද්මසිරි (වාණිජ්‍ය හා ඉංග්‍රීසි) සහ උපුල් (ඉංග්‍රීසි) යන ගුරුමහත්ම මහත්මීන් සඳහන් කරන්නේ, නිවාඩු මාසයේ වුවත් සියලු ගමන් වියදම් දරා ගනිමින් තමන් ඇතුළු පාසලේ ගුරු මණ්ඩලය ස්වේච්චාවෙන් මෙම සද්කාර්යයට සහභාගී වන්නේ ඉතාමත් සතුටින් බවයි.
නිවාඩු මාසයේ ගෙදර ඉන්න නොදී පාසලට කැඳවා ගැනීම ගැන ශම්මි එරන්දන දියණියගෙන් විමසූ කල ඇය සඳහන් කර සිටියේ මෙවැන්නකි. අපේ දුර්වලකම් හඳුනා ගෙන විදුහල්පති ස්වාමීන් වහන්සේ ඇතුළු ගුරු මණ්ඩලය මේ අයුරින් කැපවන්නේ අපේම යහපත වෙනුවෙන්. දුර්වල විෂයන්වල අඩුපාඩු හදාගන්න ලැබුණු හොඳම අවස්ථාවයි මේ. නිවාඩු මාසයේ ළමයි උපකාරක පංතිවලට ගිහින් අලුත් පංතියේ විෂයයන් ඉගෙන ගන්නවා. අපව පෞද්ගලික පංතිවලට යවන්න තරම් අපේ අම්මලා තාත්තලාට මුදල් නැහැ. ඒ හින්ද මේ පංතිවලට අපි සහභාගීවන්නේ හරිම කැමැත්තෙන්.
මෙම විදුහලේ නොයෙකුත් අඩුපාඩු සපුරාලන අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සේවය කර දැනට විශ්‍රාම ගෙන සිටින පී.බී. සේනාගම මහතා සඳහන් කරන්නේ මෙවැන්නකි. නොයෙකුත් ආර්ථික අපහසුතාවන් තිබුණත් මෙම විදුහලේ දක්ෂ දරුවන් ඉන්න බව විවිධ ප්‍රසංග හා නොයෙකුත් ක්‍රියාකාරකම්වලින් මට පැහැදිලි වුණා. අමාත්‍යාංශ ප්‍රතිපාදන වලින් බහුමාධ්‍ය පංති කාමරය හා විද්‍යාගාරය මෙම විදුහලට ලබා ගැනීමේදී මගේ පූර්ණ අනුග්‍රහය ලබා දුන්නා වගේම, ඒ සඳහා පංති කාමරය සකස් කිරීමේදී මුදලින් පවා උපකාර කළා. ඒ වගේම 2012 වර්ෂයේ අපොස සාමාන්‍ය පෙළ ඒ නවයක් ලබා ගෙන ඉහළින්ම සමත්වුණු දරුවන් දෙදෙනකුට ශිෂ්‍යFව දෙකක් ප්රදානය කළා. ඒ අනුව උසස් පෙළ අවසන් වන තෙක් ඔවුන් එහි ප්රතිලාභ ලබනවා. ඔවුන් දෙදෙනා දැනට දේවි බාලිකා සහ මාලබේ රාහුල යන විද්‍යාලවල උසස් පෙළ හදාරණවා.
තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා
එ සැඩ මහා වතුරෙන් වත් වල නොහෙනා
කෝප වුවත් රජ මැතිඳුන් ගත නොහෙනා
උගත මනා සිල්පය ම යි මතු රැකෙනා
ගණ දෙවි හෑල්ල සහ වදන් කවි පොතේ එන මෙම කවිය යථාර්ථයක් බවට පත් කර ගනිමින්, අහිංසක දරුවන්ගේ නැණ නුවණ පාදා ඔවුන් සමාජයේ උගත් බුද්ධිමතුන් බවට පත් කිරීමට තලාහේන මහා විද්‍යාලය සිදුකරන්නාවූ මේ සද් කාර්යයට,මුදල දෙවියන් සේ පුද සත්කාර ලබන සමාජයේ කොයි කාගේත් ඇස් කන් යොමු විය යුතුය.
- උදේනී චන්ද්‍රසිරි / දිවයින

4..gif)
.gif)

.gif)
.gif)
.gif)
.gif)
.gif)
.gif)