sinhala hot gossip news gossip 9 lanka news, sinhala hot gossip , sri lanka gossip e gossip news 9
උරේෂා තම පුතු ගැන කියන කතා
ප්‍රකට ගායිකා උරේෂා රවිහාරි සිය පුතු ගැන දියණිය පුවත්පතට අදහස් දක්වමින් පවසා ඇත්තේ තමන් මෙන් අනාගතයේදී තම පුතු ගායන කුසලතාවන් පෙන්වනු ඇතැයි යන්න විශ්වාස කරන බවත් දැනට මාස 11 ක් වන ඔහු සිංදු වලට තාල අල්ලන්නට පටන්ගත්තේ තම කුස තුළ සිටින කාලයේ පටන්ම බවත්ය.
ඇත්තටම අම්ම කෙනෙක් විදියට මම ලබපු හොඳම අත්දැකීම මගේ පුතා මගේ කුස තුළ ඉද්දි චලනය වීමයි.
ඒක හරිම ආශ්වාදනීය අත්දැකීමක්.මට හොඳට මතකයි පුතා ලැඛෙන්න පෙර
අවසන් වරට මං සහභාගී වූ සංගීත ප්‍රසංගය පැවැත්වුනේ මහනුවර ප්‍රදේශයේ. මං සමනල් හැඟුමන් ගීතය තමයි එදා වේදිකාවෙ ගායනා කරකර හිටියෙ. එදා එයා මට ගීතය කියන්න දුන්නෙ පුදුම සහයෝගයක්.එයත් කුසේ ඉඳලා ඒකෙ තාලයට පැද්දෙන්න පටන් ගත්තා. පුතා කවදාවත් නැති විදියට ඒ ගීතය එදා වින්ද බව මට හොඳටම විශ්වාසයි.
අදටත් මං එයා නළවන්නෙ නිදි කරවන්නේ මං මගේ ගීත ගායනා කරන ගමන්. සසේන් ප්‍රවිවේක් නමැති ඔහුට දැන් මාස 11 ක්.ගීත වලට හොඳට ඇහුම් කන් දෙනවා. කවදා හරි එයා සංගීතය ප්‍රියකරන කෙනෙක් බව නම් විශ්වාසයි.
ඡායාරූපය-චන්දු බන්දුල
