මට මේ ග‍්‍රහලෝකෙ ගෙයක් නෑ.. කසාඳ බැන්දෙ නැති නිසා බැදීම් නෑ

තමන්ට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස හිමිවන කුඩා නිල නිවස හැර වෙනත් කිසිදු නිවසක් මේ ග‍්‍රහලෝකය තුල නැතැයි එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක පවසයි.

‘මට ඉතුරුවක් නෑ. මට මේ ග‍්‍රහ ලෝකෙ ගෙයක් නෑ. මම ඉන්නෙ රජය මන්ත‍්‍රීවරුන්ට දෙන 10/12 ගෙදරක. සුපිරි නළුවා කියලා මට සමහරු කිවුවට මට ඇත්තටම ගෙයක් නෑ.

අඩුම තරමේ මට ලියපු ගේත්

මම මාස 06න් විකිණුවා අම්මලා බනිද්දී.

මම කසාද බැඳලා නෑ. දරුමල්ලෝ නෑ. ඒ නිසා බැඳීම් නෑ. ඒ නිසා කාලය ඉතුරුයි’ යයිද අදහස් දක්වමින් මන්ත‍්‍රීවරයා කියා සිටියේය.