කෙහෙළිය වගකීමක් ඇති ඇමතියෙක් නොවේ - අරුන්දික ප්‍රනාන්දු | Gossip lanka news Sinhala News Sinhala Cinema News

"හොර අරක්කු, කුඩුවලට සම්බන්ධ අය ඕන තරම් මේ ආණ්ඩුවේ ඉන්නවා..." යැයි පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෙන්නප්පුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු මේ බව පවසා ඇත්තේ දිනපතා පුවත්පතක් සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

එහිදී මන්ත්‍රීවරයා අවධාරණයන් ප්‍රකාශ කළ කරුනු මෙසේ උපුටා දක්වමු.

"අපි කියන්නෙ මේ එතනෝල් ඉන්දියාවෙන් ගෙන්නන්න ඕනා නැහැ. ලංකාවෙ අතිරික්ත හාල්, බඩඉරිඟු වලින් එතනෝල් නිෂ්පාදනය කරන්න පුළුවන්. එතකොට

පිටරටට දැවැන්ත මුදලක් දෙන්න ඕන නැහැ.

එතනෝල් සිදුවීමට ආණ්ඩුවේ දේශපාලඥයෝ දෙදෙනෙක් සම්බන්ධ බවට කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අරුන්දික මහතා පවසන්නේ "කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිතුමාගේ ජනමාධ්‍ය සම්බන්ධ අයවැයේදී එතුමා උත්තර දුන්න හැටි මං දැක්කා. ඒ වගේ කෙනෙක්ගෙන් ඊට වැඩිය උත්තරයක් බලාපොරොත්තු වෙන්න බැහැ. රංජන් මන්ත්‍රීතුමා සහ ඔහු අතර ඇතිවුණ සංවාදය බලන් ඉඳලා පාර්ලිමේන්තුවේදී අපිටම ලැජ්ජා හිතුනා. මීට වඩා වගකීමකින් කතා කරන ජනමාධ්‍ය අමාත්‍යවරයෙක් අපේ රටට අවශ්‍යයි.

කෙහෙළිය වගකීමක් ඇති ඇමතියෙක් නොවේ

ජනමාධ්‍ය ඇමතිතුමා මේ වෙලාවේ අගමැතිතුමා වෙනුවෙන් කතා කරන්නේ නැහැ. මනාප ගොඩ බදාගන්න පුළුවන් නිසා. මොකද ජනමාධ්‍ය ඇමතිතුමත් නුවර. සමහරුන්ට ඕන මේ අගමැතිතුමා ඉවත් කරන්න.

හොර අරක්කු, කුඩුවලට සම්බන්ධ අය මේ ආණ්ඩුවෙත් ඕන තරම් ඉන්නවා. එයාලට කිසි කතාවක් නැහැ. අපේ සුළු සිද්ධියක් අල්ලගෙන අපිට ලේබල් ගහන්න හදනවා.

දැන් මේ චෝදනාවෙන් නිදහස් වෙන්න මොකද දරන්නේ?

දෙයියන්ට කියනවා. දෙවනුවට නීතියෙ පිහිට පතනවා. තුන්වෙනුව ජනාධිපතිතුමා ගැන උපරිම විශ්වාසය තියනවා."
 
Top