ගැබිණි මව්වරුන්ගේ පැතුම් ඉටුකරන වසු පැටවෙක් | Gossip lanka news Sinhala News Sinhala Cinema News

අවුරුදු 3 ක් වයසැති කකුල් 5 ක වසු පැටියෙක් ඉන්දියාවේ රායිපූර් නගරයේ සිටියි. ගැබිණි මවක් වසු පැටියාගේ පස්වන කුරය අල්ලා පුතෙක් බිහි වේවායි ප්‍රාර්ථනාවක් කළහොත් ඇයට පුතෙකු බිහිවෙතියි කියති.

මෙතෙක් පැමිණි මව්වරුන් සෑම දෙනකුම පුතුන් බිහි කළ බව කියති. දියණියන් 4 දෙනෙක් සිටින මවක් නිවුන් පුතුන් දෙදෙනෙකු බිහි කළාලු.

දස ලක්ෂයකට එකකු පමණක් උපත ලබන වස්සන් ඉතා වාසනාවන්ත බව අයිතිකරු රාජ් ප‍්‍රතාප් පවසයි.

මේ වන විට ඉන්දියාවේ ඉතා ජනපි‍්‍රය චරිතයක් බවට පත් වී ඇති

මෙම වසු පැටියා ඇල්ලීමට පැමිණෙන සෑම මවකගෙන්ම රුපියල් 1000 ක පමණ මුදලක් අය කරීමට ඔහු වගබලා ගනී.

රාජු නම් තුන් හැවිරිදි වස්සා දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක් වන මෙය කෙදිනක හෝ ලෝ වටා ගැබිණි මව්වරුන්ගේ පැතුම් ඉටු කිරීමට තමන් කටයුතු කරන බවත් ප‍්‍රතාප් සඳහන් කියයි. 


 
Top