ශෙෂාද්‍රි යුගදිවියට | Gossip lanka news Sinhala News Sinhala Cinema News

චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු හා නිෂ්පාදකයකු වන දිනේෂ් ප්‍රියසාද්ගේ දියණියන් තිදෙනාගේ මද්දුමයා වන ශෙෂාද්‍රි ප්‍රියසාද් අද (26) පෙරවරුවේ යුගදිවියට ඇතුළත් විය.
ඇගේ විවාහය සිදුවූයේ කොළඹ ගංගාරාම විහාරස්ථාන සීමාමාලකයේදීය.
ශෙෂාද්‍රිගේ අතගන්නේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ

සේවය කරනු ලබන රන්ජන් සිල්වා මහතාගේ පුතෙක්ය.
මනමාලයා තානාපති කාර්යාලයකට සම්බන්ධ රැකියාවක නිරතව සිටින බවද පැවසේ.

මේ යුවලගේ දෙවැනි ගමන යෙදී ඇත්තේ ජනවාරි 05 වැනිදාට වන අතර එදින කොළඹ කින්ග්ස්‌බරි හෝටලයේ දී උත්සවයක් පැවැත්වෙන බවත් වාර්තා වේ.

දිනේෂ් ප්‍රියසාද්ගේ වැඩිමහල් දියණිය වන දිනක්ෂි තවම විවාහවී නොමැත. 




 
Top