
පොලිස් හදිසි ඇමතුම් අංශයේ 119 ට ලැබුණු ඇමතුමක් අනුව නිවස වටලා මෙම දෙදෙනා අත්අඩංගුවට ගත් අතර ශිෂ්‍යයාගේ වයස අවුරුදු 15 මාස 10 ක් වන අතර ශිෂ්‍යාවගේ වයස අවුරුදු 15 මාස 9 ක් බව උප්පැන්න ලේඛන පරීක්‍ෂා කිරීමේදී අනාවරණය වූ බව පොලිස් පරීක්‍ෂිකා මල්කා තුෂාරි, නඩු මෙහෙයුම් අංශයේ ස්‌ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක චන්දන තෙන්නකෝන් හා කොස්‌තාපල් (55301) ගුනේන්ද්‍ර යන මහත්වරු අධිකරණය හමුවේ කියා සිටියේය.
මෙම දෙදෙනා වසරකට අධික කාලයක සිට පෙම් සබඳතාවයක් පවත්වා ඇතැයි ද අත්අඩංගුවට ගත් මෙම පාසල් දරු දෙදෙනා කළුතර නාගොඩ රෝහලේදී වෛද්‍ය පරීක්‍ෂණයකට යොමු කළ බව ද කියා සිටියේය.
දැනට මෙම දෙදෙනා 11 වැනි වසරේ ඉගෙනුම ලබති.
නීතිඥවරුන් වන කනිෂ්ක වන්නිඅච්චි, විරාඡ් ජයනෙත්ති, සරත් කරවිට යන මහත්වරු පාසල් ශිෂ්‍ය ශිෂ්‍යයන්ගේ භාරකරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් මෙම දෙදෙනාට ඇප ලබාදෙන ලෙස අධිකරණයෙන් අයෑද සිටියේය.
පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මව්පියන්ට දැඩි ලෙස අවවාද කළ විනිසුරුවරයා පරිවාස නිලධාරීන්ගේ අධීක්‍ෂණයට මෙම දෙදෙනා පත් කරමින් එක් අයකුට රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇප දෙක බැගින් ඇපමත මුදාහරින ලෙස නියෝග කළේය.
කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් පතිනායක මහතාගේ උපදෙස් මත කළුතර මූලස්‌ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සමන්ත වෙදගේ, කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂක මල්කා තුෂාරි, සැරයන්වරුන් වන (27186) ආනන්ද හා (26160) ලියනගේ යන මහත්ම මහත්මීහු පරීක්‍ෂණ පවත්වා මෙම දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
මෙම දැරියගේ පියා කළුතර නගරයට ආසන්න තොග වෙළෙ¹මේ නිරත රේගු නිලධාරියකු වන අතර ශිෂ්‍යයාගේ පියා වරාය අධිකාරියේ සේවයේ නිරත වන අයෙක් බව ද පොලිසිය පැවසීය.
මෙම ශිෂ්‍යයාගේ මව ද සිය දරුවා බැලීමට පොලිසියට පැමිණ සිටි අතර මේ අවාසනාවන්ත සිද්ධිය වනතුරු මේ ප්‍රේම සම්බන්ධය ගැන නොදන්නා බව පොලිසියට පවසා ඇත.
ශිෂ්‍යයාගේ මව කියා සිටියේ සිය පුතා හිතුවක්‌කාරයකු වන අතර ඔහු මත්පැන් පානය කරන බව තමන් නොදන්නා බවය.