
මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ කටුගස්‌තොට කෝනාර මුදියන්සේලාගේ ප්‍රියශාන්ත බණ්‌ඩාර හා ඔහුගේ බිරිඳ වන ගලගොඩ ආරච්චිගේ ඉසුරී නිමේෂිකා යන දෙදෙනා වෙති. කටුගස්‌තොට පොලිසියේ අපරාධ අංශයේ උ.පො.ප. ශාන්ත බණ්‌ඩාර හා තවත් නිලධාරියෙකු කරන ලද රහසිගත මෙහෙයුමකදී කප්පම් ගනිමින් සිටියදී මේ දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. මහනුවර සහකාර පොලිස් අධිකාරි රත්නායක මහතාගේ උපදෙස් මත කටුගස්‌තොට වැ.බ. පොලිස් ස්‌ථානාධිපති කෝනාර මහතාගේ අධීක්‍ෂණය යටතේ අපරාධ අංශයේ උ.පො.ප. ශාන්ත බණ්‌ඩාර ඇතුළු පොලිස් කණ්‌ඩායමක් වැඩිදුරටත් පරීක්‍ෂණ පවත්වයි.