ඉඩම් ආරවුලකට: නිවෙසට ගිනි තියලා | Gossip lanka news Sinhala News Sinhala Cinema News


මිහින්තලේ කඩුපොත මරදන්කල්ලේ නිවෙසකට බලහත්කාරයෙන් ඇතුළු වී නිවෙසෙහි තිබූ භාණ්ඩ රැසක් එළියට ඇද දමා ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉකුත්දා (27දා) කාන්තාවක් මිහින්තලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉඩම් ආරවුලක් දුරදිග යෑම නිසා මෙම ගිනි තැබීමට හේතුවී ඇතැයි මිහින්තලේ පොලිසිය පවසයි. මෙම ගිනි තැබිමෙන් රුපියල් දස දහසක අලාභයක් සිදුවී ඇතැයි වාර්තා වේ.

මිහින්තලේ පොලිස් ස්ථානාධිපති පො. පරීක්ෂක ඒ.ආර්.ජී. සුනිල් ශාන්ත මහතාගේ උපදෙස් මත අපරාධ අංශ ස්ථානාධිපති උප.පො. පරීක්ෂක ප්‍රියදර්ශන මහතා වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
 
Top