සෙබල රියට පාර වැරදී කෝප්‍රල් වරයෙක් මියයයි | Gossip lanka news Sinhala News Sinhala Cinema News

යුධ හමුදා සෙබළුන් පිරිසක් ගමන් කරමින් තිබූ වෑන් රථයක් හලාවත - පුත්තලම මාර්ගයේ දැදුරුඔය ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපීමෙන් සිදුවු අනතුරකින් එක් අයෙක් මිය ගොස් 07 දෙනෙකු තුවාල ලැබීය.මිය ගොස් ඇත්තේ අනතුරට පත් වෑන් රථයේ රියදුරු ලෙස සේවය කළ යුධ හමුදා කෝප්‍රල් වරයෙකි.තුවාල ලබා ඇති අය අතර සෙබළුන් 04 දෙනෙකු සහ සෙබළියන් 03 ක්ද වේ.ඔවුන් හලාවත මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.අනතුරට පත් වෑන් රථය ඡායාරූපයේ වේ.
 
Top