90 හැවිරිදි මහල්ලෙක් 15 වියැති දැරියක් විවාහ කර ගැනීමේ සිද්ධියක් සවුදි අරාබිය පුරා මානව අයිතිවාසිකම් කණ්ඩායම්වල හෙලා දැකීමට ලක් වුවද තමා කිසිම අපරාධයක් කර නැතැයි ඔහු කියයි.
ඩොලර් 20000 ක පමණ මුදලකට දෙමවුපියන් විකුණා ඇති දැරිය මංගල රාත්රියේදී සැමියාට බියවීම නිසා දින දෙකක් තිස්සේ කාමරයට වැදී දොර වසාගෙන සිට අවසානයේ දෙමවුපියන් වෙත පලාගොස් ඇත.
තම විවාහය නීත්‍යානුකූල හා නිවැරදි එකක් බවත් දැරියගේ දෙමවුපියන්ට අවශ්‍ය දෑවැද්ද තමන් ලබා දුන් බවත් ඔහු කියයි. මුදල් හෝ දැරිය ආපසු ලබා නොදුන්නොත් දෙමවුපියන්ට විරුද්ධව නඩු පැවරීමට ඔහු සූදානම් වෙයි.
මානව අයිතිවාසිකම් පිලිබඳ සවුදි ජාතික සංධානයේ සාමාජික සුහයිලා සෙයින් අල් අබෙඩින් දැරිය ශෝකාන්තයකින් ගලවා ගැනීමට මැදිහත් වන ලෙස අධිකාරීන්ගෙන් ඉල්ලා ඇත. මීට එරෙහි බොහෝ මත විවිධ පුද්ගලයින් මෙන්ම ට්විටර් භාවිතා කරන්නන්ද පල කර ඇත.
සවුදි අරාබියේ විවාහ වලින් පහෙන් එකක් පමණ දික්කසාද වලින් කෙලවර වන්නේ බලෙන් විවාහ කරවීම නිසාය. නමුත් මෙහි ලමා විවාහ වලට එරෙහි නීති නැත.
ඉස්ලාම් ආගම හා සවුදි සම්ප්රදාය ඉස්මතු කරමින් විනිසුරුවන් එය සාධාරණීකරණය කරයි. 2010 දී විවාහ ගැන්වීම් 60000 ක් පමණ සිදු කර ඇති අතර ඉන් 18000 ක් පමණ දික්කසාද වී ඇත.
ඩුබායි හි වෙබ් අඩවියක් වන එමිරේට්ස් 24/7 මගින් කල අධ්‍යයනයකින් හෙලි වී ඇත්තේ සවුදි රාජ්‍යය 30% ක පමණ විවාහ බිඳවැටීමේ අගයක් පෙන්නුම් කරන බවයි.
Home
»
»Unlabelled
» 90 වියැති සවුදි සෞදි අරාබි මහල්ලෙක් ලදැරියක් සහේට ගනී
