නාන්න ගොස් ආයේ නොඑයි
සමන්තුරේ අල් අර්සාද් විද්‍යාලයේ ගුරුවරයෙක් ඇලක දිය නෑමට ගොස් ඊයේ(8) දියේ ගසාගෙන ගොස් අතුරුදන් වී ඇත.කල්මුණේ පන්ඩිරිප්පු ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් වන වෙල්ලකුට්ටි කනගරත්නම් නැමැති 52 හැවරදි ගුරුවරයා එසේ දියේ ගසාගෙන ගොස් තිබේ. සමන්තුරය අට්ටලපලම් ප‍්‍රදේශයේ පිහිටි මාට්ටුපොලේ ඇල්ලෙහි දිය නාමින් සිටියදී ඔහු මෙම අනතුරට මුහුණදී ඇතැයි පොලිසිය කියයි.
