සිසුවියකට අතවර කළ උපස්ථායක දැලේ | Gossip lanka news Sinhala News Sinhala Cinema News

පාසල් සිසුවියකට අතවර කළ බව කියන රෝහල් උපස්ථායකයෙකු හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

51 හැවිරිදි හලාවත රෝහලට අනුයුත්තව සේවය කරන උපස්ථායකයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

අතවරයට ලක්වූ බව කියන දැරිය ප්‍රතිකාර සඳහා හලාවත මහරෝහලට ඇතුළත් කර තිබේ.

සැකකරු හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

හලාවත පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
 
Top