තියුණු ආයුධයකින් පහර දී අයෙක් ඝාතනය කෙරෙයි | Gossip lanka news Sinhala News Sinhala Cinema News

අම්පාර, මල්වත්ත, මලෙයිතිව් පාර ප්‍රදේශයේ දී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර තිබේ.

ඊයේ (27) රාත්‍රී මෙම ඝාතනය සිදුව ඇති බව සමන්තුරෙයි පොලීසිය පැවසුවේය.

අදාළ පුද්ගලයා නිවසෙන් බැහැරව මිතුරන් පිරිසක් සමග මත්පැන් පානය කරමින් සිට ඇති අතර නැවත යන අතරමග දී ඝාතනය සිදුව ඇති බව වාර්තා වේ.

මියගිය පුද්ගලයා 40 හැවිරිදි දෙදරු පියෙකි.

මෘත දේහය අසල ඔහු ගමන් ගත් ත්‍රීරෝද රථය ද තිබෙන බව පොලීසිය පවසයි.

මේ වනවිට සමන්තුරෙයි මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදුකරන බව පොලීසිය පැවසීය.
 
Top