Derana Music Video Awards 2011 Derana Music Video Awards 2011 "දෙරණ මියුසික් වීඩියෝ අවෝඩ්ස් - 2011" සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් වාද්දුව බ්ලූ වෝටර් හෝටලයේ දී පැවැත්විණි. එහිදී ජනප්රියතම ගීතය සඳහා වන රන් සම්මානය "දිගු දෑස දුටුවාම" ගීතය වෙනුවෙන් රොමේෂ් සුගතපාල දිනාගත්තේය. ජනප්රියතම ගීතය සඳහා වන රිදී සම්මානය "මට හීනයක් වෙලා" ගීතය වෙනුවෙන් දමිත් අසංකත්, ලෝකඩ සම්මානය "අවසාන මොහොත මාගේ" ගීතය වෙනුවෙන් බාචි සුසානුත් දිනාගත්තේය. දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උළෙලේ හොඳම මියුසික් වීඩියෝවට හිමි සම්මානය ඉරාජ් වීරරත්නගේ "පොලිසිය" නම් ගීතයට හිමිවිය. උළෙලේ විශේෂ ජූරි සම්මානයක් කසුන් කල්හාරගේ "කදුළු" ගීතයේ වීඩියෝව අධ්යක්ෂණය කළ අමිල ගලප්පත්තිට පිරිනැමුණි. හොඳම හිප් හොප් ගීත වීඩියෝවට හිමි සම්මානය "ටුක් ටුක්" ගීතය නිර්මාණය කළ ඉන්දික වික්රමරත්න හිමිකරගත්තේය. ඉරාජ් වීරරත්නගේ "පොලිසිය" හොඳම රෙගේ වීඩියෝව ලෙස සම්මාන ලැබීය. හොඳම සිනමා ගීතයට හිමි සම්මානය චැලෙන්ජර්ස් චිත්රපටයේ ගීත වෙනුවෙන් උදයකාන්ත වර්ණසූරියට හිමිවිය. සම්මාන උළෙලේ අවස්ථා කිහිපයක් ඉහතින් දැක්වේ. ඡායා - මංජුල චරන්ත Derana Music Video Awards 2011 "දෙරණ මියුසික් වීඩියෝ අවෝඩ්ස් - 2011" සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් වාද්දුව බ්ලූ වෝටර් හෝටලයේ දී පැවැත්විණි. එහිදී ජනප්රිය... Read more »