තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි SMS භාෂාවන් ලියන්නේ TTKDP කියලා | Gossip lanka news Sinhala News Sinhala Cinema News

එස්.එම්.එස්. භාෂාව අනුව තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි යන්න ලියන්නේ TTKDP යනුවෙන් යයි ජාතික රූපවාහිනී සංස්ථාවේ හඬ කැවීම් අංශ අධ්‍යක්ෂ අතුල රන්සිරිලාල් පෙරේරා මහතා පවසයි.

ඒ මහතා මේ අදහස් පල කලේ මාතර සුජාතා බාලිකා මහා විද්‍යාලයීය ශ‍්‍රවණාගාරයේ දී පැවති උත්සව සභාවක් අමතමිනි.

එහිදී ඒ මහතා මෙසේද කීය.


‘දැන් අලූත් භාෂාවක් හැදිලා තියෙනවා. ජංගම දුරකථන කෙටි පණිවුඩ භාෂාව නොහොත් එස්.එම්.එස් භාෂාව කියලා. එයින් අපගේ වටිනා භාෂාවට විශාල අවැඩක් සිදු වෙනවා. ඒ භාෂාවෙන් අම්මා කියලා ලියන්නේ ඒ.එම්.එම්.ඒ. කියලයි

දවසක් දා මගේ ජංගම දුරකථනයටත් අපූරු කෙටි පණිවුඩයක් ආවා. බැලින්නම් ඒක මේ වෙන කාට දෝ යා යුතු කෙටි පණිවුඩයක්. කොහොම නමුත් පෙර කියූ ශෛලියෙන් තිබුණු ඒ පණිවුඩය කියවලා බැලූවාම එයින් කියැවෙන්නේ.

ඔයා ඔසරියට හරි ලස්සනයි…… කියලයි.

මම තුෂ්නිම්භූත වුණා. හේතුව මම ජීවිතේට ඔසරියක් ඇඳලා නැති නිසයි…..

ඒ පණිවුඩය යටින් තිබුණා. බී.එස්. කියලා. ඊළඟට තියෙනවා ටී.එස්. කියලා. මට නොතේරෙන මේ ගැන මම අපේ කාර්ය මණ්ඩලයේ තරුණ ළමයින්ගෙන් අහලා බැලූවා. එයාලා මට පැහැදිලි කරලා දුන්නා.

බී.එස්. කියන්නේ බුදු සරණයිලූ. ටී.එස්. කියන්නේ තෙරුවන් සරණයි. එම්.පී. කියන්නේ මගේ පණ, එම්.ඞී. කීවේ මගේ ඩාලින්. ඒ විදිහට තිස් තුන් කේටියක් දෙවි පිහිටයි කියලා ඒ භාෂාවෙන් ලියන්නේ ටී.ටී.කේ.ඞී.පී. කියලා වෙන්න ඕනෑ’
 
Top