අතක් වැදී හිරි ඔතප් බිඳුණු තරුණිය අබාධිත සෙබළාගේ ඔලුව පලයි ! | Gossip lanka news Sinhala News Sinhala Cinema News

අතක් වැදී හිරි ඔතප් බිදුනැයි කෝප වූ තරුණියක විසින් උල් සපත්තුවකින් හිසට පහරදීම හේතුවෙන් මානසික ආබාධයකින් පසුවන හිටපු යුධ හමුදා සෙබලෙකු තුවාල ලබා රෝහල්ගතකොට ඇත. මෙසේ තරුණියකගෙන් කුරිරු උල් සෙරෙප්පු ප්‍රහාරයට ලක්ව තිබුනේ මැල්සිරිපුර, වැලිපත්වල පදිංචි එස්. ඞී. සිරිල් අබේරත්න නැමැති 42 හැවිරිදි හිටපු යුද හමුදා සෙබළෙකි.

ශ‍්‍රී ලංකා යුද හමුදාවේ වසර 13 ක් ක‍්‍රියාන්විත රාජකාරියේ යෙදී සිට ඇති සිරිල් අබේරත්න මහතා 1998 දී මඩකලපුව සිත්තන්ඩි හමුදා කදවුරට අනුයුක්තව සේවය කරමින් සිටියදී එල්ල වූ බෝම්බ පිපිරීමකින් ඇති වූ කම්පන තත්වය හේතුවෙන් මේ වන විට යම් මානසික ආබාධ තත්වයකින් පසුවෙන් බව වාර්තාවේ.


පසුගිය 02 වනදා මැල්සිරිපුර නගරය හරහා වැටී ඇති කුරුණෑගල - දඹුල්ල ප‍්‍රධාන මාර්ගයේ පාගමනින් ගොස් ඇති සිරිල් අබේරත්න මහතා මාර්ගය අයිනේ පිහිටි වතුර වළක් මගහැරයාමට උත්සහ කර ඇති අතර එහිදී ඔහුගේ අතක් ඒ අසලින් ගමන් කරමින් සිටි තරුණියකගේ අතක වැදී තිබේ.

ඉන් කෝපයට පත් එම තරුණිය විසින් ඇය පැළද සිටි උල් සපත්තුවක් ගලවා ඉන් අබේරත්න මහතාගේ
හිසට දිගින් දිගටම පහර දී තිබේ. මෙම හමුදා සෙබළාගේ ආබාධිත තත්වය පිලිබඳ සැබෑ තතු දන්නා මැල්සිරිපුර නගරයේ ව්‍යාපාරිකයින් ඔහු මානසික රෝගියෙකු බව කියද්දීත්, තරුණියගෙන් ගැලවෙන්නට කුරුණෑගල - දඹුල්ල මාර්ගයේ දිව ගිය සිරිල් අබේරත්න මහතා පසුපසින් එලවමින් විනාඩි 10 කට අධික කාලයක් දිගින් දිගටම ඔහුට සපත්තු පහර දී ඇත.

පසුව තරුණිය විසින් නගරයට කැදවනු ලැබූ ඇගේ සහෝදරයෙකු විසින්ද සිරිල් අබේරත්න මහතා බිම පෙරළාගෙන පහර දී තරුණිය යතුරුපැදියක නංවාගෙන පිටත්වගොස් තිබේ.

පහරදීමෙන් හිසෙහි ඇති වූ තුවාලවලින් ලේ ගලමින් සිටි අබේරත්න මහතාව ඔහුගේ ඥාතියෙකු වන ආර්. ඞී. සී. පී. ප‍්‍රනාන්දු මහතා විසින් රෝහල්ගත කිරීමට යාමේදී සිදුව ඇත්තේ එයටත් වඩා ඛේදනීය තත්වයකි. සිරිල් මහතා ගොකරැල්ල දිසා රෝහලට ගෙනගොස් දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත්කරන අවස්ථාවේ සිරිල් මහතාට පහරදුන් කාන්තාවද තමාගේ අත තුවාල වුනු බව පවසා දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරීවරයා හමුවට පැමිණ ඇත. පසුව තුවාල වූ සිරිල් මහතාව එම දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමේදී ඔහු ප්‍රතිකාර කිරීමේ ප්‍රතික්ෂේපකොට ඇත්තේ "මූට ගහලා මදි , මරන්න තිබුනේ" යනුවෙන් පවසමිනි.

අබාධිත හමුදා සෙබලාට ප්‍රතිකාර කිරීම දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරීවරයා ප්‍රතික්ෂේප කලත් හිරි ඔතප් බිඳුණු කාන්තාවගේ අතට ප්‍රතිකාර කිරීමට යුහුසුළුව කටයුතුකොට තිබුණි.
 
Top