පියයුරුවල විශාලත්වය වැඩියි - ප‍්‍රසව හා නාරි ගැටලූ‍ | Gossip lanka news Sinhala News Sinhala Cinema News



ගැටලූ‍ව : වෛද්‍යතුමනිල මා මෙවර අපොස සා/පෙළ විභාගයට මුහුණ දීමට සිටින පාසල් ශිෂ්‍යාවක්මි මා 5 ශේණියේ දී වැඩි වියට පත්විය මාගේ ශරීරය යෙහෙළියන්ට වඩා වර්ධනය වී තිබේ එසේම පියයුරුවල විශාලත්වය ද වැඩිය මේ තත්ත්වය නිසා පවුලේ උදවියගෙන් මෙන්ම අසල්වැසියන්ගේ ද මිතුරු මිතුරියන්ගේ ද උසුළු විසුළුවලට ලක්වී සිටිමි එය ප‍්‍රබල මානසික ගැටලූ‍වක් බවට පත් වී තිබේ මේ හේතුව නිසා ජීවිතය නැති කර ගැනීමට පවා සිත් වේ මේ තත්ත්වයෙන් මිදීමට මා හට වෛද්‍ය ප‍්‍රතිකාර වෙත යොමුවිය හැකි ද? පිළිතුර

සාමාන්‍යයෙන් මිනිස් ශරීරයන්ගේ ප‍්‍රමාණ සමාන වන්නේ නැහැ ඒ අනුව ඔබගේ යෙහළියන් හා ඔබ සංසන්දනය කිරීම නොකළ යුතුයි ඔබ පවසන ආකාරයේ වෙනස් වර්ධනයක් දකින්න පුළුවන් එය සාමාන්‍යයයි කෙසේ වෙතත් ඔබ පවසන පරිදි එය අහිතකර ලෙස වර්ධනය වී ආසාමාන්‍ය තත්ත්වයක් පෙන්නුම් කරනවා නම් එය වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කර ගත යුතුයි

වෛද්‍යවරයා නිගමනය කළ යුතුයි මෙය අසාමාන්‍ය වර්ධනය වීමක් ද යන වග එනිසා ඔබ පවුලේ වෛද්‍යවරයා හමු වී උපදෙස් ලබා ගත යුතුයි අවශ්‍ය වුවොත් ප්ලාස්ටික් සැත්කම් වෛද්‍යවරයාගේ සහය ලබා ගැනීමට ද ඔබ යොමු කරනු ඇත එනිසා සුදුසුම දේ වන්නේ වෛද්‍ය නිගමනයන් මත කටයුතු කිරීමයි

ෆ මානසික රෝගයකට බෙහෙත් ලබා ගනිද්දි ෆිට් එක හැදුණා




මානසික රෝග ගැටලූ‍

ජාතික මානසික සෞඛ්‍ය පිළිබඳ විද්‍යායතනයේ
විශේෂඥ මනෝ වෛද්‍ය
කපිල රණසිංහ





පන්නිපිටිය - සමන්සිරි



ගැටලූ‍ව

වෛද්‍යතුමනිල මාගේ වයස අවු 39යි අවිවාහක පුද්ගලයෙක් ද වන අතර පෞද්ගලික ආයතනයක පරිගණක ක‍්‍රියාකරුවකු ලෙස කටයුතු කරමි මා මානසික රෝගයක් සඳහා දැනට ප‍්‍රතිකාර ලබා ගනිමින් සිටිනවා අවුරුදු දෙක තුනක සිට මෙසේ රෝගයට ප‍්‍රතිකාර ලබමින් සිටින අතර ඒ සඳහා ඖෂධ ලෙස කොලොම්ප්‍රොමයින් මිලිග‍්‍රෑම් 250ක පෙත්තක් රාත‍්‍රියට ලබා ගන්නවා ඒත් සමඟම රෙස්පෙරිඩෝන් පෙත්තක් ද ලබා ගන්නවා

මෑත කාලයේ සිට මාගේ දෑත් වෙව්ලීමට පටන් ගත්තා එවිට ද වෛද්‍යවරයා වෙත මා ඉදිරිපත් වුණා පසුව වෛද්‍යවරයා විසින් බෙන්ෂරෝල් මිලිග‍්‍රෑම් 2ක පමණ ඖෂධයක් නියම කළා දැනට මා රුධිරපීඩනය පාලනයට ද ඖෂධ ලබා ගන්නවා

මේ ප‍්‍රතිකාර ලබා ගන්නා අතරතුර මා හට මෑත දිනයකදී ෆිට් එක ඇති වුණා ඉන් පසු වෛද්‍යවරයාගේ උපදෙස් ලබා ගැනීමට යොමු වීමේ දී මිලිග‍්‍රෑම් 250ක් ලබාගත් කොලොම්ප්‍රොමයින් ඖෂධ මිලිග‍්‍රෑම් 200 ප‍්‍රමාණවලින් ලබා ගැනීමට නියම වුණා එහෙත් මා එම ඖෂධය එදිනෙන් පසුව ලබා නොගැනීමට තීරණය කළා එහෙත් එය අවදානමක් ඇති කළ හැකි කාරණයක් ද? ඒ ඖෂධය පමණක් නොගෙන අනෙකුත් ඖෂධ ලබා ගැනීම ප‍්‍රමාණවත් නොවේ ද?



පිළිතුර

ඔබ පවසන ආකාරයට ඖෂධ නියමකර තිබෙන්නේ ප‍්‍රබල රෝගයක් සඳහා විය යුතුයි එසේම මේ ඇති වී තිබෙන තත්ත්වයන් හා තවත් ලක්ෂණ ඇති වී ද යන්න සොයා බැලීම අත්‍යවශ්‍ය වේ එනිසා දැනට ඔබ කළ යුතු එකම දේ වන්නේ ඔබේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡුා කිරීමය එසේ නොමැතිව ඖෂධ නවතා දැමීම අවදානම් තත්ත්වයකි හිතු මතේ තීන්දු තීරණ නොගෙන නැවත වෛද්‍යවරයා හා සාකච්ඡුා කර ඇති වී තිබෙන වෙනස්කම් හා අපහසුතා සියල්ල පැහැදිලි කළ යුතුයි එවිට වෛද්‍යවරයා ඔබගේ ගැටලූ‍කාරී තත්ත්ව නිරීක්ෂණය කර ප‍්‍රතිකාර ආරම්භ කරනු ඇත

-------

ෆ වසර 2න් පසු ලබාදෙන මව් කිරිවල කිසි ගුණයක් නැහැ


චර්ම රෝග ගැටලූ‍



දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ළමා රෝග පිළිබඳ
විශේෂඥ වෛද්‍ය
මනෝරි ගමගේ



වටගල - වසන්තා

ගැටලූ‍ව

වෛද්‍යතුමියනිල මාගේ වයස අවු 34යි මාගේ පුතාගේ වයස අවු 5යි ලබන වසරේ ඔහු පාසලට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වෙනවා නමුත් මාගේ පුතා තවමත් මව්කිරි බොනවා රාත‍්‍රියේ දී හා උදෑසන අවධි වී කිරිබීම සිදු කරනවා

පුතාගේ උස හා බර වයසට සරිලන පරිදි තිබෙනවා වෙනත් පිටිකිරි වර්ග ඔහු පානය කරන්නේ නැහැ *ටඑතන ආහාර ද නිසි පරිදි ලබා ගන්නවා ඔහු තවමත් මව්කිරි බීම ගැටුවක් විය හැකි ද? මේ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න



පිළිතුර

දරුවාට වයස අවු 2ක ඉක්ම වූ පසු මව ලබා දෙන කිරිවල කිසිදු ගුණයක් නැහැ එය ජලය හා සමානයි එහෙත් එසේ කිරි උරා බීම ගැටලූ‍වක් නැහැ දරුවාගේ පෝෂණයට ද බලපෑමක් ඇති වන්නේ නැහැ අවුරුදු දෙකට පසු කිරි දීම නැවැත්වීම සුදුසුයි

ඔබගේ දරුවා ඔබත් සමඟ වැඩි කාලයක් ෙ*කඑතන්ගතුව සිටින නිසා තවමත් කිරි උරා බීම සිදුකරනවා ඇති එහෙත් එය නැවැත්වීම සුදුසුයි දරුවාගේ පෝෂණයේ වෙනත් ගැටලූ‍ නොමැති නිසා මෙය එතරම් විශාල ගැටලූ‍වක් නොවන බව මතක තබාගෙන එය නැවැත්වීමට උත්සාහ කරන්න

----------

ෆ රුධිර පීඩනය මැනීමේ දී අත් දෙකේ අගයන් වෙනස්
කායික රෝග ගැටලූ‍



පේරාදෙණිය ශික්ෂණ රෝහලේ කායික රෝග පිළිබඳ
විශේෂඥ වෛද්‍ය
තිලක් ජයලත්



හෝමාගම - ජයසිරි

ගැටලූ‍ව

වෛද්‍යතුමනිල මා හට දියවැඩියාවල අධිරුධිර පීඩනයල වකුගඩු අකර්මන්‍ය වීමල ස්ථූලතාවය වැනි රෝග ගණනාවක් තිබෙනවා නමුත් මේ සියල්ලටම ඖෂධ ලබා ගනිමින් රෝගය පාලනය කරගෙන සිටිනවා එහෙත් මෑතක මා රුධිර පීඩනය මැන බැලීමේ දී අත් දෙකෙහි අගයන් වෙනස් වීමකට ලක් වුණා එය මා හට ප්‍රෙහ්ලිකාවකි මෙසේ වන්නේ ඇයිදැයි මා නොදනිමි එනිසා ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න



පිළිතුර

ඔබ අසන ගැටලූ‍ව අනුව පළමුවෙන් සඳහන් කළ යුත්තේ පුද්ගලයකුගේ දෙඅත් හි බාහුවෙන් බාහුවට රුධිර පීඩනය වෙනස්විය හැකි බවයි මේ සඳහා හේතු රැුසක් තිබෙන්නට පුළුවන්

ඒ අනුව රුධිර නාලවල *ටඑතණත්වය නිසාත් මේ තත්ත්වය දැකගත හැකි සේම රුධිර නාල තුළ තිබෙන බිත්ති පුද්ගලයා වයසට යාමත් සමඟ *ටඑතනවීමකට ලක්විය හැකියි ඒ අවස්ථාවේ ද මෙය දැකගත හැකියි ඒ අනුව පැහැදිලිව සඳහන් කළ හැක්කේ රුධිර පීඩනය වෙනස් විය හැකි සාමාන්‍ය සිදුවීමක් බවයි මෙය ගැටලූ‍වක් බව නොසිතා කටයුතු කිරීමට වගබලා ගන්න
 
Top