කුරුණෑගල ශික්ෂණ රෝහලෙහි ළමා රෝග දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරුන් විසින් ජීවත් කරලීමට උත්සාහ දැරූ ළදරුවා මියගිය බව එම රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ චන්දන කඳන්ගමුව මහතා පැවසුවේය.
ආණමඩුව පෙරියකුලමෙහි පදිංචි බි. ජී. චමිලා චාන්දනී ජයතිලක මහත්මිය ආණමඩුව රෝහලෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර එව්වේ පසුගිය 26 දා. මෙම මව රාත්‍රී 11.50 ට රෝහලට භාරගත්තා. වාට්ටු අංක 13 ටයි මව ඇතුළත් කළේ. ඒ වනවිට ඇයට බබා ලැබිමේ ලක්ෂණ තිබුණා. නමුත් ඒ වනවිට කලලයට සති 26යි. මේ මව අපහසු තත්ත්වයේ පසුවුණේ. ඒ කියන්නේ මවගේ තරල මල්ල හිල්වෙලා වතුර යමින් තිබුණේ. නමුත් බබා ප්‍රකෘති තත්ත්වයෙන් දගලමින් සිටියා. ආණමඩුව රෝහලෙහි මෙවැනි තත්ත්වයකදී කළ යුතු ප්‍රතිකාර නොමැති නිසයි කුරුණෑගලට එවා තිබුණේ. අවශ්‍ය පරීක්ෂණ සිදුකොට ප්‍රතිකාර කළා.
මේ මව දරු ප්‍රසූතිය සිදු කරන්නේ පසුගිය 30 දා රාත්‍රී. කලලයට සති 26යි. බබාගේ බර ග්‍රෑම් 900යි. ඒ කියන්නේ අඩු වයස් හා අඩු බර උපතක්. මෙවැනි දරුවන් ජීවත් කරවන්න බැහැ. අපි ඒ ගැන ඒ මව දැනුවත් කළා. දරුවා රෝහලේ ළදරු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළා. හෙද වර්ජනයත් එක්ක මේ අම්මත් ගෙදර ගිහින්. නමුත් ළදරු දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය ඩී. එච්. විජේවර්ධන මහතා ඇතුළු පිරිස මේ දරුවා ජීවත් කරවන්න වෙහෙස ගත්තා. දින හයක් දරුවා ළඳරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන විට මව්කිරි ලබා දිය හැකි මට්ටමට දරුවාට සුවය ගෙන දෙන්න වෛද්‍යවරු සමත් වුණා.
ඒ අනුවයි නිවසට ගොස් සිටි මව යළි රෝහලට කැඳවන්නේ. නමුත් මේ දරුවා පෙරේදා සවස මියගියා.
කලලයට සති 28 ට අඩුවෙන් උපදින දරුවන් සලකන්නේ ගබ්සාවීම් ලෙසට. මේ නිසා මේ මවට ජ්අඛි කියන ශල්‍යකර්මයත් සිදු කළා. මොකද සම්පූර්ණ දරු උපතක් සිදු නොවූ නිසා. යම් යම් කොටස් ගර්භාෂයේ ඉතුරු වී තිඛෙන්න පුළුවන්. එය මවට අවදානම්. ඒ නිසයි එවැනි ශල්‍යකර්මයක් සිදු කොට ගර්භාෂයේ තිබූ එවැනි කොටස් ඉවත් කළේ.
Home
»
»Unlabelled
» පණ ඇවිත් යයි කී දරුවා මියගිහින්