සැමියකු විසින් තම බිරිඳගේ අනියම් සම්බන්ධයකට දඬුවමක් ලෙස ඇගේ අතක වැලමිටෙන් පහළ කොටස කපා ලේ වගුරන අත් කොටස බෑගයක දමාගෙන කුරුණෑගල පොලිසියට ගෙනවිත් භාරදුන් සිද්ධියක් පෙරේදා වාර්තා වුණා.
කුරුණෑගල පොලිසිය පවසන ආතකාරයට පෙරේදා (30) සවස දෙකට පමණ පුද්ගලයකු කුරුණෑගල පොලිස් අපරාධ විමර්ශන අංශය වෙත බෑගයක බහාලූ මිනිස් අතක කොටසක් ගෙනැවිත් පිහියක් සමග භාරදී කියා ඇත්තේ "මේ තියෙන්නෙ මගෙ ගෑනිගෙ අත ඒ ගෑනි පිට යනව.. මේ මං එයාට දීපු දඬුවම.. කැමති දෙයක් උඹලා මටත් කරපල්ලා" යනුවෙනි.
මෙයින් විශ්මයට පත් පොලිස් නිලධාරීන් වහාම ඔහුගෙන් බිරිය සිටින ස්ථානය දැනගෙන ඇය රෝහල් ගත කරන්නට පියවර ගත් අතර බෑගයේ තිබුණ අත් කොටසද රෝහල වෙත යවා ඇත.
එම කාන්තාව කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත. ඇය තවම ප්‍රතිකාර ගනිමින් පවතින බව මිස ඇගේ තත්වය ගැන තවම තොරතුරු වාර්තා නොවේ.
කුරුණෑගල වැවරවුම, බමුණුගෙදර ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි අයකු මේ ආකාරයට තම බිරිඳගේ අත කපා ඇත්තේ අනියම් සබඳතාවක් අතට අසුවීමෙන් බව කියැවෙයි.
තමා විදෙස්ගතව සිට මෑතකදී මෙරටට පැමිණි බවත් ඒ එනවිට බිරිය වෙනත් අයකු හා සම්බන්ධවී සිටින බව ඉව වැටුණ බවත් කියැවුණා. ඔවුන් මේ නිසා දිගින් දිගටම ආරවුල් සිදුකරගෙන ඇත.
බිරිඳ එදින පෙරවරුවේ විරසක වී නිවසින් පිටව වෙනත් නිවසකට ගොස් සිටි අතර සැකකරු ඇයව කැඳවා යන්නට ගොස් ඇත්තේ බිරිඳගේ මහගෙදර කැඳවාගෙන යන බව කියමිනි. බිරිඳ නැවතී සිටි තැනින් තම යතුරු පැදියේ නංවාගෙන නැවත කැඳවා යන අතර වඳුරාගල, හාල් පාරේ පිහිටි කැළෑ ප්‍රදේශයකට කැඳවාගෙන ගොස් බෑගයේ තිබුණ පිහියක් ගෙන ඇගේ අත වැලමිටට පහළින් කපා දැමීම සිදු කර ඇත.
අත කැපී අසරණවූ ඇය කැලෑවේම සිටියදී ඉතාම අමානුෂික ලෙස ඔහු කැපුණු අත් කොටස බෑගයක දමා පොලිසිය වෙත ගෙනැවිත් තිබුණා.
කුරුණෑගල මූලස්ථාන පොලිසිය හා පොතුහැර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
තොරතුරු - ජානක එස්. බලල්ල
Home
»
»Unlabelled
» අනියම් සම්බන්ධය අසුවී බිරිඳගේ අත කපා බෑගයක දමා පොලිසියට ගෙනා කුරුණෑගල සැමියා
Recent Posts
දම්මි ඇන්ටි 1 Dammi Aunty 1 Sinhala Walkatha
12 Oct 2014undefinedකතාවේ සම්පුර්ණ ගෞරවය එහි මුල් රචකයාට හිමිවේ.. මගේ නම හේමන්ත. මේ සිද්ධිය වන විට මට වයස අවුරුදු 20ක්...[...]
Sinhala wela Kathasinhala wela katha 2012sinhala wela katha ammasinhala wela katha 2011sinhala wela katha hansisinhala wela katha mp3sinhala wal kathasinhala songsgossip lanka
02 Sep 2014undefinedwal kathasinhala wala kathasinhala wal kathawww sinhala wal katha pituwawela kathasinhala ...[...]
Upeksha Swarnamali and Akalanka Ganegama - Sinhala New Movie Cinderella
02 Sep 2014undefinedInoka Sathyangani [...]
Sinhala wela Katha Hot Girls Bathroom Pics
01 Sep 2014undefinedsinhala wela katha 2012sinhala wela katha ammasinhala wela katha 2011sinhala wela katha hansisinhala...[...]