ඉන්දියාව මෝඩිට වසර 25කට පසු ශක්තිමත් ආණ්ඩුවක් දයා ඩී. ෙෆාන්සේකා
ඉන්දියානු මැතිවරණයේ ආසන 542 න් බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගනිමින් ඉන්දියාවේ ඊළඟ ආණ්ඩුව පිහිටුවීමට නරේන්ද්‍ර මෝඩි නායකත්වය දෙන භාරතීය ජනතා පක්ෂය ඇතුළු ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධානයට බලය හිමිවී ඇත. පත්‍රය මුද්‍රණයට යන මොහොත වන විට ලැබී තිබුණ ප්‍රතිඵල අනුව මෝඩිගේ භාරතීය ජනතා පක්ෂයට ආසන 284 ක් හිමිවී තිබිණි.
මේ අනුව නව ඉන්දීය අගමැතිවරයා වශයෙන් නරේන්ද්‍ර මෝඩි දිවුරුම් දීමට නියමිත ය. 1989 සිට වසර 25 ක් පුරා ඉන්දියාවට ශක්තිමත් රජයක් පිහිටුවන්නට නොහැකි වූ අතර පිහිටුවිය හැකි වූයේ සභාග රජයන් ය.
ආසන 543 කින් සමන්විත ඉන්දීය පාර්ලිමේන්තුවේ භාරතීය ජනතා පක්ෂයට ආසන 277 ක් හිමිවී ඇත. ඔවුන්ගේ සෙසු සන්ධානගත පක්ෂ වලට ලැබී ඇති ආසන සංඛ්‍යාවත් සමඟ මේ වනවිට ආසන 339 ක් හිමිවී තිබේ. මේ අතර රාහුල් ගාන්ධිගේ ඉන්දියානු ජාතික කොංග්‍රසයට හිමිවී ඇත්තේ ආසන 58 ක් පමණි.
එය මුළු ආසන සංඛ්‍යාවෙන් සියයට දහයකටත් අඩු ප්‍රමාණයක් වන අතර ඔවුන් ඉන්දියානු ඉතිහාසයේ මෙතෙක් ලැබූ දරුණුතම පරාජය මෙයයි. මේ අතර අන්නා මුන්නේත්‍ර කසාගම් පක්ෂයට ලැබී ඇත්තේ ආසන 33 ක් පමණි. සෝනියා ගාන්ධි හා රාහුල් ගාන්ධි සිය ආසන රැකගෙන ඇති බව ද වාර්තා වෙයි.