ආශකී 2 නිළිය නළුවෙකුට පිහියෙන් ඇන්නාද
ආශකී 2 චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වන ශ්‍රද්ධා කපූර් අත් වැරදීමකින් ක්‍රියාදාම රංගන ශිල්පියෙකුට පිහියකින් අනින දර්ශනයක් සහිත වීඩියෝවක් මේ දිනවල අනතර්ජාලය පුරා සැරිසරයි ඒක් විලන් නැමති චිත්‍රපටයේ පටිගත කිරීම් අතරතුර මෙම අනතුර සිදුවී ඇත ශ්‍රද්ධාට එක් දර්ශනයකදී අදාළ ශිල්පියාට පිහියෙන් ඇනීමට නියමිතව තිබී ඇති අතර යම් පුද්ගලයෙක් විසින් ඒ සඳහා භාවිතා කරන ව්‍යාජ පිහිය වෙනුවට සැබෑ පිහියක් තැබීම නිසා මෙම අනතුර සිදු වී ඇති බව වාර්තා විය
සිදුවීමෙන් පසු ශ්‍රද්ධා බියට මෙන්ම කලබලයට පත්වූ ආකාරයද එම වීඩියෝ පටයේ දිස් වෙයි
කෙසේවෙතත්ලමෙය ඉතා සැළසුම් සහගතව සිදු කළ විහිළුවක් බව පසුව හෙළි විය
මෙම විහිළුව ඵඔඪ රූපවාහිනි නාලිකාව විසින් නිෂ්පාදනය කරන ඵඔඪ ජාන්ද් නැමති වැටසහන සඳහා පටිගත කරන ලද දර්ශනයකි
මෙම වැඩටසහන හේතුවෙන් මෙසේ භයානක විහිළු වලට මුහුණ පෑමට සිදුවී ඇති අනෙක් තරු අතරට නාගීස් ෆක්රිලවරුන් ධවාන්ල සිද්ධාර්ත් රෝයි කපූර් යන නළු නිළියන් මෙන්ම සංගීත අධ්‍යක්ෂක අනූ මලික් ද එක්වෙයි