බැංකු කොල්ලකරුවන් දෙදෙනෙකු කොටුවෙයි (CCTV දර්ශන) | Gossip lanka news Sinhala News Sinhala Cinema News

පසුගිය දිනවල සිදු වූ බැංකු සහ මූල්‍ය ආයතන කොල්ලයන්ට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොල්ලකෑම් සම්බන්ධයෙන් වූ ආසන්නතම සිදුවීම මාවනැල්ලෙන් අද වාර්තා විය‍. මාවනැල්ල, පහළ කඩුගන්නාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සතු මැණික් ගල් නවයක් අද දහවල් කොල්ල කා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේ,

මැණික් මිලදි ගැනීමේ මුවාවෙන් පැමිණි පුද්ගලකු ව්‍යාපාරිකයාට අයත් හෝටලයක් තුළ දී අදාළ මැණික් කොල්ල කා පලා ගොස් ඇති බව ය.

සැකකරු සමග පැමිණි තැරැව්කරු පොලීසිය භාරයට ගෙන තිබේ.

මේ අතර පසුගිය 23 වන දා කිරුලපන පෞද්ගලික බැංකුවක් ඊයේ කොල්ලකෑමට ගත් උත්සහයේ ව්‍යර්ථ විය.

එහි CCTV දර්ශන පහත දැක්වේ



මේ අතර අවිස්සාවේල්ල නගර මධ්‍යයේ පිහිටි ජංගම දුරකතන අලෙවි සැලකට පසුගිය 01 වන දා අලුයම තුනට පමණ
එහි වහලයෙන් ඇතුළු වී සොරකමක් සිදුකර තිබුණි.

එහි CCTV දර්ශන පහත දැක්වේ.



පොලීසිය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 5 දෙනෙකු යටියන්තොට හා රත්නපුරදී අත්අඩංගුවට ගැනිණ.

මේ අතර පසුගිය 17 වන දා මිගමුව නගරයේ පිහිටි ස්වර්ණාභරණ අලෙවි සැලකට කඩා වැදි මුදල් හා ස්වර්ණාභරණ කොල්ලකා පලායාමේ සිද්ධියක් ද වාර්තා විය.

එහි CCTV දර්ශන පහත දැක්වේ.



යතුරු පැදි තුනකින් පැමිණි පූර්ණ ආරක්ෂිත හිස් වැසුම් පැළඳ සිටි පුද්ගලයින් 6 දෙනෙකු ගිනි අවි පෙන්වා එම කොල්ලකෑම සිදුකර පලාගොස් තිබුණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ, කොල්ලකා ඇති මුදල් හා ස්වර්ණාභරණවල වටනාකම රුපියල් ලක්ෂ 135 ක් පමණ වන බව ය.

 
Top