ජනපති මට ‘‘ගමේ කොල්ල‘‘ කියල සුබ පැතුවා -ලසිත් මාලිංග | Gossip lanka news Sinhala News Sinhala Cinema News

පසුගිය විස්සයි20 ලෝක කුසලාන ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය ගැන තවමත් තැන් තැන් වල සිදුවන කථාබහේ අඩුවක් නැත.
මෙහිදී ෆයිනල් එක බලන්නට ජනපතිවරයා නොපැමිණීම ගැන ෆේස් බුක් ඔස්සේ විනෝදාත්මක කථාබස් යන අතරේ පසුගිය සති අන්තයේ පුවත්පතකට අදහස් දැක්වූ විස්සයි20 කණ්ඩායම් නායක ලසිත් මාලිංග ෆයිනල් එක දවසේ ජනපතිවරයා ඔහුට ලබාදුන් දුරකථන ඇමතුම ගැන විස්තරයක් කළා.
ඔහු සිළුමිණ පුවත්පතට ඒ ගැන කියා තිබුනේ මෙසේය.


‘‘එදා අපි ජයග්‍රහණය ලබපු වෙලාවෙ එතුමා මැච් එක බලල තිබුණා. ඒ වෙලාවෙම ග්‍රවුන්ඩ් එකේදීම සනත් අයියට කතා කරල තිබුණා. සනත් අයියා මට ෆෝන් එක
දුන්නාම එතුමා මට සුබ පැතුවා. ගොඩක් සතුටුයි කිව්වා. සතුට වැඩිකමට එතුමාට කතා කර ගන්නත් බෑ. පස්සෙ සනත් අයිය මාත් එක්ක කිව්වා ජනාධිපතිතුමා එයාට කිව්වලු ගමේ කොල්ලා නියමයි කියලා. ඇත්තටම සර් එදා මගේ නායකත්වයේ දක්ෂකමත් දකින්න ඇති. ගොඩක් සතුටුයි ඒ ගැන.

මම ආපු කාලේ සර් මාව ක්‍රීඩා කරල දැකල තිබුණා. එයාට ගොඩක් සතුටුයි කියලා තිබුණා මම ක්‍රීඩා කරන විදිහට. මගේ කකුලේ ආබාධයක් ආවා 2008 දී. මට ක්‍රිකට් ක්‍රීඩාව අහිමි වුණා. ආයෙත් ජීවිතේට ක්‍රිකට් ගහන්න බැරිවෙලා තිබුණේ. එතකොට මාව කවුරුත් ගණන් ගත්තේ නෑ. මම ඉන්නවා ද කියලවත් කවුරුත් බැලුවෙ නෑ. ඒත්
එතුමා ක්‍රිකට් ක්‍රීඩාවට කොයි තරම් ආදරෙයි ද කියල ගමේ මිනිස්සුන්ට කොයිතරම් ආදරෙයි ද කියලා එදා තමයි මම දැනගත්තෙ.

එතුමා මට කතා කරල ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා ඒලියන්ත වයිට් මහත්මා මට හඳුන්වා දීල මගේ කකුල සුව කරල දුන් නිසා තමයි මම යළිත් ක්‍රිකට් ක්‍රීඩාවට ආවෙ. කණ්ඩායමට යළිත් ඇවිත් තාමත් ක්‍රීඩා කරන්නෙ. ඉතින් එතුමාට මටත් වඩා සතුටු ඇති එදා මම කළ දේ නිසා තමයි මේ වගේ ක්‍රීඩකයෙක් ජාතික කණ්ඩායමේ ඉන්නෙ කියලා.‘‘
 
Top