ජැක්සන්ගෙ පුතා මට ආදරය කරන ගමන් අනිත් ගර්ල්ටත් ආදරය කරලා | Gossip lanka news Sinhala News Sinhala Cinema News

ජැක්සන්ගෙ පුතා මට ආදරය කරන ගමන් අනිත් ගර්ල්ටත් ආදරය කරලා
පස්සෙ කියනවා සීයට 85 යි 15 යි කියලා
-අකිලගෙන් වෙන්වුණ අමන්දාගෙන් හෙළිදරව්වක්

ටෙලි නළු අකිල ධනුද්ධර (ජැක්සන්ගේ පුත්) සහ නිරූපිකාවක වන නිලුක්ෂි අමන්දා අතර පැවති ආදර කතාව ගැන පසුගිය කාලයේ පුවත්පත්වල විවිධාකාර ලිපි පළවුණා. මෙ දෙදෙනාම එක්ව මේ ගැන ඇතැම් සම්මුඛ සාකච්ඡා ලබාදී තිබුණ අතර අනාගත ලේලිය ගැන අකිලගේ මාපියන්ද අදහස් දක්වා තිබුණා. නමුත් මෙම සම්බන්ධය මේ වනවිට බිඳ වැටී තිඛෙනවා.
ආදර සම්බන්ධතා බිඳ වැටීම සාමාන්‍ය කරුණක් වුවත් මේ ප්‍රසිද්ධ පවුලට සම්බන්ධ වෙන්නට හිඳ එයින් ඉවත්වූ නිලූක්ෂි අමන්දා මෙම බිඳ වැටීම ගැන මාධ්‍ය වලට පුළුල් ප්‍රචාරයක් ලබාදීම විශේෂිතය. ඇය ඒ ආකාරයට සිදු කළ හෙළිදරව්වක් ඉරිදා රිවිර පුවත්පතට ලබාදී තිඛෙන්නේ මේ ආකාරයටය.


අමන්දා ඔඛෙයි අකිලගෙයි ආදර සම්බන්ධයට අවුරුදු තුනක් වෙනවා. එකපාරටම ඒ කතාව වෙනස් වුණේ කොහොමද?

අප්‍රේල් හත් වැනිදාට මගෙයි අකිලගෙයි සම්බන්ධයට අවුරුදු තුනක් වෙනවා. ඒත් අපේ සම්බන්ධය මාර්තු මාසේ දහ අට වැනිදා නතර කළා.

ඔබ අකිලගේ සම්බන්ධය නතර කළේ ඔහුට වෙන පෙම්වතියක් හිටිය නිසා කියනවා?

ඔව්. ඒ ගැහැනු ළමයා ඉන්නේ ජාඇල. අකිල ඉස්කෝලේ යන කාලේ ඉඳලා ඒ ගර්ල්ට ආදරය කරලා. අවුරුදු හතක් වෙනවා ඒ දෙන්නගේ සම්බන්ධයට. අකිල මට කිව්වේ ඒ සම්බන්ධය නතර වුණාට පස්සේ මට ආදරය කළා කියලා. කොහොම වුණත් පසුගිය කාලේ මට ආදරය කරන ගමන් ඒ ගැහැනු ළමයත් එක්කත් සම්බන්ධය තිබිලා තියෙනවා. ඒ ගර්ල්ට කියලා තියෙන්නේ මගෙයි අකිලගෙයි සම්බන්ධයක් නැහැ කියලයි.

ඒ දෙන්නා අතර සම්බන්ධයක් තියෙනවා කියලා අමන්දා දැනගත්තේ කොහොමද?

මාර්තු 15 අකිලගේ උපන් දිනය තිබුණේ. එදා මගේ පවුලේ අය එක්ක මම අකිලගේ ගෙදර ගියා. එයාව පුදුම කරවන්න. එදා අකිලගේ අප්පච්චි හැරුණු කොට අනෙක් හැමෝම හිටියා. අකිල ජිම් එකට ගිහින් කිව්වා. ඒ ගිහිං එකට විතර තමයි ගෙදර ආවේ.

කොහොම හරි ගෙදර එන්න කලින් එයා සම්බන්ධය තිබුණු ගැහැනු ළමයාගේ ගෙදර ගිහින් උපන් දිනයට කේක් කපලා එහෙම ඇවිත් තියෙන්නේ. ඒ ගැන දැන ගන්න ලැබුණේ මගේ යාළුවෙක්ගෙන්. ඒ යාළුවා ඉන්නේ පිටරට. එයා මට කතාකරලා ඇහුවා අකිලව හම්බුණාද එයාට වෙන සම්බන්ධයක් තියෙනවා කියලා. මම විශ්වාස කළේ නැහැ. මම කිව්වා අපි එකතු වෙලා කේක් කැපුවා. මාත් එක්ක අද වැඩි කාලයක් හිටියා කියලා. ඊට පස්සේ එයා මට කිව්වා ඔය සම්බන්ධය තියෙන්නේ මගේ යාළුවාගේ නංගි එක්ක කියලා. අකිල ඒ ගර්ල් එක්ක කේක් කපන ෆොටෝ එකක් මට පෙන්නුවා කියලා මගේ යාළුවා කිව්වා. ඊට පස්සේ ඒ ෆොටෝ එක මට එව්වා. මම අකිලට කතා කරලා ඇහුවා. එයා නැහැම කිව්වා. ඊට පස්සේ තමයි ෆොටෝ එක දැක්කට පස්සේ ඇත්ත කියලා පිළිගත්තේ. මට ආදරය කරන ගමන් අනිත් ගර්ල්ටත් ආදරය කරලා. එයා කළේ ලොකු වංචාවක්. ඒ නිසා මම එයාගෙන් වෙන් වුණා. ඒ වගේම අකිල මට කිව්වා මම ඒ ගර්ල්ටත් ආදරය කළා. ඒත් මම හිතුවේ නැහැ. ඒක ඔයාට දැන ගන්න පුළුවන් වෙයි කියලා එයා ඇ~ුවා. එයාට මාව ඕන නිසා ඒ ගැන කිව්වේ නැහැ කියලත් මාත් එක්ක අකිල කිව්වා.

අමන්දාගෙත් අකිලගෙත් ආදරයට තුන් වැන්නෙක් වුණ ඒ ගැහැනු ළමයා එක්ක අමන්දා කතා කරලා තියෙනවද?

 
ඔව්. ඒ ළමයාගේ අම්මා මට කතා කරලා කිව්වා මාව හම්ඛෙන්න ඕන කියලා. මම ඒ ළමයාගේ ගෙදර ගියා. එතකොට තමයි ඒ දෙන්නා අතරේ තිබුණ සම්බන්ධය ගැන අ~ අ~ා ඒ අම්මා කිව්වේ. ඒ ළමයත් මාත් එක්ක කතා කළා. හරිම අහිංසක ළමයෙක්. අකිල ඒ ළමයාව බඳින්නත් පොරොන්දු වෙලා තියෙනවා. ඒ වගේම මම එයාගේ ගෙදර ඉන්නකොට අකිල ඒ ළමයට කතා කළා. හරිම ආදරෙන් කතා කළා. මාත් එක්ක සම්බන්ධයක් නොවුණ ගාණකට. ඒත් එක්කම මමත් කතා කළා. මම ස්පිකර් ෆෝන් දැම්මා. මටත් ආදරෙන් කතා කළා. එයා කිව්වා මගේ අතින් වුණේ ලොකු වරදක්. මට ඕන ආදරේ ඔයාගෙන් සියයට අසූපහක් ලැබුණා. ඉතුරු සියයට පහළව ගන්න තමයි එයා ළ`ගට ගියේ කියලා. මම ඇහුවා ඒ සියයට පහළව මොකක්ද. එයාව කිට්ටුවෙන්ම ඇසුරු කළාද කියලා. එයා ඔව් කිව්වා. ඊට පස්සේ මම කිව්වා ඔය කතා කරපු දේ අර ගර්ල් අහගෙන ඉන්නේ ඒක ඇත්තද කියලා කියන්න කියලා. අකිල ඒ ළමයටත් කිව්වා එයාව ළ`ගින්ම ඇසුරු කරන්න තමයි එයාට ළං වුණේ කියලා.

එතකොට අකිල දැන් ඔඛෙන් වෙන් වෙලා අනෙත් ගැහැනු ළමයට ආදරේ කරනවද?

ඒ ළමයගේ අම්මා කිව්වා වංචාවක් වුණ නිසා ඒදේට ඉඩ දෙන්නේ නැහැ කියලා. ඒත් මොනවා වෙයිද කියන්න දන්නේ නැහැ.

සම්බන්ධය නතර කළාට පස්සේ අකිල අමන්දාට කතා කළේ නැද්ද?

එයා සැරින් සැරේට කතා කළා. සමාව ඉල්ලුවා. මට ආදරෙයි කිව්වා. ඊට පස්සේ එයා කතා කළාට මම ෆෝන් එක ගත්තේ නැහැ. කොහොම හරි ඒ සිද්ධිය අකිලගේ දෙමාපියන් දැනගෙන ඉඳලා තියෙනවා. ඒ තියෙද්දී තමයි මාව බන්දලා දෙන්න ගියේ. ඒ වගේම මම එයා එක්ක කතා කළේ නැති නිසා අකිල මට එස්.එම්.එස්. එව්වා. ඒවට පිළිතුරු දුන්නේ නැති නිසා අන්තිමට මට එස්.එම්.එස්. එකක් එව්වා මම ඔයාව රැවැට්ටුවේ නැහැ මමයි රැවටුණේ කියලා.

ගැහැනු ළමයෙක් විදිහට සිද්ධ වුණ දේ ගැන අමන්දාට දුකද?

මම හු`ගක් දුක් වුණා. මොකද මම ආදරය කරපු කාලේ අකිල මට සලකපු විදිහ හොඳ නැහැ. මං ගැන හොයලා බැලුවේ නැහැ. ආදරේ කියන්නේ ඒකට නෙවෙයි. දෙන්නාගේම සැපදුක ඛෙදාගෙන ආදරය ආරක්ෂා කරගන්න එකමයි. ඒත් එයා කොයිම මොහොතකවත් මාව ආරක්ෂා කළේ නැහැ. මම එයා ගැන හොයලා බලලා ආදරය දුන්නා. මම බලාපොරොත්තු වුණේ මාව නිතරම බලා ගන්න. මාත් එක්ක ආදරෙන් ඉන්න කෙනෙක්. ඒත් අකිල ඒ හැමදේම කරද්දීත් මම ඉවසාගෙන හිටියා. මීට අවුරුද්දකට විතර කලින් මම ඒවා ඉවසා ගෙන ඉන්න බැරි තැන එයාගෙන අයින් වෙන්න ගියා. ඒත් ඒ හැම මොහොතකම එයා මා වෙනස් කළා. ඉතින් මට ඔය තරම් වංචාවක් කරලා තියෙද්දී මම ඇයි එයා වෙනුවෙන් ඉන්නෙ. මුල් දවස්වල නම් මට ඒ සිද්ධිය දරා ගන්න බැරි වුණා. හු`ගක් දුක්වින්දා. ඒත් මාව රැවැට්ටුවා නේද කියලා හිතාගෙන මම හිත හදාගන්න උත්සාහ ගන්නවා. දැන් නම් දුකක් නැහැ. ලොකු කලකිරීමක් තියෙන්නේ.

අමන්දා මේ සිද්ධිය විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළේ මොන අරමුණකින්ද?

 
එයාට රිද්දන්න නෙවෙයි. එයා තව ගැහැනු ළමයි කී දෙනෙක්ට බලාපොරොත්තු දීලා තියෙනවද දන්නේ නැහැ. මේ සිද්ධි දැන ගත්තොත් කවුරුත් ආයෙමත් රැවටෙන්නේ නැති වෙයි කියලා හිතුවා. ඔය වගේ වංචාකාරයින්ගෙන් ගැහැනු ළමයි ආරක්ෂා කරගන්න ඕන නිසයි කිව්වේ.

සාකච්ඡා සටහන - හර්ෂණී වීරරත්න
 
Top