බුදුරුව සහිත පච්චය නිසා පිටුවහල්කල විදේශීය කතගෙන් පොලිසියට චෝදනා | Gossip lanka news Sinhala News Sinhala Cinema News

නයෝමි කොලමන් නම් 37 හැවිරිදි බ්‍රිතාන්‍යය ජාතික කාන්තාවක් සිය බාහුවේ නෙළුම් මලක වැඩ සිටින බුදු රුවක පච්චයක් සිතුවමක් කොට තිබු හෙයින් ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කොට ඇත.

මුම්බායි සිට මෙරටට නිවාඩුවකට පැමිණි ඇය බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොලේදී ගුවන්තොටුපොළ පොලිස් නිලධාරීන් විසින් නීතිය ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව ඇයව අධිකරණයට ඉදිරිපත්කල පොලිසිය විසින් කරුණු දක්වා ඇත්තේ ඇගේ බාහුවේ ඇති පච්චය අන් අයට දර්ශනය වීම හේතුවෙන්

ශ්‍රී ලාංකික බෞද්ධයන් ගේ සිත් රිදවීමට හා මහජන කැළඹීම් වලට ඉඩ ඇති බවයි. ඒ අනුව අධිකරණය විසින් ඇයව පිටුවහල් කිරීමට නියෝග කොට ඇත.

නමුත් නයෝමි පවසන ආකාරයට ඇය මෙයට පෙර දෙවතාවක් ලංකාවට පැමිණි තැනැත්තියකි. එමෙන්ම ඇය බුදු දහම අදහන කාන්තාවක් බවත් පච්චය අතේ කොටගෙන සිටියේ බුදු දහමට ඇති ගෞරවය නිසාවෙන් බවද මාධ්‍යය හමුවේ ප්‍රකාශකොට ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා පොලිසියට බරපතල චෝදනාවක් එල්ලකරමින් ඇය බී.බී.සී පුවත් සේවය වෙත ප්‍රකාශකොට ඇත්තේ පොලිසිය අයගෙන් මුදල් ඉල්ලු බවත් එසේ මුදල් නොදුන් හෙයින් පොලිසිය විසින් මෙම ක්‍රියාමාර්ගය ගත් බවත් යනුවෙනි.

"මම රැඳවුම් මැදිරියේ ඉන්න කොට පොලිස් සහ රැඳවුම් නිලධාරීන් ඇවිත් කිහිහ වතාවක්ම මගේ බෑග් මලු ඇදල පරීක්ෂා කර මගෙන් සල්ලි ඉල්ලා සිටියාගුවන් තොටුපලේ නිලධාරීන්ගෙන් කිසි ප්‍රශ්නයක් වුනේ නැහැ. ටැක්සි රියදුරන් දෙදෙනෙක් සහ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරියෙක් ඇවිත් කිව්වා මේක නීති විරෝධී බව. මාව පොලිසියට අරන් ගියා. උසාවියේදී මට කතා කරන්න දුන්නේ නැහැ."



 
 
Top