අද බංග්ලාදේශයේ ඩකා හිදී පැවත්වුණ ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාවයේ අවසන් මහ තරගයෙන් පාකිස්තානය පරදවා විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගන්නට ශ්‍රී ලංකාව සමත් වුණා.
පාකිස්තානු කණ්ඩායම සිය පන්දු වාර 50 අවසානයේ දී කඩුළු 5ක් දැවී ලකුණු 260ක් රැස් කර ගැනීමට සමත්ව තිබූ අතර ලංකාව එම ලකුණු සංඛ්‍යාව අභිබවා ගියේ 47 වන ඕවරයේදී කඩුළු 5 ක් පමණක් ලබමිනි.
අද මුලින් පන්දුවට පහරදීමට පැමිණි පාකිස්තානු පිළට ලංකාවේ පන්දු යැවීම තර්ජනයක් වුණා. ලසිත් මාලිංග අද තරගයේ පළමු ඕවරයේ සිට පාකිස්තානයට පීඩනය එල්ල කළ අතර
පළමු ඕවරයේ අවසන් පන්දුවේදී ෂාජිල් කාන් දවා ගැනීමට ඔහු සමත් වුණා. පසුව තුන්වන ඕවරය පන්දුයවන්නට නැවත ආ මාලිංග එහි අවසන් පන්දුවෙන්ද කඩුල්ලක් දවාගත්තා. එවර ඔහු ලබාගත්තේ ලකුණු 5 ක් ලබා සිටි අහමඩ් ෂෙසාඩ්ගේ කඩුල්ලයි. මාලිංග ඊළ`ගට ආවේ 5 වන ඕවරය යවන්නටයි. එහි 3 වන පන්දුවෙන්ද මාලිංග කඩුල්ලක් ගත්තා. ඒ ලකුණු 3ක් ගත් මොහොමඩ් සෆීඩ්ගේ කඩුල්ලයි. ඒ අනුව පාකිස්තානු ඉනිම මුලදී දැඩි පසුබෑමකට ලක්කරන්නට ලසිත් මාලිංගට හැකියාව ලැබීම නිසා ඔවුන්ට සිතූ තරම් විශාල ලකුණු සංඛ්‍යාවකට යන්නට බැරි වුණා.
බිඳ වැටුණ ඉනිම ගොඩනගමින් පකිස්තානු පිල වෙනුවෙන් පවාඩ් අලාම් නොදැවි ලකුණු 114ක් ලබාගත් අතර එය ඔහුගේ පළමු ශතකය ද වුණා.
එසේම නායක මිස්බා උල්හක් ලකුණු 65ක් ලබා ගත් අතර උමාර් අක්මාල් වේගවත් ලකුණු 59ක් ලබා ගැනීමට සමත්වීම නිසා අවසානයේ ලකුණු 260 දක්වා ඔවුන් ගමන් කළා.
පාකිස්තානු ඉනිමේ දැවී ගිය කඩුලු 5ම ලබා ගත්තේ ලසිත් මාලිංග වීම විශේෂත්වයකි.
ඒ අනූව ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය ජය ගැනීම සඳහා ලකුණු 261ක ඉලක්කයක් ලැබුණා.
ආරම්භක පිතිකරුවන් වූ කුසල් පෙරේරා හා ළහිරු තිරිමාන්න ලංකාවට ශක්තිමත් ආරම්භයක් ලබාදුන්නා. පළමු කඩුල්ල ලෙස කුසල් පෙරේරා ලකුණු 42 කට දැවී ගියේ 11 වන ඕවරයේදීය. පසුව පිටියට ආ සංගක්කාර ඊළ`ග පන්දුවේදීම කඩුල්ල මුවා කිරීමට ලක්වී ලකුණු නොලබා දැවී යාම අවාසනාවන්ත සිද්ධියකි. එම අවස්ථාවේ ලංකාවේ ලකුණු පුවරුව සටහන් වූයේ 56 ට කඩුළු 2 ක් ලෙසිනි.කෙසේ වෙතත් තිරිමාන්න සමග එක්වූ මහේල ප්‍රහාරාත්මක පිතිකරණයකට ගිය අතර ලංකාව ශක්තිමත් කරමින් ලකුණු 200 සීමාවද පසුකර ගියේ කඩුළු 2 ක් පමණක් තිබියදීය. 38 වන ඕවරයේදී මහේල ලකුණු 75 ක් ලබා සිටියදී උඩපන්දුවක් ලබාදී දැවී යනවිට ලංකාවේ ලකුණු තත්වය 212 කි. පසුව පිටියට ආවේ ආශාන් ප්‍රියන්ජන්ය. ඔහු ලකුණු 13 ක් ලබා දැවී ගිය පසු තිරිමාන්න සමග එක්වූයේ ඇන්ජලෝ මැතිව්ස්ය.
තිරිමාන්න ලකුණු 101 ක් ලබා සිටියදී 44.1 ඕවරයේදී දැවී ගියේ ජයග්‍රහණය පෙනි පෙනිය. පසුව පිටියට චතුරංග ද සිල්වා පැමිණියා.
ඔවුන් දෙදෙනා අවසන් ඉලක්කය පසුගර ගියේ 46.2 වන ඕවරයේදීය.
අද දවසේ ළහිරු තිරිමාන්න ශ්‍රී ලංකාව වෙනුවෙන් රැස්කළ ලකුණු 101 ක ඉනිම විශිෂ්ට ගණයේ එකකි. ලංකාවට ලකුණු 172 ක්ව තිබියදී තිරිමාන්න සමග ආරෝවකට පැටලන්නට පාකිස්තානු ක්‍රීඩක උමාර් ගුල් උත්සාහ දැරුවුත් එය ගණනකට නොගෙන දිගටම සාර්ථකත්වය දැක්වීමට තිරිමාන්න සමත් වුණා.
තිරිමාන්නගේ 101 මෙන්ම මහේලගේ 75 ද ජයග්‍රහණයට පිටුබලයක් වුණා.
තරගයේ වීරයා වූයේ විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ලසිත් මාලිංගයි.
මෙම තරගාවලියේම අපරාජිතව තරග වැදුණු ශ්‍රී ලංකාව අවසන් තරගයද ජයග්‍රහණය කිරීම විශේෂත්වයකි.
ලකුණු පුවරුව පහතින්
Home
»
»Unlabelled
» ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට