ජනාධිපතිතුමා මං පොඩි වැඩියි කීවා – හිරුණිකා | Gossip lanka news Sinhala News Sinhala Cinema News

තමන්ට වෘත්තීය සමිතිවලට අදාල වගකීමක් බාර දෙන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලූවත් තමන් ඊට පොඩි වැඩි යයි ඔහු පැවසුවේ යයි බස්නාහිර පළාත් සභා අපේක්‍ෂිකා හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය පැවසීය.

ඇය මෙසේ පැවසුවේ ලංකා කම්කරු සමිති මධ්‍ය මණ්ඩලයේ වාර්ෂික සමුළුවට එක්වෙමිනි.

‘ජනාධිපතිතුමාගෙන් වෘත්තීය සමිති වලට අදාළ වගකීමක් බාරදෙන්නයි මම ඉල්ලූවා. ඒකට තවම පොඩි වැඩියි.

වයස අඩුයි කීවා. වෘත්තීය සමිති වලට මම පොදු වුණාට මගේ තාත්තා කළ දේවල් එක්ක ගමනක් යාමේ හැකියාව මට තියෙනවා. මම ඉපදුනේ හැදී වැඩුණේ වෘත්තීය සමිති එක්කයි. ඒ නිසා අනාගතයේදී වෘත්තීය සමිති නායිකාවක් විදිහට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. මං හිතන්නේ ජනාධිපතිතුමන් ඒක තේරුම් ගනීවි’ යැයිද ඇය වැඩිදුරටත් පැවසුවාය.
 
Top