Facebook නිසා මියගිය සිසුවියගේ අවසන් ලියුම | Gossip lanka news Sinhala News Sinhala Cinema News


ෆේස් බුක් ගිනුමකට එක්කල ඡායාරූප මුල්කරගෙන විදුහල්පතිගේ බැන වැදීම නිසා කුරුණෑගල සර් ජෝන් කොතලාවල මිශ්‍ර පාසලේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි පී.බී. වෙනූෂා ඉමන්දි බණ්ඩාර නම් සිසුවිය සාරියකින් ගෙළ වළලාගෙන මියයාම සම්බන්ධ සිද්ධියේ තවත් තොරතුරු දැන් අනාවරණය වනවා.

ඇය විනෝද ගමනකදී කිසියම් තරුණයෙකු සමග පෙනී සිටි ඡායාරූපයක් එම තරුණයාගේ මිතුරෙකු විසින් ටැග්කර ලැබ තිබී ඇගේ ෆේස් බුක් ගිණුම තුළින් දර්ශනයවී ඇත.(මේ වනවිට එම ඡායාරූපය ඉවත්කර ඇත) විදුහලේ නම හා සංකේත සහිත ඡායාරූපද විදුහල්පති පෙනීසිටි උත්සව අවස්ථාවක ඡායාරූපද මෙම සිසුවියගේ ෆේස් බුක් ගිණුමේ ඡායාරූප එකතුවෙහි තිබූ අතර විදුහල්පතිවරයාට මේ ගැන ආරංචිවී පසුගිය දිනෙක ඇය කැඳවා මේ ගැන අවවාද කර තිබුණා.

විදුහල්පතිට කේන්ති ගොස් ඇත්තේ විදුහලේ නම හා තමන්ගේ ඡායාරූපද සහිතව විදුහල් අනන්‍යතාව ඇඟවෙන පරිදි

පවත්වාගෙන ගොස් තිබුණ ෆේස්බුක් පිටුවෙහි ඇය පෙම්වතෙකු සමග සිටින ඡායාරූපද ඇතුළත්වීමෙන් විදුහලේ විනය සම්බන්ධ අපකීර්තියක් පැනනගින බවකි. මෙම ඡායාරූපය තමා විසින් ඇතුළත් කරන ලද්දක් නොවන බවටත් වෙනත් අයෙකු ටැග් කරන ලද එකක් නිසා තමන්ගේ පිටුවේ පෙනෙන බවටත් ඇය විදුහල්පතිවරයාට කොතෙක් පැහැදිලි කරත් තාක්ෂණය ගැන හසල දැනුමක් නොවුණ විදුහල්පතිවරයාට මෙම සංසිද්ධිය තාක්ෂණිකව තේරුම් ගන්නට හැකියාවක් තිබි නැත. ඔහු දිගින් දිගටම පවසා ඇත්තේ විදුහලට සිදු කර ඇති අපකීර්තියක් ගැනය.

සිසුවිය මියයන්නට පෙර ලියාතැබූ ලියුමෙහි සඳහන් කරන ආකාරයට ඇයට පෙම්වතෙකු සිටින බව පිළිගෙන ඇත.එහි සඳහන් ආකාරයට විදුහල්පතිවරයා බැණ වැදී ඇත්තේ අසභ්‍ය පරුෂ වචනද භාවිත කරමිනි. ඒ පිරිසක් ඉදිරියේය.

ජාතික ශිෂ්‍යභට බලකායේ හමුදා පුහුණුව ලබා කැඩෙට් පුහුණුකරවන ගුරුවරයෙකු වශයෙන්ද කටයුතු කර තිඛෙන සැර පරුෂ ගතිගුණ ඇතැයි කියන විදුහල්පතිවරයා පාසලේ විනය තදින්ම සලකන පුද්ගලයෙකු වූ අතර ඔහු මේ සිද්ධියේදී ඇයට එරෙහිව තදින්ම සිට තිඛෙනවා.


සඳුදා දිනයේ සිද්ධිය සිදුවී නිදහස් දිනය යෙදුණ අඟහරුවාදාට පසුදා බදාදා විදුහල්පතිවරයා ඇගේ පියාව පාසලට කැඳවා එන ලෙස ඇයට පවසා ඇති අතර ඇය නිවසට ගොස් පියාට මේ ගැන කියා සිටියත් ඒ සමගම කියා ඇත්තේ මං කරපු නැති වරදකට මොකටද තාත්තා ගිහින් සමාව ගන්නේ.තාත්තා යන්න ඕන නෑ මං වෙන ඉස්කෝලෙකට මාරු වෙන්නම් ලෙසිනි.

ඇය විදුහල්පති පියා කැටුව එන්න කියූ බදාදා දවසේ දිවිනසාගෙන තිබුනේ මෙම පසුබිමෙහිය. ඇය දිවි නසාගන්නට පෙර පිටු තුනක ලියුමක් ලියා තිබුණ අතර නිවසේ බාල්කයක සාරියකින් එල්ලී මියගොස් තිබුණා. සිද්ධිය සිදුවූ පසු නිවසේ සිටි සේවිකාවක ඇයට කෑම දෙන්නට කාමරයට ගිය විට සිද්ධිය දැක ඇගේ පියාට දන්වා තිබුණා. ඒවනවිටත් මියගොස් තිබුණ ඇය රෝහල් ගතකිරීමෙන් පළක්වී නැත.


දියණියන් තිදෙනෙකු සිටින පියා මෙම නිවසේ වාසය කරන අතර මියගිය වෙනුෂා ඔහුගේ දෙවන දියණියයි. වැඩිමල් දියණිය රැකියාවක් කරන බවත් බාල දියණිය වෙනුෂා සිටින පාසලේම ඉගෙන ගන්නා බවත් වාර්තා වුනා. මව පියා අතර පවතින ආරවුල් තත්වයක් නිසා මව සිටින්නේ ඔවුන්ගේන් දුරස්වයි. වෙනුෂාගේ මව ඇය සමග කතා කරන්නේ නැති බවද ඇගේ අවසන් ලියුම සාක්ෂි දරනවා.


නිවස ඉදිරිපස ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යන පියා වෙනුෂාගේ කටයුතු සොයා බලන බව කියැවුණා. ෆේස්බුක් ප්‍රශ්නය ගැන ඔහු දැන සිටියත් මෙය මේ තරම් බරපතල එකක් වනු ඇතැයි ඔහු සිතා නැත. විදුහල්පතිවරයා දොස් කියූ නිසා ඇය කලකිරී සිටි බව පියා දැන සිට ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් විදුහල්පතිවරයා පවසන්නේ තමා පාසලේ විනය ගැන තදින්ම සිටින පුද්ගලයෙකු බවත් පාසලේ පැමිණිලි පෙට්ටියට ලැබුණ නිර්නාමික ලියුමකින් මේ ෆේස්බුක් ප්‍රශ්නය දැනගන්නට ලැබුණ බවත්ය. ඒ දැක ෆේස්බුක් පරීක්ෂා කිරීමේදි ඇය තමාගේත් විදුහලේ අනන්‍යාවත් ඇ`ගවෙන ආකාරයට පවත්වා යන පිටුවේ ඇගේ පුද්ගලික සම්බන්ධයක් සම්බන්ධ අනවශ්‍ය ඡායාරූප ප්‍රසිද්ධ කර තිබීම ගැන දැකගන්නට ලැබුණ බවත්ය. ඒ අනුව තවත් ගුරුවරුන් දෙදෙනෙකු සිටි කාර්යාල කාමරයට ඇය ගෙන්වා අවවාද කළ බවත් එතැන විශාල පිරිසක් නොසිටි බවත් ඔහු පවසනවා. ඒ අතරම ඔහු කියන්නේ තමා කියූ සියලූ කරුණු බොරු නොවන බව ඇය පිළිගත් බවයි. මේ ගැන කතා කරන්නට පියාව රැගෙන එන ලෙස දන්වා ඇය පිටත් කළ පසු මේ අවාසනාවන්ත සිද්ධිය ආරංචි වූ බවයි.

මේ අතරම ඔහු පවසන්නේ ඇය පවුලේ ප්‍රශ්න නිසා මානසික පීඩනයෙන් කල් ගත කළ සිසුවියක බවත් පියා හා මව අතර පවතින ආරවුල් නිසා ඇයට පැවති මානසික පීඩාව දැන ගෙන ඇයව පාසලේ මානසික උපදේශිකාවට යොමු කර තිබුණ සිසුවියක බවත්ය.


මේ අතර ඇගේ මානසික ප්‍රශ්න විමසා බැලු බව පැවසෙන ප්‍රභා රණසිංහ නමැති මානසික උපදේශිකාව පවසන්නේ වෙනුෂාගේ ලියුමෙන් කරුණු හෙළිකර තිඛෙන ආකාරයට වඩා වෙනස් තත්වයක් මේ සංසිද්ධිය පසුපස ඇති බවයි.ඇගේ මරණයට සෘජු ලෙසම ෆේස් බුක් නිසා විදුහල්පතිගේ බැණවැදීම බලපාන්නට ඇතැයි තමා නොසිතන බවයි. ඇයගේ නිවසේ මව පියා දිගු කලෙක පටන් කථාබහ කිරීම පවා නවතා වෙනම ජීවත්ව සිටින බවත් ඇගේ ප්‍රශ්න කියන්නට කෙනෙක් නැතිව විශාද මානසික තත්වයෙන් ඇය පීඩා විඳි බවත් ඒ ගැන ඇගේ ෆේස් බුක් ගිණුමෙහි තිබුණ කවිපද සාක්ෂි දරන බවද උපදේශිකාව පවසනවා. තමන්ට නොලැබුණ ආදරය සොයා ඇය ගමන් කළ ගමනේ අතරමංවී සිටි බවත් අත්දැකීම් අඩු වයසක සිටි ඇයට මේ කරදර අනපේක්ෂිත ආකාරයට සිතට වදදෙන්නට ඇතැයිද මෙම මරණය මානසික ප්‍රශ්නයක් මත සිද්ධවූ මරණයක් බවද උපදේශිකාව පවසා තිඛෙනවා.

මියගිය වෙනුෂාගේ අවසන් ලියුම පහත පරිදිය 




 
Top